නික්මයාම 7:20-21

නික්මයාම 7:20-21 SCV

එබැවින් මෝසෙස් හා ආරොන් ස්වාමින්වහන්සේ අණ කර තිබූ පරිදි කළහ. පාරාවෝ ද ඔහුගේ නිලධාරීන් ද ඉදිරිපිට ඔහු තම සැරයටිය ඔසවා, නයිල් ගං ජලයට ගැසී ය. එවිට නයිල් ගඟේ මුළු ජලය ලෙයට හැරිණ. නයිල් ගඟේ මත්සයෝ මළහ. ඊජිප්තුවරුනට එහි වතුර බීමට නො හැකි වන පරිදි ගඟ දුගඳ විය. ඊජිප්තුවේ හැම තැනක ම ලේ ඇති විය.