නික්මයාම 32:8-9
නික්මයාම 32:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මා ඔවුන්ට අණ කළ මාර්ගයෙන් මෙතරම් ඉක්මනින් ඔවුන් හැරී ගොසින්; ඔවුහු ගොන් පැටවකුගේ හැඩයට තමන්ට පිළිමයක් වාත්තු කොට, ඊට නමස්කාර කරමින්, ඊට යාග ඔප්පු කරමින්, ‘එම්බා ඉශ්රායෙල්, ඊජිප්තුවෙන් පිටතට නුඹලා ගෙන ආ දෙවියො මෙන්න’ කියා කියති” යි කී සේක. ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “මා මේ ජනයා දුටුවා. ඔවුන් තද මුරණ්ඩු ජනතාවක්.
නික්මයාම 32:8-9 Sinhala Revised Old Version (SROV)
මා අණකළ මාර්ගයෙන් ඉක්මනින් අහක්ව ගියෝය. ඔව්හු වාත්තු වස්සෙකු සාදාගෙන ඊට නමස්කාරකර, පූජාකර–එම්බා ඉශ්රායෙල්, නුඹ මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹේ දෙවියෝ මේයයි කීවෝයයි කීසේක. තවද ස්වාමීන්වහන්සේ: මම මේ සෙනඟ විමසීමි, බලව, ඔව්හු තද කුළල් ඇති සෙනඟක්ය.
නික්මයාම 32:8-9 Sinhala New Revised Version (NRSV)
මා ඔවුන්ට අණ කළ මාර්ගයෙන් ඔව්හු ඉක්මනින් බැහැර ගියහ. ඔව්හු වාත්තු කළ වස්සෙකු සාදාගෙන ඊට නමස්කාර කරමින් ද පුද පූජා කරමින් ද, ‘ඉශ්රායෙල්වරුනි, මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා ඔබේ දෙවියෝ මෙන්න’ කිය කියා සිටිති”යි වදාළ සේක. තවදුරටත් උන් වහන්සේ මෝසෙස් අමතමින්, “මේ සෙනඟ මුරණ්ඩු සෙනඟක් බව මට පෙනේ.
නික්මයාම 32:8-9 Sinhala New Revised Version 2018 (SNRV)
මා ඔවුන්ට අණ කළ මාර්ගයෙන් ඔව්හු ඉක්මනින් බැහැර ගියහ. ඔව්හු වාත්තු කළ වස්සෙකු සාදාගෙන ඊට නමස්කාර කරමින් ද පුද පූජා කරමින් ද, ‘ඉශ්රායෙල්වරුනි, මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා ඔබේ දෙවියෝ මෙන්න’ කිය කියා සිටිති”යි වදාළ සේක. තවදුරටත් උන් වහන්සේ මෝසෙස් අමතමින්, “මේ සෙනඟ මුරණ්ඩු සෙනඟක් බව මට පෙනේ.
නික්මයාම 32:8-9 New International Version (NIV)
They have been quick to turn away from what I commanded them and have made themselves an idol cast in the shape of a calf. They have bowed down to it and sacrificed to it and have said, ‘These are your gods, Israel, who brought you up out of Egypt.’ “I have seen these people,” the LORD said to Moses, “and they are a stiff-necked people.