නික්මයාම 7:14-25

නික්මයාම 7:14-25 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “පාරාවෝගේ හදවත මුරණ්ඩුයි. ජනයාට යන්නට දීම ඔහු ප්‍රතික්ෂේප කරයි. උදෑසන පාරාවෝ දියට පිටත් ව යන කල, ඔහු හමුවීමට නයිල් ගං ඉවුරට වී සිටින්න. සර්පයකු බවට පත් සැරයටිය ඔබේ අතේ ගෙන යන්න. ඔබ ඔහුට මෙසේ කිය යුතුයි: ‘ඔබට මෙසේ කියන්නට හෙබ්‍රෙව්වරුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ මා එවූ සේක; පාළුකරයේදී මට නමස්කාර කරන්නට මගේ ජනයාට යන්නට දෙන්න. එහෙත් මේ දක්වාත් ඔබ ඊට සවන් දුන්නේ නැත. ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මා ස්වාමින්වහන්සේ වග ඔබ මෙයින් දැනගනු ඇත. මගේ අතේ ඇති සැරයටියෙන් මම නයිල් ගං ජලයට ගසන්නෙමි. එය ලේ බවට හැරෙනු ඇත. නයිල් ගඟේ මසුන් මැරෙනු ඇත. ගඟ දුගඳ වනු ඇත. ඊජිප්තුවරුන්ට එහි වතුර බොන්නට බැරි වෙතැ’ යි” පැවසූ සේක. ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ආරොන්ට මෙසේ කියන්න: ‘ඔබේ සැරයටිය ගෙන, ඊජිප්තු-ජලය පිටට, ගංගා, ඇළදොළ, පොකුණු හා සියලු ජලාශ පිටට ඔබේ අත දිගු කරන්න.’ එවිට ඒවා ලේ බවට හැරෙනු ඇත. ඊජිප්තුවේ හැම තැනක ම, ලී බඳුන්, ගල් බඳුන්වල පවා ලේ ඇති වේ යැ” යි පැවසූ සේක. එබැවින් මෝසෙස් හා ආරොන් ස්වාමින්වහන්සේ අණ කර තිබූ පරිදි කළහ. පාරාවෝ ද ඔහුගේ නිලධාරීන් ද ඉදිරිපිට ඔහු තම සැරයටිය ඔසවා, නයිල් ගං ජලයට ගැසී ය. එවිට නයිල් ගඟේ මුළු ජලය ලෙයට හැරිණ. නයිල් ගඟේ මත්සයෝ මළහ. ඊජිප්තුවරුනට එහි වතුර බීමට නො හැකි වන පරිදි ගඟ දුගඳ විය. ඊජිප්තුවේ හැම තැනක ම ලේ ඇති විය. එහෙත් ඊජිප්තු ඉන්ද්‍රජාලිකයෝ ඔවුන්ගේ ගුප්ත ශිල්ප මගින් එය ම කළහ. පාරාවෝගේ හදවත ද දැඩි විය. ස්වාමින්වහන්සේ පවසා තිබූ පරිදි, ඔහු මෝසෙස්ට හා ආරොන්ට සවන් දුන්නේ නැත. පාරාවෝ ආපසු හැරී, තම මැදුරට ගියේ ය. සිදු වූ දේ ඔහු සිතට ගත්තේ නැත. නයිල් ගඟේ ජලය පානය කළ නො හැකි නිසා ඊජිප්තුවරු සැවොම, පානීය ජලය සඳහා ගඟ අයින දිගේ කණින්නට වූහ. ස්වාමින්වහන්සේ නයිල් ගඟට පහර දුන් පසු දවස් හතක් ගෙවී ගියේ ය.

