නික්මයාම 18:13-26

නික්මයාම 18:13-26 සිංහල කාලීන පරිවර්තනය (SCV)

පසු දින මෝසෙස් ජනතාවට යුක්තිය පසිඳලනු පිණිස, විනිසුරු වශයෙන් අසුන් ගත්තේ ය. ජනයා උදය පටන් සවස දක්වා ඔහු වටා සිටගෙන වුන්හ. ජනයා උදෙසා මෝසෙස් කරන සියලු දෑ දුටු ඔහුගේ මාමා, “මොනවද මේ ජනයාට ඔබ කරන දේ! ජනතාව උදේ පටන් සවස් වන තෙක් ඔබ වටා සිටගෙන සිටියදී, ඔබ පමණක් හිඳ සිටින්නේ මන්දැ?” යි ඇසී ය. මෝසෙස් ඔහුට පිළිතුරු දෙමින්, “එසේ කරන්නේ, දෙවියන්වහන්සේගෙන් විමසන පිණිස ජනයා මා ළඟට එන නිසයි. ඔවුන් අතරේ ආරවුලක් ඇති වූ කල, එය මට ඉදිරිපත් කෙරේ. මම දෙපාර්ශ්වය අතර කරුණු විභාග කර, දෙවියන්වහන්සේගේ නියෝග හා උපදෙස් ඔවුන්ට දන්වන්නෙමි” යි පැවසී ය. මෝසෙස්ගේ මාමා පිළිතුරු දෙමින්, “ඔබ කරන දේ හරි නැත. එයින් ඔබත්, ඔබ හමුවට එන ජනයාත් වෙහෙසට පත් වෙනවා පමණි. මේ කාරිය ඔබට බර වැඩියි. එය තනි ඔබට කළ නො හැකියි. දැන් මට ඇහුම්කන් දෙන්න. මම ඔබට උපදෙසක් දෙන්නම්. දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේක්වා. ඔබ, දෙවියන්වහන්සේ ඉදිරියේ ජනයාගේ නියෝජිතයා වී, ඔවුන්ගේ ආරවුල් උන්වහන්සේ වෙත ගෙන ආ යුතුයි. නියෝග හා උපදෙස් ඔවුන්ට උගන්වා, ඔවුන් ජීවත් විය යුතු අන්දම හා ඔවුන් කළ යුතු කාර්යයන් ඔවුන්ට පෙන්වා දෙන්න. එපමණක් නො ව, දේව භයින් යුක්ත, විශ්වාසවන්ත හා අයුතු වාසියට ද්වේෂ කරන සුදුසු මිනිසුන් මුළු ජනතාව අතරින් සොයා, ඔවුන් දහසකට අධිපතීන් ද සියයකට, පනහකට හා දහයකට අධිපතීන් ද කොට පත් කරන්න. ඔවුහු හැම කල්හි ජනතාවට විනිසුරුවන් වශයෙන් කටයුතු කරත්වා. එහෙත් බරපතළ සිද්ධීන් හැමකක් ම ඔබ වෙතට පමුණුවනු ලබත්වා. සුළු ගැටලු ඔවුන්ට ම විසඳිය හැකි ය. මෙසේ ඔවුන් ද ඔබ සමඟ මේ බරට උරදෙන බැවින් එය ඔබට පහසුවක් වනු ඇත. ඔබ එලෙස කරන්නේ නම්, දෙවියන්වහන්සේ ද එසේ අණ කරන සේක් නම්, ඔබට ද දැරිය හැකි වනු ඇත. මේ සියලු ජනයා ද සෑහීමෙන් යුතු ව යළි තම ගෙවලට යනු ඇතැ” යි කීවේ ය. මෝසෙස් තම මාමාට ඇහුම්කන් දී, ඔහු කී පරිදි ඒ හැම දෑ කළේ ය. මෝසෙස්, ඉශ්‍රායෙල් සියල්ලන් අතරින් සුදුස්සන් තෝරා, දහසකට අධිපතීන්, සියයකට, පනහකට හා දහයකට අධිපතීන් යන වශයෙන් ජනතාවගේ නායකයින් කොට පත් කළේ ය. ඔවුහු හැම කල්හි ජනතාවගේ විනිශ්චයකරුවන් වශයෙන් කටයුතු කළහ. අසීරු ගැටලු, මෝසෙස් වෙත ගෙන ආ ඔවුහු සුළු ආරවුල් තුමූම විසඳූහ.

