එසකියෙල් 8:6-10

එසකියෙල් 8:6-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එතුමෝ මා අමතමින්, “මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් කරන දේ ඔබට පෙනෙනවා ද? මගේ ශුද්ධස්ථානය වෙතින් ඈතට මා පලවා හැරෙන අතිශය පිළිකුල්කම් ඉශ්‍රායෙල් වංශය මෙහිදී කරන හැටි පෙනේ ද! ඇරත්, මීටත් වඩා බොහෝ පිළිකුල් දෑ ඔබට දකිනු හැකි වෙතැ” යි පැවසූහ. ඉන්පසු එතුමාණෝ මළුවේ පිවිසුමට මා ගෙන ආහ. මම බැලුවෙමි. එවිට මෙන්න! බිත්තියේ සිදුරක්! එතුමාණෝ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, බිත්තිය හාරන්නැ” යි පැවසූහ. එබැවින් මම බිත්තිය හෑරුවෙමි. එවිට මෙන්න දොරකඩක්! එතුමාණෝ මා අමතමින්, “ඇතුළට ගොස්, ඔවුන් මෙහිදී කරන අධම පිළිකුල්කම් බලන්නැ” යි පැවසූහ. එබැවින් මම ඇතුළට ගොස්, බැලුවෙමි. එවිට මෙන්න බිත්ති මුළුල්ලේ ම චිත්‍ර! සියලු වර්ගවල උරගයින් හා අපවිත්‍ර සතුන්ගෙන් ද ඉශ්‍රායෙල් වංශයේ සියලු දේව පිළිමවල ද චිත්‍ර.

එසකියෙල් 8:6-10 Sinhala Revised Old Version (SROV)

උන්වහන්සේද: මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් කරන දේ එනම් මා විසින් මාගේ ශුද්ධස්ථානයෙන් දුරුව යන හැටියට ඉශ්‍රායෙල් වංශය මෙහි කරන මහත් පිළිකුල්කම් නුඹට පෙනෙන්නේද? එහෙත් නුඹ තව මහත් පිළිකුල් දේ නැවතත් දකින්නෙහියයි මට කීසේක. උන්වහන්සේ මළුවේ දොරකඩට මා ගෙනාසේක; මම බැලූ විට භිත්තියේ සිදුරක් තිබෙනවා දුටිමි. එකල උන්වහන්සේ: මනුෂ්‍ය පුත්‍රය භිත්තිය හාරන්නැයි මට කීසේක. මම භිත්තිය හෑරූ කල දොරකඩක් දුටිමි. උන්වහන්සේද ඇතුළට ගොස් ඔවුන් මෙහි කරන නපුරු පිළිකුල්කම් බලන්නැයි මට කීසේක. මම ඇතුල්වී බැලූ විට, බඩගා යන සියලු ආකාර සතුන්ගෙන් පිළිකුල් තිරිසනුන්ගෙත් රූපද ඉශ්‍රායෙල් වංශයේ සියලු දේවරූපද භිත්තියේ වටකරින්ම සිතියම්කර තිබෙනවා දුටිමි.

එසකියෙල් 8:6-10 Sinhala New Revised Version (NRSV)

උන් වහන්සේ ද කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් කරන දේ එනම්, මාගේ ශුද්ධස්ථානයෙන් මා පලවා හරින පිණිස ඉශ්රායෙල් සෙනඟ මෙහි කරන මහා පිළිකුල්කම් නුඹට පෙනෙන්නේ නැද් ද? මීටත් වඩා පිළිකුල් දෙයක් නැවතත් නුඹ දකින්නෙහි ය”යි මට වදාළ සේක. උන් වහන්සේ මළුවේ දොරකඩට මා ගෙනා සේක; මම බැලූ විට බිත්තියේ සිදුරක් තිබෙනු දිටිමි. එකල උන් වහන්සේ කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, බිත්තිය හාරන්නැ”යි මට වදාළ සේක, මම බිත්තිය හෑරූ කල දොරටුවක් දිටිමි. උන් වහන්සේ කතා කරමින්, “ඇතුළට ගොස් ඔවුන් මෙහි කරන නපුරු පිළිකුල්කම් බලන්නැ”යි මට වදාළ සේක. මම ඇතුළු වී බැලූ විට, බඩගා යන සියලු ආකාර සතුන්ගේත්, පිළිකුල් තිරිසනුන්ගේත් රූප ද ඉශ්රායෙල් වංශයේ සියලු දේව රූප ද බිත්තියේ වටේට සිතියම් කර තිබෙනු දිටිමි.

එසකියෙල් 8:6-10 Sinhala New Revised Version 2018 (SNRV)