නික්මයාම 34:1-3
නික්මයාම 34:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ, මෝසෙස් ඇමතූ සේක්, “පළමු ඒවා වැනි ගල් පුවරු දෙකක් කපා ගන්න. ඔබ බිඳ දැමූ ඒ පළමු ගල් පුවරුවල සඳහන් ව තිබූ වචන, මම ඒවායේ ලියන්නෙමි. උදෑසනින් සූදානම් වී, උදෑසන සීනයි කන්දට නැග එන්න. කඳු මුඳුනේදී මා අබියස පෙනී සිටින්න. කිසි කෙනකු ඔබ සමඟ නො ආ යුතුයි. කිසි කෙනකු කන්දේ යම් තැනක දක්නට පවා නො සිටිය යුතුයි. එළු බැටළු, ගව රංචුවලට පවා කන්ද ඉදිරිපිට තණ නො කැවිය යුතු යැ” යි පැවසූ සේක.
නික්මයාම 34:1-3 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: පළමු ඒවා වැනි ගල්ලෑලි දෙකක් කපාගන්න. නුඹ විසින් බින්ද පළමු ලෑලිවල තිබුණු වචන ඒ ලෑලිවල ලියන්නෙමි. අලුයම් වේලෙහි සෑදී සිට උදයම සීනයි කන්දට නැගී ඇවිත් එහි කන්ද මුදුනේ මා ඉදිරියෙහි පෙනීසිටින්න. කිසි මනුෂ්‍යයෙක් නුඹ සමඟ උඩට නොපැමිණිය යුතුය, කන්ද මුළුල්ලෙහිම කිසි මනුෂ්‍යයෙක් දක්නා නොලැබිය යුතුය; ඒ කන්ද ඉදිරියෙහි එළු බැටළු රැළවල්වත් ගව රැළවල්වත් ගොදුරු කන්ට නොහැරිය යුතුයයි කීසේක.
නික්මයාම 34:1-3 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පළමු ඒවාට සමාන ගල් පුවරු දෙකක් කපන්න. නුඹ බිඳ දැමූ පළමු ගල් පුවරුවල තිබූ වචන මම ඒවායේ ලියන්නෙමි. හෙට අලුයම් වේලෙහි සූදානම් ව, සීනයි කන්දට නැඟ, කන්ද මුදුනෙහි මා ඉදිරියෙහි පෙනී සිටින්න. කිසි මනුෂ්‍යයෙකු නුඹ සමඟ උඩට නො ආ යුතු ය. කන්දේ කිසි තැනක කිසි මනුෂ්‍යයෙකු දක්නා නොලැබිය යුතුයි. එළු බැටළු පට්ටි හෝ ගව පට්ටි කිසිවක් හෝ කන්ද ඉදිරියෙහි තණ නො කෑ යුතු ය”යි වදාළ සේක.
නික්මයාම 34:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පළමු ඒවාට සමාන ගල් පුවරු දෙකක් කපන්න. නුඹ බිඳ දැමූ පළමු ගල් පුවරුවල තිබූ වචන මම ඒවායේ ලියන්නෙමි. හෙට අලුයම් වේලෙහි සූදානම් ව, සීනයි කන්දට නැඟ, කන්ද මුදුනෙහි මා ඉදිරියෙහි පෙනී සිටින්න. කිසි මනුෂ්‍යයෙකු නුඹ සමඟ උඩට නො ආ යුතු ය. කන්දේ කිසි තැනක කිසි මනුෂ්‍යයෙකු දක්නා නොලැබිය යුතුයි. එළු බැටළු පට්ටි හෝ ගව පට්ටි කිසිවක් හෝ කන්ද ඉදිරියෙහි තණ නො කෑ යුතු ය”යි වදාළ සේක.
නික්මයාම 34:1-3 New International Version (NIV)
The LORD said to Moses, “Chisel out two stone tablets like the first ones, and I will write on them the words that were on the first tablets, which you broke. Be ready in the morning, and then come up on Mount Sinai. Present yourself to me there on top of the mountain. No one is to come with you or be seen anywhere on the mountain; not even the flocks and herds may graze in front of the mountain.”