එසකියෙල් 37:3-4
එසකියෙල් 37:3-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, මේ ඇටකටුවලට ජීවත් විය හැකි දැ?” යි ඇසූ සේක. මම උත්තර දෙමින්, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබ පමණක් එය දන්නා සේකැ” යි කීවෙමි. එවිට උන්වහන්සේ මට කතා කොට, “මේ ඇටකටුවලට දිවැසි වැකි පවසමින්, ඒවාට මෙසේ කියන්න: ‘එම්බා වියළි ඇටකටු, ස්වාමින්වහන්සේගේ වචනය අසනු!
එසකියෙල් 37:3-4 Sinhala Revised Old Version (SROV)
එවිට උන්වහන්සේ: මනුෂ්‍ය පුත්‍රය, මේ ඇට ජීවත්වේදැයි මාගෙන් ඇසූසේක. මමද: ස්වාමිවූ දෙවියන්වහන්ස, එය දන්නේ ඔබයයි උත්තරදුනිමි. උන්වහන්සේ නැවත මට කථාකොට: නුඹ මේ ඇට කෙරෙහි අනාගතවාක්‍ය කියමින් ඒවාට මෙසේ කියන්න–වියළි ඇට, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.
එසකියෙල් 37:3-4 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, මේ ඇටකටුවලට ජීවත් විය හැකි දැ”යි මාගෙන් ඇසූ සේක. මම ද “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, එය දන්නේ ඔබ ය”යි උත්තර දිනිමි. උන් වහන්සේ යළිත් මට කතා කොට, “නුඹ මේ ඇටකටුවලට දිවැස් වැකි පවසා, මෙසේ කියන්න: අහෝ වියළි ඇටකටු! සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න.
එසකියෙල් 37:3-4 Sinhala New Revised Version 2018 (SNRV)