නික්මයාම 16:13-19
නික්මයාම 16:13-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එදා සවස, වටුවෝ අවුත් කඳවුර වසා ගත්හ; උදෑසන කඳවුර හාත්පස පිනි තට්ටුවක් විය. පිනි සිඳී ගිය පසු මෙන්න! සුමුදු හිම වැනි කුඩා වටකුරු දෙයක් කාන්තාර බිම මතු පිට තිබිණ. ඉශ්‍රායෙල්වරු ඒ දුටු කල, “මොනවද මේ?” යි එකිනෙකාගෙන් විමසන්නට වූහ. ඒ මොනවාදැයි ඔවුන් දැන සිටියේ නැත. එවිට මෝසෙස් ඔවුන් දැනුවත් කරමින්, “නුඹලාට කෑමට ස්වාමින්වහන්සේ දුන් රොටි මේවා ය. ස්වාමින්වහන්සේ අණ කොට ඇත්තේ, ‘හැම කෙනෙක් ම තමන්ට ආහාරයට, අවශ්‍ය තරම එකතු කර ගනිත්වා; ඔබගේ කූඩාරමේ සිටින හැම කෙනකුට ම ඕමෙරයක් බැගින් ගනිත්වා’ කියා” යි පැවසී ය. ඉශ්‍රායෙල්වරු තමනට කී ලෙස කළහ. ඇතමෙක් බොහොමයක් ද ඇතමෙක් ස්වල්පයක් ද එකතු කර ගත්හ. ඕමෙරයක මිම්මෙන් ඔවුන් ඒවා මැන බැලූ කල, බොහොමයක් එකතු කළ අයට වැඩියෙන් තිබුණේවත්, ස්වල්පයක් එකතු කළ අයට අඩුවෙන් තිබුණේවත් නැත. හැම කෙනකු ම රැස් කර තිබුණේ තමනට අවැසි තරම පමණ ය. එවිට මෝසෙස් ඔවුන්ට කතා කොට, “කිසිවකු මෙයින් කිසිවක් උදය වන තුරු නො තබා ගත යුතු යැ” යි කීවේ ය.
නික්මයාම 16:13-19 Sinhala Revised Old Version (SROV)
ඒ හැටියට සවස වටුවෝ අවුත් අන්දායම් වසාගත්තෝය. උදය කඳවුර හාත්පස පිනි තිබුණේය. වැටී තිබුණු ඒ පිනි හිඳුණු කල, බලව, හිම වැනි හීන් කුඩා වටවූ දෙයක් වනාන්තරයේ බිම පිට තිබුණේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඒ දැක කිමෙක්දැයි නොදැන: මේ මොනවාදැයි එකිනෙකාට කීවෝය. එවිට මෝසෙස්: මේ වනාහි කෑම පිණිස ස්වාමීන්වහන්සේ නුඹලාට දුන් රොටිය. ස්වාමීන්වහන්සේ අණකර තිබෙන දේ මේය–නුඹලා එකිනෙකා තම තමා කන ප්‍රකාරයට එයින් රැස්කරගන්න; නුඹලාගේ ගණනේ හැටියට එකිනෙකා තම තමාගේ කූඩාරමේ සිටින්නන්ට එක්කෙනාට ඕමෙරයක් බැගින් ගන්නැයි කීය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ එසේ කොට සමහරෙක් වැඩියෙන්ද සමහරෙක් අඩුවෙන්ද රැස්කරගත්තෝය. ඔවුන් ඕමෙර යන මිම්මකින් ඒ මැන්න කල බොහෝ රැස්කළ තැනැත්තාට වැඩිව නොතිබුණේය, ටික රැස්කළ තැනැත්තාට අඩුව නොතිබුණේය; එකිනෙකා තම තමා කන ප්‍රමාණයට එකතුකෙළේය. මෝසෙස්: කිසිකෙනෙක් පසුවදා උදය දක්වා එයින් ඉතුරු නොකෙරේවයි කීය.
නික්මයාම 16:13-19 Sinhala New Revised Version (NRSV)
ඉන්පසු සවස් කාලයේ දී වටුවන් වර්ගයක් අවුත් කඳවුර වසාගති. උදය කාලයේ දී කඳවුර සිසාරා පිනි තට්ටුවක් විය. පිනි වාෂ්ප වී ගිය පසු පාළුකරයේ භූමිය මතුපිට සිහින් වූ, කුඩා වටකුරු හිම වැනි දෙයක් තිබෙනු ඔව්හු දුටහ. මෙය දුටු ඉශ්රායෙල් ජනයා එකිනෙකාට කතා කරමින්, “මෙය කුමක් දැ”යි විචාළාහ. මන්ද, ඒ කුමක් ද කියා ඔවුන් නොදත් බැවිනි. මෝසෙස් ඔවුන්ට පිළිතුරු දෙමින්, “මෙය වනාහි සමිඳාණන් වහන්සේ ඔබට අනුභව කිරීමට දුන් ආහාරය වේ. සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි, සෑම කෙනෙකු ම තම තමාට අවශ්‍ය ප්‍රමාණයට ඉන් එකතු කරගත යුතු ය. ගෙයි වැසියන්ගේ ගණන අනුව එකිනෙකා ලීටර් දෙක බැගින් ගත යුතු ය. තවද, ඔබ සැම කෙනෙකු ම තම කූඩාරමේ සිටින අයටත් ගෙන යා යුතු ය”යි කීවේ ය. ඉශ්රායෙල් ජනයා එලෙස කරද්දී, සමහරෙක් අඩුවෙන් ද සමහරෙක් වැඩියෙන් ද රැස් කරගත්හ. ඔවුන් එය මැන්න විට වැඩියෙන් රැස් කරගත් අයට වැඩියක් නො වී ය, අඬුවෙන් රැස් කරගත් අයට අඩුවක් ද නො වී ය. එකිනෙකා තම තමා කන ප්‍රමාණයට රැස් කරගෙන තිබිණි. මෝසෙස් ඔවුන්ට කතා කොට, “උදය වන තෙක් ඉන් කිසිත් ඉතිරි නොකළ යුතු ය”යි කීවේ ය.
නික්මයාම 16:13-19 Sinhala New Revised Version 2018 (SNRV)

නික්මයාම 16:13-19 New International Version (NIV)
That evening quail came and covered the camp, and in the morning there was a layer of dew around the camp. When the dew was gone, thin flakes like frost on the ground appeared on the desert floor. When the Israelites saw it, they said to each other, “What is it?” For they did not know what it was. Moses said to them, “It is the bread the LORD has given you to eat. This is what the LORD has commanded: ‘Everyone is to gather as much as they need. Take an omer for each person you have in your tent.’ ” The Israelites did as they were told; some gathered much, some little. And when they measured it by the omer, the one who gathered much did not have too much, and the one who gathered little did not have too little. Everyone had gathered just as much as they needed. Then Moses said to them, “No one is to keep any of it until morning.”