නික්මයාම 18:13-26 Sinhala Revised Old Version (SROV)

තවද පසුවදා මෝසෙස් සෙනඟ විනිශ්චය කරන පිණිස හිඳගත්තේය. සෙනඟද උදය පටන් සවස දක්වා ඔහු අවට සිටියාහ. මෝසෙස් සෙනඟ සම්බන්ධව කරන සියල්ල ඔහුගේ මාමා දැක: නුඹ සෙනඟ ගැන කරන මේ දෙය කිමෙක්ද? නුඹ පමණක් වාඩිවී ඉන්නෙත් මුළු සෙනඟ උදේ පටන් සවස දක්වා නුඹ අවට නැගිට සිටින්නෙත් මක්නිසාදැයි කීය. මෝසෙස්ද: සෙනඟ දෙවියන්වහන්සේගෙන් විභාගකරන පිණිස මා වෙතට එන නිසාය. ඔවුන්ට කාරණයක් ඇති කළ ඔව්හු මා වෙතට එති; මමද මනුෂ්‍යයෙකු සහ ඔහුගේ අසල්වාසියා අතරේ විනිශ්චයකොට දෙවියන්වහන්සේගේ නියෝගයද ව්‍යවස්ථාද ඔවුන්ට දන්වමියි තමාගේ මාමාට කීවේය. මෝසෙස්ගේ මාමා ඔහුට කථාකොට: නුඹ කරන දේ හොඳ නැත. නුඹද නුඹ සමඟ සිටින මේ සෙනඟද ඒකාන්තයෙන් වෑරීයන්නහුය. මක්නිසාද මේ කාරණය නුඹට බර වැඩිය; නුඹට පමණක්ම එය ඉෂ්ටකිරීම නොහැකිය. ඉතින් මාගේ හඬට ඇහුම්කන් දෙන්න, මම නුඹට දැනමුතුකම්දෙමි, දෙවියන්වහන්සේ නුඹ සමඟ සිටිනසේක්වා. නුඹ සෙනඟ උදෙසා දෙවියන්වහන්සේ ඉදිරියේ සිට උන්වහන්සේ ඉදිරියට කාරණා පමුණුවන්න. නුඹ ඔවුන්ට නියෝග සහ ව්‍යවස්ථා උගන්වා ඔවුන් විසින් හැසිරිය යුතු මාර්ගයත් කළ යුතු වැඩත් ඔවුන්ට පෙන්වාදෙන්න. ඇරත් නුඹ මුළු සෙනඟ අතරෙන් දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ සත්‍යවාදීවූ අයුතු ලාභයට ද්වේෂකරන්නාවූ සමර්ථ මනුෂ්‍යයන් තෝරාගෙන ඔවුන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද කොට සෙනඟ කෙරෙහි පත්කරන්න. ඔව්හු සියලු ප්‍රස්තාවයන්හිදී සෙනඟ විනිශ්චය කෙරෙත්වා. ඔව්හු සියලු මහත් කාරණා නුඹ වෙතට පමුණුවා සියලු සුළු කාරණා තුමූම විනිශ්චය කෙරෙත්වා. මෙසේ නුඹට හුඟක් පහසු වන්නේය, ඔව්හු නුඹ සමඟ බර උසුලන්නෝය. නුඹ මෙසේ කරන්නෙහි නම්, දෙවියන්වහන්සේත් එසේ නුඹට අණකරනසේක්නම්, නුඹට දැරියහැකි වන්නේය, මේ මුළු සෙනඟද තමුන්ගේ ස්ථානයට සමාදානයෙන් යන්නෝයයි කීවේය. මෝසෙස් තම මාමාගේ බසට කන්දී ඔහු කී සියල්ල කෙළේය. මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ගෙන් සමර්ථ මනුෂ්‍යයන් තෝරාගෙන ඔවුන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද වශයෙන් සෙනඟ කෙරෙහි ප්‍රධානීන් කොට ඔවුන් පත්කෙළේය. ඔව්හු සියලු ප්‍රස්තාවයන්හිදී සෙනඟ විනිශ්චයකළෝය. අමාරු කාරණා මෝසෙස් වෙතට ගෙනාවෝය, එහෙත් සියලු සුළු කාරණා ඔව්හුම විනිශ්චයකළෝය.

නික්මයාම 18:13-26 Sinhala New Revised Version (NRSV)

