එසකියෙල් 3:4-10
එසකියෙල් 3:4-10 SNRV
උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්රායෙල් සෙනඟ වෙත ගොස් මා කියන දේ ඔවුන්ට කියන්න. නුඹ යවනු ලබන්නේ දුෂ්කර, අන් භාෂාවක් කතා කරන සෙනඟක් වෙත නොව, ඉශ්රායෙල් සෙනඟ වෙත ය. නුඹ යවනු ලබන්නේ නුඹට තේරුම්ගත නොහැකි, දුෂ්කර අන් භාෂාවක් කතා කරන උසස් ජාතීන් වෙත නොවේ. සැබැවින් ම ඔවුන් වෙත මම නුඹ යැවීම් නම්, ඔවුන් නුඹට සවන් දෙනු ඇත. එහෙත්, ඉශ්රායෙල් සෙනඟ මට සවන් දෙන්නට අකමැති බැවින් ඔව්හු නුඹට සවන් දෙන්නට කැමැති නොවෙති. මන්ද, මුළු ඉශ්රායෙල් සෙනඟ මුරණ්ඩු ය. දැඩි සිත් ද ඇත්තෝ ය. බලන්න, මම ඔවුන් මෙන් නුඹ ද මුරණ්ඩු කර, දැඩි සිත් ඇත්තෙකු කරන්නෙමි. මම නුඹේ අධිෂ්ඨානය ගිනිගලට වඩා තද වූ වෛදූර්ය මෙන් ශක්තිමත් කරන්නෙමි. ඔවුන් කැරලිකාර සෙනඟක් වන නමුත් ඔවුන්ට බිය නොවන්න. ඔවුන්ගේ රවා බැලීමට නොකැළඹෙන්න.” තවද, උන් වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, නුඹට කියන මාගේ සියලු ම වචනවලට හොඳින් සවන් දී, නුඹේ සිතේ ඒවා නිදන් කරගන්න.

