එසකියෙල් 37:21-22
එසකියෙල් 37:21-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන්ට මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ඉශ්රායෙල්වරුන් පිට මං ව ගොස් සිටින ජාතීන් අතරින් මම ඔවුන් ගෙනෙන්නෙමි. මුළු වටාපිටාවෙන් මම ඔවුන් එක් රැස් කොට, ඔවුන්ගේ ම දේශයට යළි ඔවුන් ගෙනෙන්නෙමි. මම ඉශ්රායෙල් කඳු මත, මේ දේශය තුළ ඔවුන් එක ම ජාතියක් කරන්නෙමි. ඔවුන් සියලු දෙනාට ම එක් රජකු වන්නේ ය. යළි කිසි කලෙක ඔවුන් ජාතීන් දෙකක් වන්නේවත්, රාජ්‍ය දෙකකට බෙදෙන්නේවත් නැත.
එසකියෙල් 37:21-22 Sinhala Revised Old Version (SROV)
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න. ඉශ්රායෙල් පුත්‍රයන් ගොස් සිටින තැන්වල ජාතීන් අතරෙන් මම ඔවුන් රැගෙන, වටකරින් ඔවුන් රැස්කොට, ඔවුන්ගේ රටට ඔවුන් පමුණුවා, දේශයෙහි ඉශ්රායෙල් කඳු පිට ඔවුන් එක ජාතියක් කරන්නෙමි; එක රජෙක්ද ඔවුන් සියල්ලන්ටම රජ වන්නේය. ඔව්හු තවත් ජාති දෙකක් නොවන්නෝය, තවත් රාජ්‍ය දෙකකට නොබෙදෙන්නෝය.
එසකියෙල් 37:21-22 Sinhala New Revised Version (NRSV)
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ඉශ්රායෙල් සෙනඟ ගොස් සිටින තැන්වල විජාතීන් අතරෙන් මම ඔවුන් රැගෙන වටින් පිටින් ඔවුන් රැස් කොට, ඔවුන්ගේ රටට ඔවුන් පමුණුවන්නෙමි. මම දේශයෙහි ඉශ්රායෙල් කඳු පිට ඔවුන් එක ජාතියක් කරන්නෙමි. එක රජෙක් ද ඔවුන් සියල්ලන්ට ම රජ වන්නේ ය. ඔව්හු තවත් ජාති දෙකක් නොවන්නෝ ය. තවත් රාජ්‍යයන් දෙකකට නොබෙදෙන්නෝ ය.
එසකියෙල් 37:21-22 Sinhala New Revised Version 2018 (SNRV)
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ඉශ්රායෙල් සෙනඟ ගොස් සිටින තැන්වල විජාතීන් අතරෙන් මම ඔවුන් රැගෙන වටින් පිටින් ඔවුන් රැස් කොට, ඔවුන්ගේ රටට ඔවුන් පමුණුවන්නෙමි. මම දේශයෙහි ඉශ්රායෙල් කඳු පිට ඔවුන් එක ජාතියක් කරන්නෙමි. එක රජෙක් ද ඔවුන් සියල්ලන්ට ම රජ වන්නේ ය. ඔව්හු තවත් ජාති දෙකක් නොවන්නෝ ය. තවත් රාජ්‍යයන් දෙකකට නොබෙදෙන්නෝ ය.
එසකියෙල් 37:21-22 New International Version (NIV)
and say to them, ‘This is what the Sovereign LORD says: I will take the Israelites out of the nations where they have gone. I will gather them from all around and bring them back into their own land. I will make them one nation in the land, on the mountains of Israel. There will be one king over all of them and they will never again be two nations or be divided into two kingdoms.