පසු දින මෝසෙස් සෙනඟ විනිශ්චය කරනු සඳහා අසුන් ගත්තේ ය. සෙනඟ උදය සිට සවස දක්වා ඔහු අවට සිටියහ. තවද, සෙනඟ සම්බන්ධයෙන් මෝසෙස් කරන්නට වූ සියල්ල දුටු මෝසෙස්ගේ මාමණ්ඩි ඔහුට කතා කරමින්, “ඔබ සෙනඟට මේ කරන්නේ කුමක් ද? ඔබ තනියම අසුන් ගෙන සිටින්නෙත්, මුළු සෙනඟ උදේ පටන් සවස දක්වා ඔබ ළඟ සිටින්නෙත් මන්දැ”යි විචාළේ ය. එවිට මෝසෙස් තම මාමණ්ඩිට පිළිතුරු දෙමින්, “මා මෙසේ කරන්නේ, සෙනඟ දෙවියන් වහන්සේගෙන් උපදෙස් ලබාගැනීම සඳහා මා වෙත එන නිසා ය. ඔවුන් අතර ප්‍රශ්නයක් ඇති වූ විට ඔව්හු මා වෙත එති. මම ද ඔවුනොවුන් විනිශ්චය කොට දෙවියන් වහන්සේගේ ආඥා සහ අණපණත් ඔවුන්ට දන්වමි”යි කීවේ ය. එවිට මෝසෙස්ගේ මාමා ඔහුට කතා කොට, “ඔබ කරන දේ හරි නැත. ඔබත්, ඔබ ළඟ සිටින මේ සෙනඟත් අතිශයින් විඩාවට පත්වනු ඇත. මේ කටයුත්ත ඔබට බර වැඩි ය. ඔබට එය තනියම ඉටු කිරීම නොහැක. එබැවින් දැන් මා කියන දේට සවන් දෙන්න. මම ඔබට දැනමුතුකමක් දෙමි. දෙවියන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියෙහි නියෝජිතයෙකු වී, නඩුහබ උන් වහන්සේ ඉදිරියට පමුණුවන්න. ඔබ ඔවුන්ට ආඥා සහ අණපණත් උගන්වමින් ඔවුන් හැසිරිය යුතු අන්දම හා ඔවුන් ඉටු කළ යුතු දේ ද පෙන්වා දිය යුතු ය. තවද, ඔබ මුළු සෙනඟ අතුරින් දේව භය ඇති, සත්‍යවාදී, අල්ලස් නොගන්නා දක්ෂ මිනිසුන් තෝරා ඔවුන් අතර සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද පණසාධිපතීන් හා දශාධිපතීන් ද වශයෙන් ඔවුන් පත් කරන්න. ඔවුන් සියලු අවස්ථාවන්හි දී මිනිසුන් විනිශ්චය කළ යුතු ය. එහෙත්, වැදගත් ප්‍රශ්නයක් තිබේ නම් ඔවුන් ඔබ වෙත එය ගෙනා යුතු ය. එහෙත්, සෑම සුළු කරුණක් ඔවුන් ම විනිශ්චය කළ යුතුයි. එසේ කළොත් ඔබට වඩාත් පහසු වේ. ඔවුන් ද ඔබ සමඟ වගකීමේ බර උසුලනු ඇත. දෙවියන් වහන්සේ ඔබට අණ කරන ලෙස ඔබ මෙය කරන්නෙහි නම් ඔබ විඩාවට පත් නොවනු ඇත. මේ සෙනඟට ද තම තමන්ගේ ගෙවලට සමගි සාමදානයෙන් යන්න පුළුවන් වේ ය”යි කී ය. මෝසෙස් තම මාමණ්ඩි කී දේට සවන් දී ඔහු කී සියල්ල ඉටු කෙළේ ය. ඔහු ඉශ්රායෙල්වරුන් සියලු දෙනා අතුරින් දක්ෂ මිනිසුන් තෝරා සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද පණසාධිපතීන් හා දශාධිපතීන් ද වශයෙන් සෙනඟගේ නායකයන් ලෙස පත් කෙළේ ය. ඔව්හු සියලු අවස්ථාවල දී සෙනඟ විනිශ්චය කළහ. දුෂ්කර ප්‍රශ්න ඔවුන් මෝසෙස් වෙත ගෙනා නමුත්, සෑම සුළු කරුණක් ම ඔව්හු ම විනිශ්චය කළහ.

නික්මයාම 18:13-26 Sinhala New Revised Version 2018 (SNRV)

