නික්මයාම 7:20-21
නික්මයාම 7:20-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් මෝසෙස් හා ආරොන් ස්වාමින්වහන්සේ අණ කර තිබූ පරිදි කළහ. පාරාවෝ ද ඔහුගේ නිලධාරීන් ද ඉදිරිපිට ඔහු තම සැරයටිය ඔසවා, නයිල් ගං ජලයට ගැසී ය. එවිට නයිල් ගඟේ මුළු ජලය ලෙයට හැරිණ. නයිල් ගඟේ මත්සයෝ මළහ. ඊජිප්තුවරුනට එහි වතුර බීමට නො හැකි වන පරිදි ගඟ දුගඳ විය. ඊජිප්තුවේ හැම තැනක ම ලේ ඇති විය.
නික්මයාම 7:20-21 Sinhala Revised Old Version (SROV)
මෝසෙස් සහ ආරොන් ස්වාමීන්වහන්සේ අණකළ ලෙස කළෝය; ඔහු සැරයටිය ඔසවා ඵාරාවෝ සහ ඔහුගේ සේවකයන් ඉදිරියෙහි ගඟේ ජලයට ගැසීය; එවිට ගංගාවේ තිබුණ සියලුම වතුරු ලේ වුණේය. ගඟේ සිටි මත්ස්‍යයෝ මැරුණෝය; ගඟද දුර්ගන්ධවූවාය, මිසරවරුන්ට ගඟෙන් වතුර බොන්ට නොහැකිවිය; මිසර දේශය මුළුල්ලෙහිම ලේ තිබුණේය.
නික්මයාම 7:20-21 Sinhala New Revised Version (NRSV)
මෝසෙස් සහ ආරොන් සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි කළහ. පාරාවෝ සහ ඔහුගේ නිලධාරීන් ඉදිරිපිට ඔහු සැරයටියෙන් ගඟේ ජලයට ගැසී ය. ගඟේ ජලය සියල්ල ද ලේවලට හැරිණි. ගඟේ මාළු ද මැරිණි; ගඟෙන් දුගඳ හමන්නට විය. මිසර දේශ වාසීන්ට එහි ජලය බීමට නොහැකි විය. තවද, මුළු මිසර දේශයේ පුරා ම ලේ ඇති විය.
නික්මයාම 7:20-21 Sinhala New Revised Version 2018 (SNRV)
මෝසෙස් සහ ආරොන් සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි කළහ. පාරාවෝ සහ ඔහුගේ නිලධාරීන් ඉදිරිපිට ඔහු සැරයටියෙන් ගඟේ ජලයට ගැසී ය. ගඟේ ජලය සියල්ල ද ලේවලට හැරිණි. ගඟේ මාළු ද මැරිණි; ගඟෙන් දුගඳ හමන්නට විය. මිසර දේශ වාසීන්ට එහි ජලය බීමට නොහැකි විය. තවද, මුළු මිසර දේශයේ පුරා ම ලේ ඇති විය.
නික්මයාම 7:20-21 New International Version (NIV)
Moses and Aaron did just as the LORD had commanded. He raised his staff in the presence of Pharaoh and his officials and struck the water of the Nile, and all the water was changed into blood. The fish in the Nile died, and the river smelled so bad that the Egyptians could not drink its water. Blood was everywhere in Egypt.