නික්මයාම 32:31-32
නික්මයාම 32:31-32 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් මෝසෙස්, ස්වාමින්වහන්සේ වෙත ආපසු ගොස්, මෙසේ පැවසී ය. “අහෝ! මේ ජනතාව කර ඇත්තේ මොන තරම් මහා පාපයක් ද! ඔවුන් තමනට රන් දෙවිවරුන් හදාගෙන ඇත. එහෙත්, දැන් ඔවුන්ගේ පාපයට කමා වුව මැනවි. කමා නො කරන්නේ නම්, ඔබවහන්සේ ලියා ඇති පොතෙන් මගේ නම කටුගා දමනු මැනවි” යි ඉල්ලී ය.
නික්මයාම 32:31-32 Sinhala Revised Old Version (SROV)
මෝසෙස් ස්වාමීන්වහන්සේ වෙතට හැරී ගොස්: අහෝ, මේ සෙනඟ මහත් පාපයක් කර තමුන්ට රනින් දෙවිවරුන් සාදාගත්තෝය. එහෙත් දැන් ඔබ ඔවුන්ගේ පාපය ක්ෂමා කරන්ට කැමතිවනසේක් නම් [යහපත]; නැතහොත් ඔබවහන්සේ ලියා තිබෙන පොතෙන් මා මකාදැමුව මැනවයි කීවේය.
නික්මයාම 32:31-32 Sinhala New Revised Version (NRSV)
ඔහු ද සමිඳාණන් වහන්සේ වෙත ආපසු ගොස්, “අහෝ, මේ සෙනඟ දරුණු අපරාධයක් කළෝ ය. ඔව්හු ඔවුන්ට ම රනින් දෙවියෙකු සාදගත්හ. දැන් ඉතින් ඔවුන්ගේ පාපයට කමාව දුන මැනව; එසේ නොදෙන සේක් නම්, කරුණාකර ඔබ වහන්සේ පොතෙන් මාගේ නාමය මකාදමනු මැනව”යි ඉල්ලී ය.
නික්මයාම 32:31-32 Sinhala New Revised Version 2018 (SNRV)
ඔහු ද සමිඳාණන් වහන්සේ වෙත ආපසු ගොස්, “අහෝ, මේ සෙනඟ දරුණු අපරාධයක් කළෝ ය. ඔව්හු ඔවුන්ට ම රනින් දෙවියෙකු සාදගත්හ. දැන් ඉතින් ඔවුන්ගේ පාපයට කමාව දුන මැනව; එසේ නොදෙන සේක් නම්, කරුණාකර ඔබ වහන්සේ පොතෙන් මාගේ නාමය මකාදමනු මැනව”යි ඉල්ලී ය.
නික්මයාම 32:31-32 New International Version (NIV)
So Moses went back to the LORD and said, “Oh, what a great sin these people have committed! They have made themselves gods of gold. But now, please forgive their sin—but if not, then blot me out of the book you have written.”