නික්මයාම 7:14-25 Sinhala Revised Old Version (SROV)

ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඵාරාවෝගේ සිත මුරණ්ඩුය, ඔහු සෙනඟ යන්ට නොහරියි. නුඹ උදය ඵාරාවෝ වෙතට යන්න; ඔහු වතුර ළඟට පිටත්ව යන්නේය; නුඹද සර්පයෙක් වුණ සැරයටිය නුඹේ අතින් ගෙන ඔහුට සම්මුඛවන පිණිස ගංඉවුරෙහි සිට ඔහුට කථාකරමින්– වනාන්තරයෙහිදී මට මෙහෙකරන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්නැයි කියන පිණිස හෙබ්‍රෙව්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ වෙතට මා එවූසේක. ඔබ මේ දක්වා ඇහුම්කන් නුදුන්නෙහිය. මෙයින් මා ස්වාමීන්වහන්සේ බව ඔබ දැනගන්නෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක. මෙන්න, මා අත තිබෙන සැරයටියෙන් ගංගාවේ තිබෙන සියලුම වතුරවලට ගසන්නෙමි, ඒවා ලේ වන්නේය. ගඟෙහි සිටින මත්ස්‍යයෝද මියයන්නෝය, ගඟද දුර්ගන්ධ වෙනවා ඇත; මිසරවරු ගඟේ වතුර බොන්ට අතිශයින් අප්‍රියවන්නෝයයි ඔහුට කියවයි කීසේක. තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ ආරොන්ට මෙසේ කියන්න–නුඹේ සැරයටිය ගෙන මිසරවරුන්ගේ ගංගාද ඔවුන්ගේ ඇළ දොළවල්ද ඔවුන්ගේ විල්ද ඔවුන්ගේ සියලු දිය පොකුණුද ලේ වන පිණිස මිසරයේ ජලය කෙරෙහි අත දිගුකරන්න; මුළු මිසර දේශයෙහි ලී භාජනවලත් ගල් භාජන වලත් ලේ ඇතිවන්නේයයි කීසේක. මෝසෙස් සහ ආරොන් ස්වාමීන්වහන්සේ අණකළ ලෙස කළෝය; ඔහු සැරයටිය ඔසවා ඵාරාවෝ සහ ඔහුගේ සේවකයන් ඉදිරියෙහි ගඟේ ජලයට ගැසීය; එවිට ගංගාවේ තිබුණ සියලුම වතුරු ලේ වුණේය. ගඟේ සිටි මත්ස්‍යයෝ මැරුණෝය; ගඟද දුර්ගන්ධවූවාය, මිසරවරුන්ට ගඟෙන් වතුර බොන්ට නොහැකිවිය; මිසර දේශය මුළුල්ලෙහිම ලේ තිබුණේය. මිසරයේ මායාකාරයෝද තමන්ගේ ඇස්බැන්දුම්වලින් එසේම කළෝය. ස්වාමීන්වහන්සේ කී ප්‍රකාර ඔවුන්ට කන් නොදෙන ලෙස ඵාරාවෝගේ සිත දැඩිව තිබුණේය. ඵාරාවෝ මේකවත් හිතට නොගෙන තමන් ගෙට හැරී ගියේය. සියලු මිසරවරු බොන පිණිස වතුර ගන්ට ගඟ අසල හෑරුවෝය; මක්නිසාද ඔවුන්ට ගඟේ වතුර බොන්ට නොහැකිවිය. ස්වාමීන්වහන්සේ ගංගාවට පහරදුන් පසු සත් දවසක් ගතවිය.

නික්මයාම 7:14-25 Sinhala New Revised Version (NRSV)

සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පාරාවෝගේ සිත දැඩි වී ඇත. ඔහු සෙනඟට පිට වී යන්න අවසර නොදෙන්නේ ය. උදය කාලයේ පාරාවෝ ගඟට යන විට, නුඹ ද ගං ඉවුරේ ඔහු පැමිණෙන තෙක් බලා සිටින්න. තවද, සර්පයෙකු වූ සැරයටිය අතින් රැගෙන යන්න. නුඹ ඔහුට කතා කොට, හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ කීමට ඔබ වෙත මා එවූ සේක. එනම්, ‘මට පාළුකරයෙහි වැඳුම්පිදුම් කරන පිණිස යන්න මාගේ සෙනඟට අවසර දෙන්න. එහෙත් පුදුමයකි, මේ වන තෙක් ඔබ ඊට සවන් නුදුන්නෙහි ය. එබැවින් මෙන්න, සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය: මා සමිඳාණන් වහන්සේ බව ඔබ මේ ලකුණින් දැන ගන්නෙහි ය. එනම්, බලන්න, ගඟේ දියට මා අතේ ඇති සැරයටියෙන් ගසමි. එවිට එහි වතුර ලේ වන්නේ ය. ගඟේ සිටින මසුන් මැරී ගඟෙන් දුගඳ හමනු ඇත. එබැවින් එහි වතුර බීමට මිසර වාසීහු ඉතා අප්‍රිය කරන්නෝ ය’ ”යි වදාළ සේක. සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්, “ආරොන්ට මෙසේ කියන්න: ‘මිසරයේ ගංගා, ඇල දොළ, වැව් පොකුණු සියල්ල ම ලේවලට හැරෙන පිණිස ඔබේ සැරයටිය අතට ගෙන ජලය මත එය දිගු කරන්න.’ එවිට, මුළු මිසර දේශය පුරා ඇති ලී බඳුන්වල මෙන් ම ගල් බඳුන්වල ද ලේ ඇති වන්නේ ය”යි වදාළ සේක. මෝසෙස් සහ ආරොන් සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි කළහ. පාරාවෝ සහ ඔහුගේ නිලධාරීන් ඉදිරිපිට ඔහු සැරයටියෙන් ගඟේ ජලයට ගැසී ය. ගඟේ ජලය සියල්ල ද ලේවලට හැරිණි. ගඟේ මාළු ද මැරිණි; ගඟෙන් දුගඳ හමන්නට විය. මිසර දේශ වාසීන්ට එහි ජලය බීමට නොහැකි විය. තවද, මුළු මිසර දේශයේ පුරා ම ලේ ඇති විය. මිසර දේශයේ ඉන්ද්‍රජාලිකයෝ ද තමන්ගේ ඇස් බැන්දුම්වලින් එලෙස කළහ. පාරාවෝගේ හිත දැඩි වූයෙන්, සමිඳාණන් වහන්සේ වදාළ ලෙස ඔහු ඔවුන් කී දේ සැලකුවේ නැත. පාරාවෝ ද සිදු වූ දේ ගණනකට නොගත්තෙන්, හැරී ආපසු තම මාලිගාවට ගියේ ය. ගංගාවේ ජලය බීමට ඔවුන්ට නොහැකි වූ නිසා මිසර දේශ වාසීහු සෑම දෙන ම වතුර බීම සඳහා ගඟ අසල වළවල් කැණූ හ. තවද, සමිඳාණන් වහන්සේ මෙලෙස ගඟේ දියට ගැසූ පසු දවස් හතක් ගත විය.

නික්මයාම 7:14-25 Sinhala New Revised Version 2018 (SNRV)

නික්මයාම 7:14-25 New International Version (NIV)

Then the LORD said to Moses, “Pharaoh’s heart is unyielding; he refuses to let the people go. Go to Pharaoh in the morning as he goes out to the river. Confront him on the bank of the Nile, and take in your hand the staff that was changed into a snake. Then say to him, ‘The LORD, the God of the Hebrews, has sent me to say to you: Let my people go, so that they may worship me in the wilderness. But until now you have not listened. This is what the LORD says: By this you will know that I am the LORD: With the staff that is in my hand I will strike the water of the Nile, and it will be changed into blood. The fish in the Nile will die, and the river will stink; the Egyptians will not be able to drink its water.’ ” The LORD said to Moses, “Tell Aaron, ‘Take your staff and stretch out your hand over the waters of Egypt—over the streams and canals, over the ponds and all the reservoirs—and they will turn to blood.’ Blood will be everywhere in Egypt, even in vessels of wood and stone.” Moses and Aaron did just as the LORD had commanded. He raised his staff in the presence of Pharaoh and his officials and struck the water of the Nile, and all the water was changed into blood. The fish in the Nile died, and the river smelled so bad that the Egyptians could not drink its water. Blood was everywhere in Egypt. But the Egyptian magicians did the same things by their secret arts, and Pharaoh’s heart became hard; he would not listen to Moses and Aaron, just as the LORD had said. Instead, he turned and went into his palace, and did not take even this to heart. And all the Egyptians dug along the Nile to get drinking water, because they could not drink the water of the river. Seven days passed after the LORD struck the Nile.