නික්මයාම 34:1-3

නික්මයාම 34:1-3 SROV

ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: පළමු ඒවා වැනි ගල්ලෑලි දෙකක් කපාගන්න. නුඹ විසින් බින්ද පළමු ලෑලිවල තිබුණු වචන ඒ ලෑලිවල ලියන්නෙමි. අලුයම් වේලෙහි සෑදී සිට උදයම සීනයි කන්දට නැගී ඇවිත් එහි කන්ද මුදුනේ මා ඉදිරියෙහි පෙනීසිටින්න. කිසි මනුෂ්‍යයෙක් නුඹ සමඟ උඩට නොපැමිණිය යුතුය, කන්ද මුළුල්ලෙහිම කිසි මනුෂ්‍යයෙක් දක්නා නොලැබිය යුතුය; ඒ කන්ද ඉදිරියෙහි එළු බැටළු රැළවල්වත් ගව රැළවල්වත් ගොදුරු කන්ට නොහැරිය යුතුයයි කීසේක.