නික්මයාම 35:30-34 - Compare All Versions

නික්මයාම 35:30-34 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඉන්පසු මෝසෙස් ඉශ්‍රායෙල් ජනයා අමතමින්, “බලන්න, ස්වාමින්වහන්සේ යූදා ගෝත්‍ර වංශයේ හූර්ගේ පුත්‍ර ඌරීගේ පුත් බෙසලෙල් තෝරා ගෙන ඇත. උන්වහන්සේ සියලු ආකාර ශිල්පීය නිපුණත්වය ද හැකියාව හා අවබෝධය ද සමඟ දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගෙන් උන්වහන්සේ ඔහු පූර්ණ කරන ලද්දේ, රනින්, රිදීයෙන් හා ලෝකඩින් ශිල්පීය නිර්මාණකරණය පිණිසත්, මැණික් කැපීම හා එබ්බවීම ද ලී කැටයම් වැඩ ද ඇතුළු සියලු ශිල්පීයකරණ නිර්මාණවල නියැළෙන පිණිසත් ය. තවද අන් අයට ඉගැන්වීමට උන්වහන්සේ ඔහුට ද දාන් ගෝත්‍ර වංශයේ අහිසාමක්ගේ පුත්‍ර ඔහොලියාබ්ට ද ආනුභාව දුන් සේක.

බෙදාගන්න
නික්මයාම 35 SCV

නික්මයාම 35:30-34 SROV (Sinhala Revised Old Version)

මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියනුයේ: බලන්න, ස්වාමීන්වහන්සේ යූදාගේ ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත්‍රවූ බෙශලෙල්ගේ නම කියා ඔහු කැඳවා දක්ෂ කර්මාන්ත යෝජනාකර රනින්ද රිදීයෙන්ද පිත්තලෙන්ද වැඩ කිරීමටත් බැඳීමට මැණික් කැපීමටත් ලීවලින් කැටයම් වැඩ කිරීමටත් සියලු ආකාර වැඩවලට ප්‍රඥාවද බුද්ධියද දැනගැන්මද සියලු ආකාර කර්මාන්තවලට තේරුමද ලැබෙන ලෙස ඔහු දෙවියන්වහන්සේගේ ආත්මයෙන් පූර්ණකළසේක. තවද උන්වහන්සේ ඔහුටද දාන්ගේ ගෝත්‍රයේ අහිසාමක්ගේ පුත්‍රවූ ඔහොලියාබ්ටද උගන්වන්ටත් සිත් දුන්සේක.

බෙදාගන්න
නික්මයාම 35 SROV

නික්මයාම 35:30-34 NRSV (Sinhala New Revised Version)

මෝසෙස් ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කීවේ ය: “බලන්න, සමිඳාණන් වහන්සේ ජුදා ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත් බෙශලෙල් තෝරාගත් සේක. උන් වහන්සේ ඔහු දේවාත්මානුභාවයෙන් පුරවා, කෞශල්‍යය, හැකියාව සහ අවබෝධය ඔහුට දානය කළ සේක. එසේ කෙළේ නන්වැදෑරුම් කලාත්මක කෘතීන් සඳහාත්, දක්ෂ කලාවන් නිපැයීමටත් ඒවායේ රනින් හා රිදීයෙන් හා ලෝකඩයෙන් කැටයම් කිරීමටත්, මැණික් ගල් කපා ඒවායේ එබ්බවීමටත්, ලීයෙන් කැටයම් වැඩ කිරීමටත්, වෙනත් නා නා විධ කලාත්මක කෘතීන් සෑදීමටත් ය. උන් වහන්සේ ඔහුට ද දාන්ගේ ගෝත්‍රයේ අහිසාමක්ගේ පුත් ඔහොලියාබ්ට ද කලා ශිල්පීන්ට ඉගැන්වීමේ වරය දුන් සේක.

බෙදාගන්න
නික්මයාම 35 NRSV

නික්මයාම 35:30-34 SNRV (Sinhala New Revised Version 2018)

මෝසෙස් ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කීවේ ය: “බලන්න, සමිඳාණන් වහන්සේ ජුදා ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත් බෙශලෙල් තෝරාගත් සේක. උන් වහන්සේ ඔහු දේවාත්මානුභාවයෙන් පුරවා, කෞශල්‍යය, හැකියාව සහ අවබෝධය ඔහුට දානය කළ සේක. එසේ කෙළේ නන්වැදෑරුම් කලාත්මක කෘතීන් සඳහාත්, දක්ෂ කලාවන් නිපැයීමටත් ඒවායේ රනින් හා රිදීයෙන් හා ලෝකඩයෙන් කැටයම් කිරීමටත්, මැණික් ගල් කපා ඒවායේ එබ්බවීමටත්, ලීයෙන් කැටයම් වැඩ කිරීමටත්, වෙනත් නා නා විධ කලාත්මක කෘතීන් සෑදීමටත් ය. උන් වහන්සේ ඔහුට ද දාන්ගේ ගෝත්‍රයේ අහිසාමක්ගේ පුත් ඔහොලියාබ්ට ද කලා ශිල්පීන්ට ඉගැන්වීමේ වරය දුන් සේක.

බෙදාගන්න
නික්මයාම 35 SNRV

නික්මයාම 35:30-34 NIV (New International Version)

Then Moses said to the Israelites, “See, the LORD has chosen Bezalel son of Uri, the son of Hur, of the tribe of Judah, and he has filled him with the Spirit of God, with wisdom, with understanding, with knowledge and with all kinds of skills— to make artistic designs for work in gold, silver and bronze, to cut and set stones, to work in wood and to engage in all kinds of artistic crafts. And he has given both him and Oholiab son of Ahisamak, of the tribe of Dan, the ability to teach others.

බෙදාගන්න
නික්මයාම 35 NIV