එසකියෙල් 37:7-9
එසකියෙල් 37:7-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් අණ ලද පරිදි මම දිවැසි වැකි පැවසීමි. මා දිවැසි වැකි පවසන අතරේ ශබ්දයක් ද සට සට රාවයක් ද විය. ඇටයක් ඇටයකට යන වශයෙන් ඒ ඇටකටු එක් වන්නට විය. මා බැලූ කල, මෙන්න! ඒවා පිට නහර හට ගැන්වී, මාංසය මතු වී, ඒවා සමින් වැසී ගියේ ය. එහෙත් ඒවා තුළ හුස්ම නො වී ය. එවිට උන්වහන්සේ මා අමතමින්, “දිවැසි වැකි පවසන්න. මනුෂ්‍ය පුත්‍රය, හුස්මට දිවැසි වැකි පවසමින්, ඊට මෙසේ කියන්න. ‘එම්බා ජීවන හුස්ම, සතර සුළං වෙතින් පැමිණ සිටින, මැරුම් කනු ලැබ සිටින මොවුන් යළි ජීවත් වන පිණිස, මොවුන් තුළට හුස්ම හෙළනු! යි’ පරමාධිපති ස්වාමින්වහන්සේ පවසන සේක කියා කියන්නැ” යි පැවසූ සේක.
එසකියෙල් 37:7-9 Sinhala Revised Old Version (SROV)
එවිට මට අණකළ ලෙස මම අනාගතවාක්‍ය කීමි. මා අනාගතවාක්‍ය කියද්දී ශබ්දයක්ද භූමිකම්පාවක්ද විය, එක එක ඇටය ස්වකීය ඇටවලට ළංවිය. මම බැලූවිට නහර ඒවා පිට තිබෙනවා දුටිමි, මාංසය හටගැනී, ඒ උඩ සමින් වැසුණේය. නුමුත් ඒවා තුළ ආත්මයක් නොවීය. එවිට උන්වහන්සේ මට කථාකොට: නුඹ සුළඟට අනාගතවාක්‍ය කියන්න, මනුෂ්‍ය පුත්‍රය, නුඹ අනාගතවාක්‍ය කියමින් සුළඟට කථාකොට–ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: එම්බා ආත්මය, නුඹ සතර දිග සුළංවලින් ඇවිත් මැරුම්කෑවාවූ මොවුන් ජීවත්වන ලෙස මොවුන් තුළට හුස්ම හෙළන්න කියා කියන්නැයි මට කීය.
එසකියෙල් 37:7-9 Sinhala New Revised Version (NRSV)
එවිට මට අණ කළ ලෙස මම දිවැස් වැකි පැවසීමි. මා දිවැස් වැකි පවසද්දී ශබ්දයක් ද සට සට ගාන හඬක් ද ඇති වී එක එක ඇටය එකට එක එකතු විය. මම බැලූ විට ඒවාට නහර තිබෙන බව දිටිමි. මාංසය හටගැනී ඒවා සමින් වැසුණේ ය. එහෙත්, ඒවා තුළ ජීවන හුස්ම නො වී ය. එවිට උන් වහන්සේ මට කතා කොට, “නුඹ ජීවන හුස්මට දිවැස් වැකි පවසන්න. මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියමින් ජීවන හුස්මට කතා කොට, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක. එම්බා ජීවන හුස්ම! සතර දිග සුළඟින් අවුත් මියගිය මොවුන් ජීවත් වන පිණිස මොවුන් තුළට ජීවන හුස්ම හෙළන්න කියා කියන්නැ යි මට වදාළ සේක.”
එසකියෙල් 37:7-9 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට මට අණ කළ ලෙස මම දිවැස් වැකි පැවසීමි. මා දිවැස් වැකි පවසද්දී ශබ්දයක් ද සට සට ගාන හඬක් ද ඇති වී එක එක ඇටය එකට එක එකතු විය. මම බැලූ විට ඒවාට නහර තිබෙන බව දිටිමි. මාංසය හටගැනී ඒවා සමින් වැසුණේ ය. එහෙත්, ඒවා තුළ ජීවන හුස්ම නො වී ය. එවිට උන් වහන්සේ මට කතා කොට, “නුඹ ජීවන හුස්මට දිවැස් වැකි පවසන්න. මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියමින් ජීවන හුස්මට කතා කොට, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක. එම්බා ජීවන හුස්ම! සතර දිග සුළඟින් අවුත් මියගිය මොවුන් ජීවත් වන පිණිස මොවුන් තුළට ජීවන හුස්ම හෙළන්න කියා කියන්නැ යි මට වදාළ සේක.”
එසකියෙල් 37:7-9 New International Version (NIV)
So I prophesied as I was commanded. And as I was prophesying, there was a noise, a rattling sound, and the bones came together, bone to bone. I looked, and tendons and flesh appeared on them and skin covered them, but there was no breath in them. Then he said to me, “Prophesy to the breath; prophesy, son of man, and say to it, ‘This is what the Sovereign LORD says: Come, breath, from the four winds and breathe into these slain, that they may live.’ ”