නික්මයාම 33:7-11 - Compare All Versions

නික්මයාම 33:7-11 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මෝසෙස් කූඩාරමක් රැගෙන කඳවුරට පිටතින්, ඊට මදක් ඈතින්, එය පිහිටුවන්නට පුරුදු ව සිටියේ ය. ඔහු එය හැඳින්වූයේ, “හමුවීමේ කූඩාරම” නමිනි. ස්වාමින්වහන්සේගෙන් විචාරණ කවරෙක් වුව, කඳවුරෙන් පිටත මෙම හමුවීමේ කූඩාරම වෙත ගියේ ය. මෝසෙස් කූඩාරම වෙත පිටත් ව ගිය අවස්ථාවන්හි, ජනයා සැවොම නැගිට, තම තමන්ගේ කූඩාරම් දොරකඩ සිටගෙන, මෝසෙස් කූඩාරමට ඇතුළු වන තෙක් බලා සිටියහ. මෝසෙස් කූඩාරම තුළට වන් කල, වලා ටැඹ පහත බැස අවුත්, කූඩාරම් දොරකඩ පිහිටා සිටියේ ය. එකල ස්වාමින්වහන්සේ මෝසෙස් සමඟ කතා කළ සේක. වලා ටැඹ කූඩාරම් දොරකඩ පිහිටා සිටිනු දකින කල, ජනයා සියල්ලෝ තම තමන්ගේ කූඩාරම් දොරකඩ නැගිට, නමස්කාර කළෝ ය. මිනිසකු තම මිතුරා සමඟ සාමීචියේ යෙදෙන්නා සේ, ස්වාමින්වහන්සේ මෝසෙස් සමඟ මුහුණට මුහුණ ලා කතා කළ සේක. ඉන්පසු මෝසෙස් කඳවුරට පෙරළා පැමිණියේ ය. එහෙත් නූන්ගේ පුත්, ඔහුගේ සහායක තරුණ යෝෂුවා කූඩාරම හැර නො ගියේ ය.

බෙදාගන්න
නික්මයාම 33 SCV

නික්මයාම 33:7-11 SROV (Sinhala Revised Old Version)

මෝසෙස් කූඩාරම ගෙන කඳවුරෙන් පිටත කඳවුරට ඈතින් පිහිටුවන්ට පුරුදුව සිටියේය; ඔහු ඊට සම්මුඛවීමේ කූඩාරමයයි නම් තැබුවේය. තවද ස්වාමීන්වහන්සේ සොයන හැමදෙනාම කඳවුරෙන් පිට තිබුණු සම්මුඛවීමේ කූඩාරම ළඟට ගියෝය. මෝසෙස් කූඩාරම ළඟට පිටතට ගිය කල මුළු සෙනඟ නැගිට එක එක මනුෂ්‍යයා තම තමාගේ කූඩාරමේ දොරකඩ සිට මෝසෙස් කූඩාරමට ඇතුල්වන තෙක් ඔහු දෙස බලා සිටියෝය. මෝසෙස් කූඩාරමට ඇතුල්වූ කල්හි වලාටැඹ බැස කූඩාරමේ දොරකඩ ළඟ සිටියේය. ස්වාමීන්වහන්සේ ද මෝසෙස් සමඟ කථාකළසේක. වලාටැඹ කූඩාරමේ දොරකඩ ළඟ සිටිනවා දුටු විට මුළු සෙනඟ නැගිට එක එක අය තම තමන්ගේ කූඩාරම් දොරකඩ සිට නමස්කාර කළෝය. මනුෂ්‍යයෙකු තමාගේ මිත්‍රයාට මුහුණට මුහුණ ලා කථාකරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ මෝසෙස් සමඟ කථාකළසේක. ඔහු නැවත කඳවුරට හැරී ආයේය. නුමුත් නූන්ගේ පුත්‍රවූ තරුණයෙක් වන ඔහුගේ සේවකයාවූ යෝෂුවා කූඩාරමෙන් අහක්ව නොගියේය.

බෙදාගන්න
නික්මයාම 33 SROV

නික්මයාම 33:7-11 NRSV (Sinhala New Revised Version)

මෝසෙස් මණ්ඩපය රැගෙන කඳවුරෙන් පිටත, ඊට ඈතින් එය පිහිටුවීමට පුරුදු ව සිටියේ ය. ඔහු එයට සම්මුඛ මණ්ඩපය කියා නම් කෙළේ ය. සමිඳාණන් වහන්සේගේ උපදෙස් ලබාගැනීමට ඕනෑ වූ සෑම කෙනෙකු ම කඳවුරින් පිටත වූ සම්මුඛ මණ්ඩපයට යා යුතු විය. තවද, මෝසෙස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන පිණිස පිටතට ගිය කල, සියල්ලෝ ම නැඟිට තම තමන්ගේ කූඩාරම් දොරටු ළඟ සිටගෙන ඔහු සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන තෙක් ඔහු දෙස බලා සිටියහ. මෝසෙස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වූ විට ම වලා ටැඹ බැස, එහි දොරටුව ළඟ සිටගති. සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ කතා කළ සේක. සියලු සෙනඟ සම්මුඛ මණ්ඩපයේ දොර ළඟ වූ වලා ටැඹ දුටු විට ඔව්හු නැඟිට තම තමන්ගේ කූඩාරම් දොරටු අසල සිටගෙන නමස්කාර කළහ. යමෙකු තම මිතුරා හා සමඟ කතා කරනු මෙන් සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ මුහුණට මුහුණ ලා කතා කළ සේක. ඉන්පසු ඔහු කඳවුරට එන්නට ආපසු හැරුණ නමුත් ඔහුගේ තරුණ සේවක නූන්ගේ පුත්, ජෝෂුවා සම්මුඛ මණ්ඩපයෙන් නික්ම නොගියේ ය.

බෙදාගන්න
නික්මයාම 33 NRSV

නික්මයාම 33:7-11 SNRV (Sinhala New Revised Version 2018)

නික්මයාම 33 SNRV

නික්මයාම 33:7-11 NIV (New International Version)

Now Moses used to take a tent and pitch it outside the camp some distance away, calling it the “tent of meeting.” Anyone inquiring of the LORD would go to the tent of meeting outside the camp. And whenever Moses went out to the tent, all the people rose and stood at the entrances to their tents, watching Moses until he entered the tent. As Moses went into the tent, the pillar of cloud would come down and stay at the entrance, while the LORD spoke with Moses. Whenever the people saw the pillar of cloud standing at the entrance to the tent, they all stood and worshiped, each at the entrance to their tent. The LORD would speak to Moses face to face, as one speaks to a friend. Then Moses would return to the camp, but his young aide Joshua son of Nun did not leave the tent.

බෙදාගන්න
නික්මයාම 33 NIV