එසකියෙල් 34:1-6
එසකියෙල් 34:1-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ: “මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් එඬේරුන්ට එරෙහිව දිවැසි වැකි පවසන්න. දිවැසි වැකියෙන් ඔවුන්ට මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: තමන් ම පෝෂ්‍ය කර ගන්නා ඉශ්‍රායෙල් එඬේරුන්ට දුක් වේ! එඬේරුන් තමන්ගේ සත්ව රංචු පෝෂ්‍ය කළ යුතු නො වන්නේ ද? නුඹලා කිරි කති; ලෝම ඇඟලති; තර සතුන් මරා ගනිති. එහෙත් රංචුව පෝෂ්‍ය නො කරති. නුඹලා, දුබලවූවන් නගා සිටවූවේවත්, ලෙඩවූවන් සුව කළේවත්, තුවාලවූවන්ට බෙහෙත් බැන්දේවත් නැත. මංමුළා වූවන් නැවත ගෙනාවේවත්, නැතිවූවන් සොයා ගියේවත් නැත. නුඹලා ඔවුන් පාලනය කළේ රළු, කුරිරු අන්දමිනි. මෙසේ හරි එඬේරකු නැතිකමින් ඔවුහු විසුරුවන ලදහ. එසේ විසුරුවන ලද කල්හි ඔවුහු සියලු වන සතුන්ගේ ගොදුරු බවට පත් වූහ. මගේ බැටළු රැළ සියලු කඳු මත ද උස් හෙල් හැමකක් මත ද ඉබාගාතෙ ගියහ. ඔවුහු මුළු මිහිතලය පුරා විසුරුවන ලදහ. කිසිවකුත් ඔවුන් ගැන විපරම් කළේ නැත. සොයා බැලුවේ නැත.
එසකියෙල් 34:1-6 Sinhala Revised Old Version (SROV)
තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල්ගේ එඬේරුන්ට විරුද්ධව අනාගතවාක්‍ය කියන්න. අනාගතවාක්‍ය කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට, එනම් එඬේරුන්ට කියන්න. තමුන්ම පෝෂ්‍යකරගන්න ඉශ්‍රායෙල් එඬේරුන්ට දුක්වේ! එඬේරුන් විසින් බැටළුවන් පෝෂ්‍ය කළ යුතු නොවේද? නුඹලා තෙල කති, ලෝම ඇඳගනිති, තර එවුන් මරති; එහෙත් නුඹලා බැටළුවන් පෝෂ්‍ය කරන්නේ නැත. දුර්වල එවුන් නුඹලා විසින් ශක්තිමත් කළේවත්, ලෙඩවූ එකාට සුවකළේවත්, පොඩිවූ එකාගේ තුවාල බැන්දේවත්, පන්නාදමනු ලැබූ එකා නැවත ගෙනාවේවත්, නැතිවුණ එකා සෙවුවේවත් නැත; බලාත්කාරකමින්ද සැරකමින්ද නුඹලා උන් ආණ්ඩුකළහුය. එඬේරෙක් නැතුව උන් විසිර ගොස් වනයේ සියලු සත්වයන්ට ගොදුරු වූවෝය, උන් විසිරගියෝය. මාගේ බැටළුවෝ සියලු කඳුවලද උස්වූ සියලු හෙල් පිටද මුළාවගියෝය. එසේය, මුළු පොළෝතලයෙහි මාගේ බැටළුවෝ විසිරගියෝය; උන් සොයන්ට හෝ බලන්ට හෝ කිසිවෙක් නොවීය.
එසකියෙල් 34:1-6 Sinhala New Revised Version (NRSV)
තවද, සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල්වරුන්ගේ එඬේරුන්ට විරුද්ධ ව දිවැස් වැකි කියන්න. දිවැස් වැකි කියමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට එනම්, එඬේරුන්ට කියන්න. තමන් ම පෝෂණය කරගන්න ඉශ්රායෙල් එඬේරුනි, නුඹලාට වන විපතක මහත! නුඹලා බැටළුවන් පෝෂණය කළ යුතු නොවන්නහු ද? නුඹලා කිරි බොන්නහු ය; ලෝම ඇඳුම් ඇඳගන්නහු ය; තර සතුන් මරා කන්නහු ය. එහෙත්, නුඹලා බැටළුවන් පෝෂණය නොකරන්නහු ය; දුර්වල බැටළුවන් නුඹලා ශක්තිමත් කෙළේ වත්, ලෙඩ වූ බැටළුවන් සුව කෙළේ වත්, තුවාළ වූ බැටළුවන්ගේ තුවාළ බැන්දේ වත් නැත; මුළා ව ගිය බැටළුවන් නැවත ගෙනාවේ වත්, නැති වූ බැටළුවන් සෙව්වේ වත් නැත. බලයෙන් ද කුරිරු ලෙස ද නුඹලා උන් පාලනය කළහු ය. එඬේරෙකු නැති ව බැටළුවෝ විසිරී ගොස් සියලු වන මෘගයන්ට ගොදුරු වූ හ. මාගේ බැටළුවෝ සියලු කඳුවල ද උස් වූ සියලු හෙල් පිට ද මුළා ව ගියහ. එසේ ය, මුළු පොළෝ තලයෙහි මාගේ බැටළුවෝ විසිරී ගියහ. උන් සොයන්න හෝ බලන්න හෝ කිසිවෙක් නොවූ හ.
එසකියෙල් 34:1-6 Sinhala New Revised Version 2018 (SNRV)

එසකියෙල් 34:1-6 New International Version (NIV)
The word of the LORD came to me: “Son of man, prophesy against the shepherds of Israel; prophesy and say to them: ‘This is what the Sovereign LORD says: Woe to you shepherds of Israel who only take care of yourselves! Should not shepherds take care of the flock? You eat the curds, clothe yourselves with the wool and slaughter the choice animals, but you do not take care of the flock. You have not strengthened the weak or healed the sick or bound up the injured. You have not brought back the strays or searched for the lost. You have ruled them harshly and brutally. So they were scattered because there was no shepherd, and when they were scattered they became food for all the wild animals. My sheep wandered over all the mountains and on every high hill. They were scattered over the whole earth, and no one searched or looked for them.