නික්මයාම 32:1-4

නික්මයාම 32:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මෝසෙස් කන්දෙන් බැස ඒමට ප්‍රමාද වන බැව් දුටු ජනයා, ආරොන් වටා එක් රැස් වී, ඔහුට කතා කොට, “එන්න, අපට පෙරටුවෙන් යන්නට අපට දෙවිවරුන් හදා දෙන්න. මන්ද ඊජිප්තුවෙන් පිටතට අප ගෙන ආ මේ මිනිසා මෝසෙස්, ඔහුට මොනවා වුණාදැයි අප දන්නේ නැතැ” යි කීහ. ආරොන් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබේ භාර්යාවන්ගේ ද ඔබේ පුතුන්ගේ ද ඔබේ දියණියන්ගේ ද කන්වල ඇති රන් කුණ්ඩලාභරණ ගලවා, මා වෙත ගෙනෙන්නැ” යි කීවේ ය. එබැවින් මුළු ජනතාව තමන්ගේ රන් කුණ්ඩලාභරණ ගලවා, ආරොන් වෙත ගෙන ආහ. ඔහු ඔවුන් අතින් ඒවා ගෙන, උණු කර, අච්චුවක ලා, උපකරණයකින් හැඩකොට, ගොන් පැටවකුගේ පිළිරුවක් වාත්තු කළේ ය. එවිට ඔවුහු, “එම්බා ඉශ්‍රායෙල්, ඊජිප්තුවෙන් පිටතට නුඹලා ගෙන ආ දෙවියො මෙන්නැ” යි කීහ.

නික්මයාම 32:1-4 Sinhala Revised Old Version (SROV)

මෝසෙස් කන්දෙන් බසින්ට ප්‍රමාදවන බව සෙනඟ දැක ආරොන් ළඟට රැස්ව: නැගිටින්න, අපට පෙරටුව යන පිණිස අපට දෙවිකෙනෙක් සාදන්න; මක්නිසාද මිසර දේශයෙන් අප ගෙනා මනුෂ්‍යයා වූ මේ මෝසෙස්ට කුමක්වීදැයි නොදනිමුයයි කීවෝය. ආරොන්ද: නුඹලාගේ භාර්යාවන්ගේද පුත්‍රයන්ගේද දූවරුන්ගේද කන්වල තිබෙන රන් කුණ්ඩලාභරණ ගළවා මා ළඟට ගෙනෙන්නැයි කීය. එවිට මුළු සෙනඟ තමුන්ගේ කන්වල තිබුණු රන් කුණ්ඩලාභරණ ගළවා ආරොන් ළඟට ගෙනාවෝය. ඔහු ඒවා ඔවුන් අතින් ගෙන කැටයම්කරන ආවුදයකින් හැඩ කොට වාත්තු වස්සෙකු සෑදුවේය. ඔව්හුද: එම්බා ඉශ්‍රායෙල්, නුඹ මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹේ දෙවියෝ මේයයි කීවෝය.

නික්මයාම 32:1-4 Sinhala New Revised Version (NRSV)

මෝසෙස් කන්දෙන් බැස ඒමට ප්‍රමාද වන බව සෙනඟ දුටු විට, ඔව්හු ආරොන් වට කර, රැස් වී ඔහුට කතා කොට, “එන්න, අපට පෙරටුව යන පිණිස දෙවියෙකු සාදා දෙන්න. මිසර දේශයෙන් අප පිටතට ගෙනා මේ මෝසෙස් කියන මිනිසාට කුමක් වූයේ ද කියා අපි නොදනිමු”යි කී හ. ආරොන් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබේ භාර්යාවන්ගේ ද දරුදැරියන්ගේ ද රන් කුණ්ඩලාභරණ ගලවා මා වෙත ගෙනෙන්නැ”යි කී ය. සෙනඟ සියල්ලෝ තම තමන්ගේ කන්වල තිබූ රන් කුණ්ඩලාභරණ ගලවා ආරොන් වෙත ගෙනාහ. ඔහු ඔවුන්ගේ අතින් ඒවා ගෙන, උණු කොට, අච්චුවක වත් කර, වස්සෙකුගේ රූපයක් වාත්තු කෙළේ ය. මේ දුටු සෙනඟ, “ඉශ්රායෙල් මේ අප මිසරයෙන් ගෙනාවා වූ අපගේ දෙවියන් වහන්සේ ය”යි කීවෝ ය.

නික්මයාම 32:1-4 Sinhala New Revised Version 2018 (SNRV)