එස්රා 6:13-22
එස්රා 6:13-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට දාරෙයාවෙෂ් රජු එවූ වචනයට අනුව ගඟ එගොඩ පළාත් ආණ්ඩුකාර තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද ඔවුන්ගේ හවුල්කරුවන් ද දාරෙයාවෙෂ් රජු විසින් එවන ලද නියෝගය උද්යෝගිමත් ව ඉටු කළහ. එබැවින් යුදෙව් වැඩිහිටියෝ දිවැසිවර හග්ගයිගේත්, ඉද්දෝගේ පුත්‍ර සෙකරියාගේත් දිවැස් වැකි පැවසීම යටතේ ගොඩ නගා, සඵල වූහ. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ ආඥාවටත්, කෝරෙෂ්, දාරෙයාවෙෂ් හා අර්තාෂස්තා යන පර්සියානු රජුන්ගේ නියෝගයනටත් අනුව ඔවුහු ඉදිකිරීමේ කටයුතු නිම කළහ. දාරෙයාවෙෂ් රජුගේ හය වන අවුරුද්දේ අදාර් මාසයේ තුන් වන දා ගෘහය සාදා සම්පූර්ණ කෙරිණි. ඉන්පසු පූජකයින්, ලෙවීවරුන් හා පිටුවහල් ව සිට ආපසු පැමිණි සෙස්සන් යන ඉශ්‍රායෙල් ජනයා, දෙවියන්වහන්සේගේ ගෘහය කැප කිරීම ප්‍රීති ප්‍රමෝදයෙන් යුතු ව පැවැත් වූහ. දෙවියන්වහන්සේගේ මේ ගෘහය කැප කිරීම සඳහා ඔවුහු ගවයින් සියයක් ද බැටළුවන් දෙසියයක් ද බැටළු පැටවුන් හාරසියයක් ද මුළු ඉශ්‍රායෙල් උදෙසා පාප පූජාවක් සඳහා ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ ගණන අනුව එළුවන් දොළොස් දෙනකු ද ඔප්පු කළහ. තවද මෝසෙස්ගේ පොතේ ලියා ඇති පරිදි ඔවුහු යෙරුසලමේ දෙවියන්වහන්සේගේ සේවය සඳහා පූජකයින් ඔවුන්ගේ පන්ති අනුව ද ලෙවීවරුන් ඔවුන්ගේ කණ්ඩායම් අනුව ද තෝරා පත් කළහ. පිටුවහල් ව සිට ආපසු පැමිණියෝ පළමු මස දාහතර වන දවසේ පාස්කුව පැවැත් වූහ. පූජකයෝ හා ලෙවීයයෝ තුමූම පිරිසිදු වූහ. ඔවුන් සියල්ලෝ පවිත්‍ර ව සිටියහ. පිටුවහල් ව සිට ආපසු පැමිණි සියල්ලන් උදෙසාත්, තම සහෝදර පූජකයින් උදෙසාත්, තමන් උදෙසාත් ඔවුහු පාස්කු බැටළු පැටවා මැරූහ. පිටුවහල් ව සිට ආපසු පැමිණි ඉශ්‍රායෙල්වරු හා ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සොයන පිණිස, තම විජාතික අසල්වාසීන්ගේ අපවිත්‍ර සිරිත්-විරිත්වලින් වෙන් ව සිටි සියලු ඉශ්‍රායෙල්වරු එයින් කෑහ. මෙසේ හත් දවසක් ඔවුහු නුමුහුන් රොටි මංගල්‍යය ප්‍රීතියෙන් සැමරූහ. එසේ කළේ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩ කටයුතුවලට සහාය දක්වන පිණිස, අසිරියාවේ රජුගේ ආකල්පය වෙනස් කිරීමෙන් ස්වාමින්වහන්සේ ඔවුන් ප්‍රීතියෙන් පුරවා තිබූ බැවිනි.
