නික්මයාම 25:31-40

නික්මයාම 25:31-40 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“අමිශ්‍ර රනින් පහන් රුකක් සාදන්න. පහන් රුකේ අඩිය හා කඳ, තැලූ රනින් විය යුතු ය. මල් වැනි එහි කොපු ද පොහොට්ටු හා මල් ද ඇතුළු මුළු පහන් රුක තනි නිර්මාණයක් විය යුතු ය. එක පැත්තක අතු තුනක් ද අනෙක් පැත්තේ අතු තුනක් ද යන වශයෙන් පහන් රුක දෙපසින් අතු හයක් විහිද ගිය යුතු ය. මල් පොහොට්ටු හා මල් සහිත කොට්ටම්බා මල් හැඩයෙන් යුත් කොපු, එක් අත්තක තුනක් ද අනෙක් අත්තේ තුනක් ද යන වශයෙන් පහන් රුකෙන් විහිද යන අතු හයේ ම විය යුතු ය. පහන් රුකේ කඳෙහි ද මල් පොහොට්ටු හා මල් සහිත කොට්ටම්බා මල් හැඩයෙන් යුත් කොපු හතරක් තිබිය යුතු ය. එක් පොහොට්ටුවක්, පහන් රුකෙන් දෙපසට විහිද යන පළමු අතු යුගල යටින් ද තව පොහොට්ටුවක් දෙවන අතු යුගල යටින් ද අනෙක් පොහොට්ටුව තෙවන අතු යුගල යටින් ද යන වශයෙන් අතු හයට ම අදාළ ව තිබිය යුතු ය. එම පොහොට්ටු හා අතු හා පහන් රුක, තැලූ අමිශ්‍ර රනින් කළ තනි නිර්මාණයක් විය යුතු ය. “ඉන්පසු එහි පහන් සත සාදා, එහි ඉදිරිපසට එළිය ලැබෙන පිණිස, ඒවා පහන් රුක මත තබන්න. පහන් තිර කපන කතුරු හා ඒවායේ තැටි ද අමිශ්‍ර රනින් විය යුතු ය. පහන් රුක හා ඊට අනුබද්ධ සියලු උපාංග සඳහා තලෙන්තයක බර අමිශ්‍ර රත්රන් උපයෝගී කර ගත යුතු ය. කන්දේදී ඔබට පෙන් වූ සැලැස්මට අනුව ඒවා සාදන්නට වග බලා ගන්න.

නික්මයාම 25:31-40 Sinhala Revised Old Version (SROV)

පවිත්‍ර රනින් පහන් රුකක් සාදන්න. අඩියද කඳද ඇතුළුව පහන් රුක තළා සාදනු ලැබිය යුතුය; ඒකේ කුසලාන්ද මොට්ටුද මල්ද එක වැඩක් විය යුතුය. එහි පැතිවලින් නික්මෙන අතු සයක් විය යුතුය; පහන් රුකේ එක පැත්තක අතු තුනක්ද අනික් පැත්තේ අතු තුනක්ද විය යුතුය. කොට්ටම්බා මල් හා සමානව සාදනලද පෙති කුසලාන් තුනක් මොට්ටුවකුත් මලකුත් ඇතුව එක අත්තකද කොට්ටම්බා මල් හා සමානව සාදනලද පෙති කුසලාන් තුනක් මොට්ටුවකුත් මලකුත් ඇතුව අනික් අත්තේද විය යුතුය. පහන්රුකෙන් නික්මෙන අතු සයේම එසේ විය යුතුය. පහන්රුකේ කොට්ටම්බා මල් සමානව සාදනලද පෙති කුසලාන් සතරක් ඒවායේ මොට්ටු සහ මල්ද සහිතව ඇතිවිය යුතුය. පහන්රුකෙන් නික්මෙන අතු සයට ඒකේ අතු දෙකක් යට ඊට සම්බන්ධව මොට්ටුවක්ද අනික් අතු දෙක යට ඊට සම්බන්ධව මොට්ටුවක්ද අනික් අතු දෙක යට ඊට සම්බන්ධවූ මොට්ටුවක්ද වන්නේය. ඒවායේ මොට්ටු සහ අතු ඊට සම්බන්ධ වන්නේය. ඒ සියල්ල තළනලද පවිත්‍ර රනින් කළ වැඩක් විය යුතුය. ඒකේ පහන් සතක් සාදන්න. ඔව්හු ඒක ඉදිරිපිටින් එළිය වැටෙන පිණිස ඒවා දල්වන්නෝය. ඒකේ කතුරුද කතුරු තැටිද පවිත්‍ර රනින් විය යුතුය. එයද මේ සියලු භාජනද පවිත්‍රවූ රන් තලෙන්තයකින් සෑදිය යුතුය. කන්දේදී නුඹට පෙන්වනලද ආදර්ශය ලෙස ඒවා සාදන්ට බලාගන්න.

නික්මයාම 25:31-40 Sinhala New Revised Version (NRSV)

“තවද, නුඹ තනි රත්රන් පහන් රුකක් සෑදිය යුතු ය. එහි අඩිය ද කඳ ද තැළූ රනින් තැනිය යුතු වේ. එහි මල් ද මල් කැකුළු ද මල් පෙති ද ඊට පෑස්සු එක වස්තුවක් විය යුතු ය. පහන් රුකේ එක පැත්තක අතු තුනක් ද අනික් පැත්තේ අතු තුනක් ද බැගින් එහි පැතිවලින් අතු හයක් විහිදී යා යුතු ය. එක් අත්තක කොට්ටම්බා වැනි මල් තුනක් ද මල් කැකුළු හා මල් පෙති ද අනික් පැත්තේ කොට්ටම්බා වැනි මල් තුනක් ද මල් කැකුළු හා මල් පෙති ද බැගින් පහන් රුකින් විහිදෙන අතු හයේ ම එලෙස ම විය යුතු ය. පහන් රුකෙහි ද කොට්ටම්බා වැනි මල් හතරක් ද ඒවායේ මල් කැකුළු හා මල් පෙති ද විය යුතු ය. පහන් රුකෙහි අතු දෙකක් යට එක මල් කැකුළක් ද තවත් අතු දෙකක් යට එක මල් කැකුළක් ද අනික් අතු දෙක යට මල් කැකුළක් ද බැගින් ඉන් විහිදී යන අතු හයේ ම එසේ විය යුතු ය. මල් කැකුළු සහ අතු පහන් රුක සමඟ ඒකාබද්ධ ව තිබිය යුතු යි. සියල්ල ම තැළූ තනි රනින් කළ කර්මාන්තයක් විය යුතු ය. “නුඹ ද පහන් රුක සඳහා පහන් හතක් සාදා, ඒවායේ එළිය ඉදිරියට වැටෙන සේ පහන්වල ආලෝකය සකස් කළ යුතු ය. පහන් කතුරු ද ඒවායේ තැටි ද රනින් විය යුතු ය. පහන් රුක සහ සියලු බඳුන් තැනීම සඳහා තනි රන් කිලෝග්‍රෑම් තිස්පහක් පාවිච්චි කළ යුතු ය. කන්දේ දී නුඹට පෙන්වූ සැලැස්ම අනුව මේවා සෑදීමට වග බලාගත යුතු ය.”

නික්මයාම 25:31-40 Sinhala New Revised Version 2018 (SNRV)