නික්මයාම 38:22-23 - Compare All Versions
නික්මයාම 38:22-23 SROV (Sinhala Revised Old Version)
යූදා ගෝත්‍රයෙන් හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත්‍රවූ බෙශලෙල් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල සෑදුවේය. කැටයම්කරන්නෙක්ද දක්ෂ කම්කරුවෙක්ද නිල්, රත්නිල්, රතු සිහින් හණ නූලින් විසිතුරු වැඩ කරන්නෙක්ද වූ දාන්ගේ ගෝත්‍රයේ අහිසාමක්ගේ පුත්‍රවූ ඔහොලියාබ්ද ඔහු සමඟ වූයේය.
නික්මයාම 38:22-23 SCV (සිංහල කාලීන පරිවර්තනය)
යූදා ගෝත්‍ර වංශික හූර්ගේ පුත් ඌරීගේ පුත්‍ර බෙසලෙල්, ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ හැම දෙයක් ම සෑදී ය. ඔහු සමඟ දාන් ගෝත්‍ර වංශික අහිසාමක්ගේ පුත් ඔහොලියාබ් විය. ඔහු කැටයම් ශිල්පියකු ද නිර්මාණ ශිල්පියකු ද නිල්, දම් හා රත් පැහැ නූල් හා සියුම් හණ පිළි ගෙත්තම් වැඩ ශිල්පියකු ද වෙයි.
නික්මයාම 38:22-23 NRSV (Sinhala New Revised Version)
තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සෑදීමට අණ කළ සියල්ල, ජුදාගේ ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත් බෙශලෙල් විසින් සාදන ලදී. තවද, ඔහු සමඟ දාන්ගේ ගෝත්‍රයේ අහිසාමක්ගේ පුත්‍ර ඔහොලියාබ් ද විය. මොහු කැටයම් වැඩ කරන්නෙකි, ගෙත්තම්කරුවෙකි, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් සහ සිහින් ව කටින ලද හණ ගෙත්තම් කොට මල් වැඩ දමන්නෙකි.
නික්මයාම 38:22-23 SNRV (Sinhala New Revised Version 2018)
තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සෑදීමට අණ කළ සියල්ල, ජුදාගේ ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත් බෙශලෙල් විසින් සාදන ලදී. තවද, ඔහු සමඟ දාන්ගේ ගෝත්‍රයේ අහිසාමක්ගේ පුත්‍ර ඔහොලියාබ් ද විය. මොහු කැටයම් වැඩ කරන්නෙකි, ගෙත්තම්කරුවෙකි, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් සහ සිහින් ව කටින ලද හණ ගෙත්තම් කොට මල් වැඩ දමන්නෙකි.
නික්මයාම 38:22-23 NIV (New International Version)
(Bezalel son of Uri, the son of Hur, of the tribe of Judah, made everything the LORD commanded Moses; with him was Oholiab son of Ahisamak, of the tribe of Dan—an engraver and designer, and an embroiderer in blue, purple and scarlet yarn and fine linen.)