එසකියෙල් 3:4-10
එසකියෙල් 3:4-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ ඉන්පසු මා අමතමින්, “මනුෂ්‍ය පුත්‍රය, යන්න, ඉශ්‍රායෙල් වංශය වෙත ගොස්, ඔවුන්ට මගේ ම වචනවලින් කතා කරන්න. ඔබ යවනු ලබන්නේ අපැහැදිලි කතාවක් හා අමාරු භාෂාවක් ඇති ජනතාවක් වෙත නො වේ. ඉශ්‍රායෙල් වංශය වෙතටයි. කියන දෑ ඔබට නො වැටහෙන අපැහැදිලි කතාවක් හා අමාරු භාෂාවක් ඇති ජන කොටස් වෙත නො වේ. යම් හෙයකින් එබන්දන් වෙත මම ඔබ යැවීම් නම්, සැබවින් ම ඔවුන් ඔබට සවන් දෙන්නට තිබිණ. එහෙත් ඉශ්‍රායෙල් වංශය ඔබට සවන් දෙන්නට කැමති නැත්තේ, මට සවන් දෙන්නට ඔවුන් නො කැමති නිසා ය. මන්ද මුළු ඉශ්‍රායෙල් වංශය ම තද නළලතක් ඇති නො දැමුණු ඇත්තන් ය. දැන් මෙන්න, මම ඔබගේ නළලතත්, ඔවුන්ගේ සේ ම තද කරන්නෙමි. මම ඔබේ නළලත, ගිනිගලකටත් වඩා දැඩි, තද ගලක් සේ කරන්නෙමි. ඔවුන් කැරලිකාරී වංශයක් වුවත්, ඔවුන්ගේ වචනවලට හෝ ඔවුන්ගේ පෙනුමට භය නො වන්නැ” යි කී සේක. උන්වහන්සේ තවදුරටත් මා අමතමින්, “මනුෂ්‍ය පුත්‍රය, මා ඔබට පවසන සියලු වචනවලට සැලකිල්ලෙන්, සවන් දී, ඒවා හිතට ගන්න.
එසකියෙල් 3:4-10 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, නුඹ ගොස් ඉශ්‍රායෙල් වංශය වෙතට පැමිණ, මාගේ වචන කියා ඔවුන්ට කථාකරන්න. මක්නිසාද නුඹ යවන්නේ අන් භාෂාවක්ද අමාරු වචනද ඇති සෙනඟක් ළඟට නොව ඉශ්‍රායෙල් වංශය ළඟටය; නුඹට තේරුම්ගන්ට බැරි වචන ඇති, අන් භාෂාවක්ද අමාරු වචනද ඇති බොහෝ ජනයන් ළඟට නොවේ. සැබවින් ඔවුන් ළඟට මම නුඹ යැවුවොත් ඔවුන් නුඹට ඇහුම්කන්දෙනවා ඇත. නුමුත් ඉශ්‍රායෙල් වංශය මට ඇහුම් කන්දෙන්ට කැමති නැති බැවින් ඔව්හු නුඹට ඇහුම්කන්දෙන්ට කැමැති නොවෙති. මක්නිසාද මුළු ඉශ්‍රායෙල් වංශය දැඩිවූ නළල්ද තද සිත්ද ඇත්තෝය. බලව, මම ඔවුන්ගේ මුහුණුවලට විරුද්ධව නුඹේ මුහුණත් ඔවුන්ගේ නළල්වලට විරුද්ධව නුඹේ නළලත් දැඩිකෙළෙමි. නුඹේ නළල ගිනිගලට වඩා තදවූ විදුරක් මෙන් කෙළෙමි. ඔවුන් කැරළිකාර වංශයක් නුමුත් ඔවුන්ට භය නොවන්න, ඔවුන්ගේ රවාබැල්මට නොකැලඹෙන්නැයි මට කීසේක. තවද උන්වහන්සේ මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, නුඹට කියන මාගේ සියලුම වචන නුඹේ සිතේ තබාගන්න, නුඹේ කන්වලින් අසන්න.
එසකියෙල් 3:4-10 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්රායෙල් සෙනඟ වෙත ගොස් මා කියන දේ ඔවුන්ට කියන්න. නුඹ යවනු ලබන්නේ දුෂ්කර, අන් භාෂාවක් කතා කරන සෙනඟක් වෙත නොව, ඉශ්රායෙල් සෙනඟ වෙත ය. නුඹ යවනු ලබන්නේ නුඹට තේරුම්ගත නොහැකි, දුෂ්කර අන් භාෂාවක් කතා කරන උසස් ජාතීන් වෙත නොවේ. සැබැවින් ම ඔවුන් වෙත මම නුඹ යැවීම් නම්, ඔවුන් නුඹට සවන් දෙනු ඇත. එහෙත්, ඉශ්රායෙල් සෙනඟ මට සවන් දෙන්නට අකමැති බැවින් ඔව්හු නුඹට සවන් දෙන්නට කැමැති නොවෙති. මන්ද, මුළු ඉශ්රායෙල් සෙනඟ මුරණ්ඩු ය. දැඩි සිත් ද ඇත්තෝ ය. බලන්න, මම ඔවුන් මෙන් නුඹ ද මුරණ්ඩු කර, දැඩි සිත් ඇත්තෙකු කරන්නෙමි. මම නුඹේ අධිෂ්ඨානය ගිනිගලට වඩා තද වූ වෛදූර්ය මෙන් ශක්තිමත් කරන්නෙමි. ඔවුන් කැරලිකාර සෙනඟක් වන නමුත් ඔවුන්ට බිය නොවන්න. ඔවුන්ගේ රවා බැලීමට නොකැළඹෙන්න.” තවද, උන් වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, නුඹට කියන මාගේ සියලු ම වචනවලට හොඳින් සවන් දී, නුඹේ සිතේ ඒවා නිදන් කරගන්න.
එසකියෙල් 3:4-10 Sinhala New Revised Version 2018 (SNRV)

එසකියෙල් 3:4-10 New International Version (NIV)
He then said to me: “Son of man, go now to the people of Israel and speak my words to them. You are not being sent to a people of obscure speech and strange language, but to the people of Israel— not to many peoples of obscure speech and strange language, whose words you cannot understand. Surely if I had sent you to them, they would have listened to you. But the people of Israel are not willing to listen to you because they are not willing to listen to me, for all the Israelites are hardened and obstinate. But I will make you as unyielding and hardened as they are. I will make your forehead like the hardest stone, harder than flint. Do not be afraid of them or terrified by them, though they are a rebellious people.” And he said to me, “Son of man, listen carefully and take to heart all the words I speak to you.