එස්රා 6:13-22 Sinhala Revised Old Version (SROV)
එවිට ගඟ මෙගොඩ සිටි දිශාධිපති තැනවූ තත්තෙනයිද ෂෙතර්-බෝසෙනයිද ඔවුන්ගේ සහකාරයෝද දාරියුෂ් රජු විසින් ආඥාව එවූ බැවින් ඉක්මනින් ඒ හැටියට කළෝය. යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලෝද අනාගතවක්තෘවූ හග්ගයිගෙත් ඉද්දෝගේ පුත්‍රවූ ශෙකරියාගෙත් අනාගතවාක්‍ය හේතුකොටගෙන ගොඩනගා සඵලවූවෝය. ඔව්හු ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේගේ ආඥාවේ හැටියටත් කෝරෙෂ්ගේද දාරියුෂ්ගේද පාර්සියාවේ රජවූ අර්තක්ෂස්තාගේද නියෝගයේ හැටියටත් ගොඩනගා නිමකළෝය. දාරියුෂ් රජුගේ රජකම්කිරීමේ හවෙනි අවුරුද්දේ අදාර් මාසයේ තුන්වෙනි දින මේ ගෘහය නිමකරන ලද්දේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝද පූජකයෝද ලෙවීවරුද වාල්කමෙන් මිදී ආවාවූ අනික් අයද දෙවියන්වහන්සේගේ ගෘහයේ කැපකිරීමේ කෘත්‍යය ප්‍රීතියෙන් පැවැත්තුවෝය. තවද ඔව්හු දෙවියන් වහන්සේගේ මේ ගෘහය කැපකිරීමේදී ගොනුන් සියයක්ද බැටළුවන් දෙසියයක්ද බැටළුපැටවුන් හාරසියයක්ද ඉශ්‍රායෙල්හි ගෝත්‍රවල ගණන ලෙස සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා පාප පූජාවක් කොට එළුවන් දොළොස්දෙනෙක්ද ඔප්පුකළෝය. මෝසෙස්ගේ පොතේ ලියා තිබෙන ප්‍රකාරයට ඔව්හු පූජකයන් ඔවුන්ගේ කොට්ඨාසවල හැටියටත් ලෙවීවරුන් ඔවුන්ගේ පංක්තිවල හැටියටත් යෙරුසලමෙහි දෙවියන්වහන්සේගේ මෙහෙය පිණිස පත්කළෝය. වහල්කමෙන් මිදී ආ තැනැත්තෝ පළමුවෙනි මාසයේ දහහතරවෙනි දින පාස්කුව පැවැත්තූහ. මක්නිසාද පූජකයෝද ලෙවීවරුද එක්කෙනෙකු මෙන් පිරිසිදුවී සිටියෝය; ඔවුන් සියල්ලෝ පිරිසිදුව සිට, වාල්කමෙන් මිදී ආ සියල්ලන් උදෙසාද පූජකයන්වූ තමුන්ගේ සහෝදරයන් උදෙසාද තමුන්ම උදෙසාද පාස්කු බැටළුපැටවුන් මැරුවෝය. එසේ වාල්කමෙන් හැරී ආ ඉශ්‍රායෙල් පුත්‍රයෝත් ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයන්ට දේශයේ ජාතීන්ගේ අපිරිසිදුකමෙන් වෙන්වී ඔවුන්ට එකතුවුණ සියල්ලොත් පාස්කුව වළඳා, මුහුන් නොදැමූ රොටි මංගල්‍යය සත් දවසක් ප්‍රීතියෙන් පැවැත්තුවෝය. මක්නිසාද දෙවියන්වහන්සේගේ එනම් ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩට ඔවුන්ගේ අත් සවිකරන හැටියට අෂූර්හි රජුගේ සිත ඔවුන් වෙතට හැරවීමෙන් ස්වාමීන්වහන්සේ ඔවුන් ප්‍රීතිකෙරෙවුසේක.
