නික්මයාම 3:14-15 - Compare All Versions
නික්මයාම 3:14-15 SROV (Sinhala Revised Old Version)
එවිට දෙවියන්වහන්සේ කථාකොට: මම යම්සේ සිටිම්ද එසේම සිටිමියි මෝසෙස්ට කීසේක. තවද උන්වහන්සේ කියනසේක්: නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: ස්වයම්භූ නම් තැනන්වහන්සේ නුඹලා වෙතට මා එවූසේකැයි කියන්නැයි කීසේක. තව දුරටත් දෙවියන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද ඊසාක්ගේ දෙවියන්වහන්සේද යාකොබ්ගේ දෙවියන්වහන්සේද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා වෙතට මා එවූසේකැයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියන්න. මෙය සදාකල්හිම මාගේ නාමයය, මෙය සියලු පරම්පරාවන්ට මාගේ සංඥා නාමයය.
නික්මයාම 3:14-15 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එවිට දෙවියන්වහන්සේ උත්තර දෙමින්, “මම යම් සේ සිටිම් ද, එසේ ම සිටිම්හ. ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ඔබ කිය යුත්තේ, ‘නුඹලා වෙත මා එවන ලද්දේ, මම සිටිම්හ යන තැනැන්වහන්සේ කියා යැ’ යි” පැවසූ සේක. දෙවියන්වහන්සේ තවදුරටත් මෝසෙස් අමතමින්, “ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ඔබ කිව යුත්තේ, ‘ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ද ඊසාක්ගේ දෙවියන්වහන්සේ ද යාකොබ්ගේ දෙවියන්වහන්සේ ද වන ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ නුඹලා වෙත මා එවූ සේක’ යනුවෙනි. “සදාතනයට ම මගේ නාමය එයයි. පරපුරින් පරපුරට මගේ සැමරුම් නාමය එයයි.
නික්මයාම 3:14-15 NRSV (Sinhala New Revised Version)
උන් වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, “මම වනාහි ස්වයම්භූ නම් තැනැන් වහන්සේ වෙමි. ‘ස්වයම්භූ තැනැන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකැ’යි නුඹ ඉශ්රායෙල් ජනයාට කිව යුතු ය”යි වදාළ සේක. තවදුරටත් උන් වහන්සේ මෝසෙස්ට කතා කරමින්, මෙසේ වදාළ සේක: “ ‘ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකැ’යි කිව යුතු ය; සදහට ම මෙය මාගේ නාමය වේ; මතු සියලු පරම්පරාවෝ මේ නාමයෙන් මට ආමන්ත්‍රණය කරති.”
නික්මයාම 3:14-15 SNRV (Sinhala New Revised Version 2018)
උන් වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, “මම වනාහි ස්වයම්භූ නම් තැනැන් වහන්සේ වෙමි. ‘ස්වයම්භූ තැනැන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකැ’යි නුඹ ඉශ්රායෙල් ජනයාට කිව යුතු ය”යි වදාළ සේක. තවදුරටත් උන් වහන්සේ මෝසෙස්ට කතා කරමින්, මෙසේ වදාළ සේක: “ ‘ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකැ’යි කිව යුතු ය; සදහට ම මෙය මාගේ නාමය වේ; මතු සියලු පරම්පරාවෝ මේ නාමයෙන් මට ආමන්ත්‍රණය කරති.”
නික්මයාම 3:14-15 NIV (New International Version)
God said to Moses, “I AM WHO I AM. This is what you are to say to the Israelites: ‘I AM has sent me to you.’ ” God also said to Moses, “Say to the Israelites, ‘The LORD, the God of your fathers—the God of Abraham, the God of Isaac and the God of Jacob—has sent me to you.’ “This is my name forever, the name you shall call me from generation to generation.