නික්මයාම 3:14-15

නික්මයාම 3:14-15 SCV

එවිට දෙවියන්වහන්සේ උත්තර දෙමින්, “මම යම් සේ සිටිම් ද, එසේ ම සිටිම්හ. ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ඔබ කිය යුත්තේ, ‘නුඹලා වෙත මා එවන ලද්දේ, මම සිටිම්හ යන තැනැන්වහන්සේ කියා යැ’ යි” පැවසූ සේක. දෙවියන්වහන්සේ තවදුරටත් මෝසෙස් අමතමින්, “ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ඔබ කිව යුත්තේ, ‘ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ද ඊසාක්ගේ දෙවියන්වහන්සේ ද යාකොබ්ගේ දෙවියන්වහන්සේ ද වන ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ නුඹලා වෙත මා එවූ සේක’ යනුවෙනි. “සදාතනයට ම මගේ නාමය එයයි. පරපුරින් පරපුරට මගේ සැමරුම් නාමය එයයි.