එස්රා 6:13-22 Sinhala New Revised Version (NRSV)
එවිට යුප්‍රටීස් ගඟින් මෙගොඩ සිටි දිශාධිපති තැන වූ තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද ඔවුන්ගේ සහකාරයෝ ද දාරියුස් රජු විසින් කරන ලද නියමයන් අකුරට ම ඉටු කළෝ ය. ජුදෙව්වරුන්ගේ ප්‍රජා මූලිකයෝ ද දිවැසිවර හග්ගයිගේත්, ඉද්දෝගේ පුත් ශෙකරියාගේත් දිවැස් වැකියෙන් උනන්දු වී දේව මාලිගාව ගොඩනැඟීම සාර්ථක ලෙස කරගෙන ගියහ. ඔව්හු ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ ආඥාවේ හැටියටත්, සයිරස්ගේ ද දාරියුස්ගේ ද පර්සියාවේ රජ වූ අර්තක්ෂස්තාගේ ද නියෝගයේ හැටියටත් මාලිගාව ගොඩනඟා නිම කළෝ ය. දාරියුස් රජුගේ රාජ්‍ය කාලයේ හය වන අවුරුද්දේ අදාර් මාසයේ තුන් වන දින මේ මාලිගාව සාදා නිම කරන ලදී. ඉශ්රායෙල් සෙනඟ වන පූජකවරු ද ලෙවීවරු ද විප්‍රවාසයෙන් මිදී පැමිණි සෙසු අය ද දෙවියන් වහන්සේගේ මාලිගාව කැප කිරීමේ උත්සවය මහා හරසරින් පැවැත්වූ හ. තවද, ඔව්හු දෙවියන් වහන්සේගේ මාලිගාව කැප කිරීමේ දී ගොනුන් සියයක් ද බැටළුවන් දෙසියයක් ද බැටළු පැටවුන් හාරසියයක් ද ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍රවල ගණන ලෙස සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා පාප පූජාවක් වශයෙන් එළුවන් දොළොස් දෙනෙකු ද ඔප්පු කළෝ ය. මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ නියම කර තිබෙන ප්‍රකාරයට ඔව්හු තමන්ගේ පූජකයන් ඔවුන්ගේ කොට්ඨාශවල හැටියටත්, ලෙවීවරුන් ඔවුන්ගේ පංතිවල හැටියටත් ජෙරුසලමෙහි දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවය පිණිස පත් කළෝ ය. විප්‍රවාසයෙන් මිදී ආ අය පළමු වන මාසයේ දහහතර වන දින පාස්කු මංගල්‍යය පැවැත්වූ හ. පූජකවරු ද ලෙවීවරු ද එක් කෙනෙකු වත් නෑර සියලු දෙන ම පිරිසිදු වී සිටියෝ ය. ඔව්හු සියල්ලෝ පිරිසිදු ව සිට විප්‍රවාසයෙන් මිදී ආ සියල්ලන් උදෙසා ද, පූජකයන් වූ තමන්ගේ සහෝදරයන් උදෙසා ද තමන් ම උදෙසා ද පාස්කු මංගල්‍යය සඳහා බැටළු පැටවුන් මැරූ හ. එසේ විප්‍රවාසයෙන් හැරී ආ ඉශ්රායෙල් සෙනඟත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ සොයන පිණිස අවට ජාතීන්ගේ අපිරිසිදුකමෙන් වෙන් වී ඉශ්රායෙල්වරුන්ට එකතු වූ සියල්ලෝත් පාස්කුව වැළඳූ හ. ඔව්හු මුහුන් නොදැමූ රොටි මංගල්‍යය සත් දවසක් හරසරින් පැවැත්වූ හ. මන්ද, දෙවියන් වහන්සේගේ එනම්, ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩට ඔවුන් දිරි ගන්වන අසිරියාවේ රජුගේ සිත ඔවුන්ට ප්‍රියමනාප වන ලෙස වෙනස් කිරීමෙන් සමිඳාණන් වහන්සේ ඔවුන් ප්‍රීතියෙන් පිනවූ සේක.
