නික්මයාම 36:2-3
නික්මයාම 36:2-3 SROV
මෝසෙස් වනාහි බෙශලෙල් හා ඔහොලියාබ්ද ස්වාමීන්වහන්සේ විසින් සිතෙහි ප්‍රඥාව තබනලද නැණවත් සිත් ඇති සියලු මනුෂ්‍යයන්ද එනම් ඒ වැඩේකරන පිණිස පොළඹවනලද සිත් ඇති සියල්ලන්ද කැඳවිය. ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් ශුද්ධස්ථානයේ මෙහෙයේ කර්මාන්ත කිරීමට ගෙනාවාවූ මුළු පඬුර මෝසෙස්ගෙන් බාරගත්තෝය. සෙනඟද උදයක් පාසා තවත් ස්වෙච්ඡා පඬුරු ඔහු වෙතට ගෙනාවෝය.

