නික්මයාම 36:2-3
නික්මයාම 36:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෝසෙස් ඉන්පසු, බෙසලෙල් හා ඔහොලියාබ් ද ස්වාමින්වහන්සේ විසින් නිපුණත්වය දෙන ලද නිපුණ ශිල්පීන් ද ස්ව-කැමැත්තෙන් පැමිණ වැඩ කිරීමට පෙලඹුණු අය ද කැඳවී ය. ශුද්ධස්ථානයේ ඉදිකිරීම් කටයුතු ඉටු කරන පිණිස, ඉශ්රායෙල් ජනයා ගෙන අවුත් තිබූ පඬුරු සියල්ල, ඔවුහු මෝසෙස්ගෙන් බාර ගත්හ. ජනයා තවදුරටත් උදයක් පාසා, ස්වේච්ඡාවෙන් ම පුද පඬුරු ගෙන ආහ.
නික්මයාම 36:2-3 Sinhala Revised Old Version (SROV)
මෝසෙස් වනාහි බෙශලෙල් හා ඔහොලියාබ්ද ස්වාමීන්වහන්සේ විසින් සිතෙහි ප්‍රඥාව තබනලද නැණවත් සිත් ඇති සියලු මනුෂ්‍යයන්ද එනම් ඒ වැඩේකරන පිණිස පොළඹවනලද සිත් ඇති සියල්ලන්ද කැඳවිය. ඔව්හු ඉශ්රායෙල් පුත්‍රයන් ශුද්ධස්ථානයේ මෙහෙයේ කර්මාන්ත කිරීමට ගෙනාවාවූ මුළු පඬුර මෝසෙස්ගෙන් බාරගත්තෝය. සෙනඟද උදයක් පාසා තවත් ස්වෙච්ඡා පඬුරු ඔහු වෙතට ගෙනාවෝය.
නික්මයාම 36:2-3 Sinhala New Revised Version (NRSV)
බෙශලෙල් හා ඔහොලියාබ් ද සමිඳාණන් වහන්සේ කෞශල්‍යය දානය කළ වැඩ කිරීමට කැමැත්ත පෑ දක්ෂ ශිල්පීන් සියල්ලන් ද වැඩට එන ලෙස මෝසෙස් ඔවුන් කැඳවී ය. ඉශ්රායෙල් ජනයා ශුද්ධස්ථානයේ වැඩ සඳහා, එය ඉදි කිරීමට ගෙනා පඬුරු සියල්ල ඔව්හු මෝසෙස්ගෙන් බාරගත්හ. ඉශ්රායෙල් ජනයා ද උදයක් උදයක් පාසා තම තමන්ගේ පඬුරු ඔහු වෙත ගෙනෙන්නට වූ හ.
නික්මයාම 36:2-3 Sinhala New Revised Version 2018 (SNRV)
බෙශලෙල් හා ඔහොලියාබ් ද සමිඳාණන් වහන්සේ කෞශල්‍යය දානය කළ වැඩ කිරීමට කැමැත්ත පෑ දක්ෂ ශිල්පීන් සියල්ලන් ද වැඩට එන ලෙස මෝසෙස් ඔවුන් කැඳවී ය. ඉශ්රායෙල් ජනයා ශුද්ධස්ථානයේ වැඩ සඳහා, එය ඉදි කිරීමට ගෙනා පඬුරු සියල්ල ඔව්හු මෝසෙස්ගෙන් බාරගත්හ. ඉශ්රායෙල් ජනයා ද උදයක් උදයක් පාසා තම තමන්ගේ පඬුරු ඔහු වෙත ගෙනෙන්නට වූ හ.
නික්මයාම 36:2-3 New International Version (NIV)
Then Moses summoned Bezalel and Oholiab and every skilled person to whom the LORD had given ability and who was willing to come and do the work. They received from Moses all the offerings the Israelites had brought to carry out the work of constructing the sanctuary. And the people continued to bring freewill offerings morning after morning.