එස්රා 6:13-22 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට යුප්‍රටීස් ගඟින් මෙගොඩ සිටි දිශාධිපති තැන වූ තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද ඔවුන්ගේ සහකාරයෝ ද දාරියුස් රජු විසින් කරන ලද නියමයන් අකුරට ම ඉටු කළෝ ය. ජුදෙව්වරුන්ගේ ප්‍රජා මූලිකයෝ ද දිවැසිවර හග්ගයිගේත්, ඉද්දෝගේ පුත් ශෙකරියාගේත් දිවැස් වැකියෙන් උනන්දු වී දේව මාලිගාව ගොඩනැඟීම සාර්ථක ලෙස කරගෙන ගියහ. ඔව්හු ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ ආඥාවේ හැටියටත්, සයිරස්ගේ ද දාරියුස්ගේ ද පර්සියාවේ රජ වූ අර්තක්ෂස්තාගේ ද නියෝගයේ හැටියටත් මාලිගාව ගොඩනඟා නිම කළෝ ය. දාරියුස් රජුගේ රාජ්‍ය කාලයේ හය වන අවුරුද්දේ අදාර් මාසයේ තුන් වන දින මේ මාලිගාව සාදා නිම කරන ලදී. ඉශ්රායෙල් සෙනඟ වන පූජකවරු ද ලෙවීවරු ද විප්‍රවාසයෙන් මිදී පැමිණි සෙසු අය ද දෙවියන් වහන්සේගේ මාලිගාව කැප කිරීමේ උත්සවය මහා හරසරින් පැවැත්වූ හ. තවද, ඔව්හු දෙවියන් වහන්සේගේ මාලිගාව කැප කිරීමේ දී ගොනුන් සියයක් ද බැටළුවන් දෙසියයක් ද බැටළු පැටවුන් හාරසියයක් ද ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍රවල ගණන ලෙස සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා පාප පූජාවක් වශයෙන් එළුවන් දොළොස් දෙනෙකු ද ඔප්පු කළෝ ය. මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ නියම කර තිබෙන ප්‍රකාරයට ඔව්හු තමන්ගේ පූජකයන් ඔවුන්ගේ කොට්ඨාශවල හැටියටත්, ලෙවීවරුන් ඔවුන්ගේ කාණ්ඩවල හැටියටත් ජෙරුසලමෙහි දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවය පිණිස පත් කළෝ ය. විප්‍රවාසයෙන් මිදී ආ අය පළමු වන මාසයේ දහහතර වන දින පාස්කු මංගල්‍යය පැවැත්වූ හ. පූජකවරු ද ලෙවීවරු ද එක් කෙනෙකු වත් නෑර සියලු දෙන ම පිරිසිදු වී සිටියෝ ය. ඔව්හු සියල්ලෝ පිරිසිදු ව සිට විප්‍රවාසයෙන් මිදී ආ සියල්ලන් උදෙසා ද, පූජකයන් වූ තමන්ගේ සහෝදරයන් උදෙසා ද තමන් ම උදෙසා ද පාස්කු මංගල්‍යය සඳහා බැටළු පැටවුන් මැරූ හ. එසේ විප්‍රවාසයෙන් හැරී ආ ඉශ්රායෙල් සෙනඟත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ සොයන පිණිස අවට ජාතීන්ගේ අපිරිසිදුකමෙන් වෙන් වී ඉශ්රායෙල්වරුන්ට එකතු වූ සියල්ලෝත් පාස්කුව වැළඳූ හ. ඔව්හු මුහුන් නොදැමූ පූප මංගල්‍යය සත් දවසක් හරසරින් පැවැත්වූ හ. මන්ද, දෙවියන් වහන්සේගේ එනම්, ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩට ඔවුන් දිරි ගන්වන අසිරියාවේ රජුගේ සිත ඔවුන්ට ප්‍රියමනාප වන ලෙස වෙනස් කිරීමෙන් සමිඳාණන් වහන්සේ ඔවුන් ප්‍රීතියෙන් පිනවූ සේක.
එස්රා 6:13-22 New International Version (NIV)
Then, because of the decree King Darius had sent, Tattenai, governor of Trans-Euphrates, and Shethar-Bozenai and their associates carried it out with diligence. So the elders of the Jews continued to build and prosper under the preaching of Haggai the prophet and Zechariah, a descendant of Iddo. They finished building the temple according to the command of the God of Israel and the decrees of Cyrus, Darius and Artaxerxes, kings of Persia. The temple was completed on the third day of the month Adar, in the sixth year of the reign of King Darius. Then the people of Israel—the priests, the Levites and the rest of the exiles—celebrated the dedication of the house of God with joy. For the dedication of this house of God they offered a hundred bulls, two hundred rams, four hundred male lambs and, as a sin offering for all Israel, twelve male goats, one for each of the tribes of Israel. And they installed the priests in their divisions and the Levites in their groups for the service of God at Jerusalem, according to what is written in the Book of Moses. On the fourteenth day of the first month, the exiles celebrated the Passover. The priests and Levites had purified themselves and were all ceremonially clean. The Levites slaughtered the Passover lamb for all the exiles, for their relatives the priests and for themselves. So the Israelites who had returned from the exile ate it, together with all who had separated themselves from the unclean practices of their Gentile neighbors in order to seek the LORD, the God of Israel. For seven days they celebrated with joy the Festival of Unleavened Bread, because the LORD had filled them with joy by changing the attitude of the king of Assyria so that he assisted them in the work on the house of God, the God of Israel.