එසකියෙල් 45:9
එසකියෙල් 45:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඇති! ඇති! එම්බා ඉශ්රායෙල් අධිපතියනි, නුඹලාගේ සැහැසිකම් හා හිංසා නවතා, යුක්තියත්, සාධාරණත්වයත් කරනු. මගේ ජනයාගෙන් ගසාකෑම් නවතනුයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක.
එසකියෙල් 45:9 Sinhala Revised Old Version (SROV)
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: එම්බා ඉශ්රායෙල් අධිපතිවරුනි, ඉතින් නුඹලාට ඇත. බලාත්කාරය සහ කොල්ලකෑමද පහකොට, යුක්තිය සහ ධර්මිෂ්ඨකමද කර, මාගේ සෙනඟට බලාත්කාරකිරීමෙන් වැලකෙන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
එසකියෙල් 45:9 Sinhala New Revised Version (NRSV)
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “එම්බා ඉශ්රායෙල් අධිපතිවරුනි! ඉතින් නුඹලා පව් කළ ප්රමාණය ඇත. බලහත්කාරය සහ කොල්ලකෑම ද පහකොට, යුක්තිය සහ ධර්මිෂ්ඨකම ද කර මාගේ සෙනඟට බලහත්කාර කිරීමෙන් වැළකෙන්නැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
එසකියෙල් 45:9 Sinhala New Revised Version 2018 (SNRV)