ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ: “මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් එඬේරුන්ට එරෙහිව දිවැසි වැකි පවසන්න. දිවැසි වැකියෙන් ඔවුන්ට මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: තමන් ම පෝෂ්‍ය කර ගන්නා ඉශ්‍රායෙල් එඬේරුන්ට දුක් වේ! එඬේරුන් තමන්ගේ සත්ව රංචු පෝෂ්‍ය කළ යුතු නො වන්නේ ද? නුඹලා කිරි කති; ලෝම ඇඟලති; තර සතුන් මරා ගනිති. එහෙත් රංචුව පෝෂ්‍ය නො කරති. නුඹලා, දුබලවූවන් නගා සිටවූවේවත්, ලෙඩවූවන් සුව කළේවත්, තුවාලවූවන්ට බෙහෙත් බැන්දේවත් නැත. මංමුළා වූවන් නැවත ගෙනාවේවත්, නැතිවූවන් සොයා ගියේවත් නැත. නුඹලා ඔවුන් පාලනය කළේ රළු, කුරිරු අන්දමිනි. මෙසේ හරි එඬේරකු නැතිකමින් ඔවුහු විසුරුවන ලදහ. එසේ විසුරුවන ලද කල්හි ඔවුහු සියලු වන සතුන්ගේ ගොදුරු බවට පත් වූහ. මගේ බැටළු රැළ සියලු කඳු මත ද උස් හෙල් හැමකක් මත ද ඉබාගාතෙ ගියහ. ඔවුහු මුළු මිහිතලය පුරා විසුරුවන ලදහ. කිසිවකුත් ඔවුන් ගැන විපරම් කළේ නැත. සොයා බැලුවේ නැත.
එසකියෙල් 34 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: එසකියෙල් 34:1-6
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