පසු දින මෝසෙස් සෙනඟ විනිශ්චය කරනු සඳහා අසුන් ගත්තේ ය. සෙනඟ උදය සිට සවස දක්වා ඔහු අවට සිටියහ. තවද, සෙනඟ සම්බන්ධයෙන් මෝසෙස් කරන්නට වූ සියල්ල දුටු මෝසෙස්ගේ මාමණ්ඩි ඔහුට කතා කරමින්, “ඔබ සෙනඟට මේ කරන්නේ කුමක් ද? ඔබ තනියම අසුන් ගෙන සිටින්නෙත්, මුළු සෙනඟ උදේ පටන් සවස දක්වා ඔබ ළඟ සිටින්නෙත් මන්දැ”යි විචාළේ ය. එවිට මෝසෙස් තම මාමණ්ඩිට පිළිතුරු දෙමින්, “මා මෙසේ කරන්නේ, සෙනඟ දෙවියන් වහන්සේගෙන් උපදෙස් ලබාගැනීම සඳහා මා වෙත එන නිසා ය. ඔවුන් අතර ප්‍රශ්නයක් ඇති වූ විට ඔව්හු මා වෙත එති. මම ද ඔවුනොවුන් විනිශ්චය කොට දෙවියන් වහන්සේගේ ආඥා සහ අණපනත් ඔවුන්ට දන්වමි”යි කීවේ ය. එවිට මෝසෙස්ගේ මාමා ඔහුට කතා කොට, “ඔබ කරන දේ හරි නැත. ඔබත්, ඔබ ළඟ සිටින මේ සෙනඟත් අතිශයින් විඩාවට පත්වනු ඇත. මේ කටයුත්ත ඔබට බර වැඩි ය. ඔබට එය තනියම ඉටු කිරීම නොහැක. එබැවින් දැන් මා කියන දේට සවන් දෙන්න. මම ඔබට දැනමුතුකමක් දෙමි. දෙවියන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියෙහි නියෝජිතයෙකු වී, නඩුහබ උන් වහන්සේ ඉදිරියට පමුණුවන්න. ඔබ ඔවුන්ට ආඥා සහ අණපනත් උගන්වමින් ඔවුන් හැසිරිය යුතු අන්දම හා ඔවුන් ඉටු කළ යුතු දේ ද පෙන්වා දිය යුතු ය. තවද, ඔබ මුළු සෙනඟ අතුරින් දේව භය ඇති, සත්‍යවාදී, අල්ලස් නොගන්නා දක්ෂ මිනිසුන් තෝරා ඔවුන් අතර සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද පණසාධිපතීන් හා දශාධිපතීන් ද වශයෙන් ඔවුන් පත් කරන්න. ඔවුන් සියලු අවස්ථාවන්හි දී මිනිසුන් විනිශ්චය කළ යුතු ය. එහෙත්, වැදගත් ප්‍රශ්නයක් තිබේ නම් ඔවුන් ඔබ වෙත එය ගෙනා යුතු ය. එහෙත්, සෑම සුළු කරුණක් ඔවුන් ම විනිශ්චය කළ යුතුයි. එසේ කළොත් ඔබට වඩාත් පහසු වේ. ඔවුන් ද ඔබ සමඟ වගකීමේ බර උසුලනු ඇත. දෙවියන් වහන්සේ ඔබට අණ කරන ලෙස ඔබ මෙය කරන්නෙහි නම් ඔබ විඩාවට පත් නොවනු ඇත. මේ සෙනඟට ද තම තමන්ගේ ගෙවලට සමගි සාමදානයෙන් යන්න පුළුවන් වේ ය”යි කී ය. මෝසෙස් තම මාමණ්ඩි කී දේට සවන් දී ඔහු කී සියල්ල ඉටු කෙළේ ය. ඔහු ඉශ්රායෙල්වරුන් සියලු දෙනා අතුරින් දක්ෂ මිනිසුන් තෝරා සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද පණසාධිපතීන් හා දශාධිපතීන් ද වශයෙන් සෙනඟගේ නායකයන් ලෙස පත් කෙළේ ය. ඔව්හු සියලු අවස්ථාවල දී සෙනඟ විනිශ්චය කළහ. දුෂ්කර ප්‍රශ්න ඔවුන් මෝසෙස් වෙත ගෙනා නමුත්, සෑම සුළු කරුණක් ම ඔව්හු ම විනිශ්චය කළහ.

නික්මයාම 18:13-26 New International Version (NIV)

The next day Moses took his seat to serve as judge for the people, and they stood around him from morning till evening. When his father-in-law saw all that Moses was doing for the people, he said, “What is this you are doing for the people? Why do you alone sit as judge, while all these people stand around you from morning till evening?” Moses answered him, “Because the people come to me to seek God’s will. Whenever they have a dispute, it is brought to me, and I decide between the parties and inform them of God’s decrees and instructions.” Moses’ father-in-law replied, “What you are doing is not good. You and these people who come to you will only wear yourselves out. The work is too heavy for you; you cannot handle it alone. Listen now to me and I will give you some advice, and may God be with you. You must be the people’s representative before God and bring their disputes to him. Teach them his decrees and instructions, and show them the way they are to live and how they are to behave. But select capable men from all the people—men who fear God, trustworthy men who hate dishonest gain—and appoint them as officials over thousands, hundreds, fifties and tens. Have them serve as judges for the people at all times, but have them bring every difficult case to you; the simple cases they can decide themselves. That will make your load lighter, because they will share it with you. If you do this and God so commands, you will be able to stand the strain, and all these people will go home satisfied.” Moses listened to his father-in-law and did everything he said. He chose capable men from all Israel and made them leaders of the people, officials over thousands, hundreds, fifties and tens. They served as judges for the people at all times. The difficult cases they brought to Moses, but the simple ones they decided themselves.