එසකියෙල් 8

8
යෙරුසලමේ පැවති රූප වන්දනාව
1තවද හවෙනි අවුරුද්දේ හවෙනි මාසයේ පස්වෙනිදා මා මාගේ ගෙදරද, යූදාහි වැඩිමහල්ලන් මා ඉදිරියෙහිද හිඳගනඋන් කල, ස්වාමිවූ දෙවියන්වහන්සේගේ හස්තය එහිදී මා පිටට පැමුණුණේය. 2මම බැලූ විට ගින්නේ පෙනීමක් වැනි ස්වරූපයක් දුටිමි; උන්වහන්සේගේ ඉඟටිය වැනිවූ පෙනීමේ සිට පහළට ගිනිද උන්වහන්සේගේ ඉඟටියේ සිට ඉහළට දීප්තිමත් පිත්තලවල දිලිහීම මෙන් බැබළෙන පෙනීමක්ද තිබුණේය. 3උන්වහන්සේ අතක ආකාරයක් දිගුකොට මාගේ හිසේ රොදකින් මා අල්වාගත්සේක; ආත්මයද දෙවියන්වහන්සේගේ දර්ශනවලින් පොළොවටත් අහසටත් අතරේ මා උස්සාගන ගොස්, යෙරුසලමේ උතුරු දෙසට තිබෙන්නාවූ, ස්වාමීන්වහන්සේගේ ජ්වලිතය උපදවන ජ්වලිතකමේ රූපාසනය තිබෙන්නාවූ, ඇතුල් දොරටුවට මා පැමිණෙවුවේය. 4එවිට මා විසින් සමභූමියෙහි දුටු පෙනීම මෙන් ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ තේජස එහි තිබෙනවා දුටිමි. 5උන්වහන්සේද: මනුෂ්‍ය පුත්‍රය, නුඹේ ඇස් දැන් උතුරු දෙසට ඔසවන්නැයි මට කීසේක. මම උතුරු දෙසට මාගේ ඇස් එසෙවු කල පූජාසනයේ දොරටුවට උතුරෙන්, ඇතුල්වෙන තැන, ඒ ජ්වලිතකම උපදවන රූපය තිබෙනවා දුටිමි. 6උන්වහන්සේද: මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් කරන දේ එනම් මා විසින් මාගේ ශුද්ධස්ථානයෙන් දුරුව යන හැටියට ඉශ්‍රායෙල් වංශය මෙහි කරන මහත් පිළිකුල්කම් නුඹට පෙනෙන්නේද? එහෙත් නුඹ තව මහත් පිළිකුල් දේ නැවතත් දකින්නෙහියයි මට කීසේක. 7උන්වහන්සේ මළුවේ දොරකඩට මා ගෙනාසේක; මම බැලූ විට භිත්තියේ සිදුරක් තිබෙනවා දුටිමි. 8එකල උන්වහන්සේ: මනුෂ්‍ය පුත්‍රය භිත්තිය හාරන්නැයි මට කීසේක. මම භිත්තිය හෑරූ කල දොරකඩක් දුටිමි. 9උන්වහන්සේද ඇතුළට ගොස් ඔවුන් මෙහි කරන නපුරු පිළිකුල්කම් බලන්නැයි මට කීසේක. 10මම ඇතුල්වී බැලූ විට, බඩගා යන සියලු ආකාර සතුන්ගෙන් පිළිකුල් තිරිසනුන්ගෙත් රූපද ඉශ්‍රායෙල් වංශයේ සියලු දේවරූපද භිත්තියේ වටකරින්ම සිතියම්කර තිබෙනවා දුටිමි. 11ඉශ්‍රායෙල් වංශයේ වැඩිමහල්ලන්ගෙන් සැත්තෑ දෙනෙක්ද ඔවුන් මැද ෂාපාන්ගේ පුත්‍රවූ යාසනියාද එක එකා තම තමාගේ අතේ තම තමාගේ දුම් භාජනය ඇතුව ඒවා ඉදිරියෙහි සිටියෝය; දුම් වලාකුළේ සුගන්ධය ඉහළට නැංගේය. 12එවිට උන්වහන්සේ: මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශයේ වැඩිමහල්ලන් අන්ධකාරයෙහි එක එකා තම තමාගේ රූප ගබඩාවලදී කරන දේ දුටුවෙහිද? මක්නිසාද: ස්වාමීන්වහන්සේ අප දකින්නේ නැත; ස්වාමීන්වහන්සේ දේශය අත්හැරියසේකැයි ඔව්හු කියතියි මට කීසේක. 13ඔවුන් කරන තවත් මහත් පිළිකුල්කම් නුඹ නැවත දකින්නෙහියයි උන්වහන්සේ මට කීසේක. 14එකල උන්වහන්සේ උතුරට තිබෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දොරටුවේ දොරකඩට මා ගෙනාසේක; එවිට ස්ත්‍රීන් තම්මුස් ගැන අඬමින් එහි ඉඳගෙන ඉන්නවා දුටිමි. 15උන්වහන්සේද: මනුෂ්‍ය පුත්‍රය, නුඹ මේක දුටුවෙහිද? තවත් මේවාට වඩා මහත් පිළිකුල්කම් නැවත නුඹ දකින්නෙහියයි මට කීසේක. 16උන්වහන්සේ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඇතුල්මළුවට මා ගෙනාසේක, බලව, එහි මනුෂ්‍යයන් විසිපස් දෙනෙක් පමණ ස්වාමීන්වහන්සේගේ මාළිගාවේ දොරකඩ ද්වාර මණ්ඩපය සහ පූජාසනය අතරේ ස්වාමීන්වහන්සේගේ මාළිගාවට තමුන්ගේ පිටද නැගෙනහිරට තමුන්ගේ මුහුණද හරවාගෙන, නැගෙනහිර දෙස සූර්යයාට නමස්කාරකළෝය. 17එවිට උන්වහන්සේ: මනුෂ්‍ය පුත්‍රය, ඒක දුටුවෙහිද? යූදා වංශය මෙහි කරන පිළිකුල්කම්කිරීම ඔවුන්ට සුළු දෙයක්ද? මක්නිසාද ඔව්හු දේශය බලාත්කාරකමෙන් පුරවා තිබේ, ඔව්හු නැවත නැවත මා කෝපකරති. බලව, ඔව්හු අත්ත තමුන්ගේ නාසයට අල්ලති. 18එබැවින් මමත් කෝපයෙන් ක්‍රියාකරන්නෙමි. මාගේ ඇස දයා නොකරන්නේය, මම කරුණා නොකරන්නෙමි. ඔවුන් මහත් හඬකින් මාගේ කන්වලට මොරගැසුවත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නෙමියි මට කීසේක.

දැනට තෝරාගෙන ඇත:

එසකියෙල් 8: SROV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න