නික්මයාම 16:13-19

නික්මයාම 16:13-19 SROV

ඒ හැටියට සවස වටුවෝ අවුත් අන්දායම් වසාගත්තෝය. උදය කඳවුර හාත්පස පිනි තිබුණේය. වැටී තිබුණු ඒ පිනි හිඳුණු කල, බලව, හිම වැනි හීන් කුඩා වටවූ දෙයක් වනාන්තරයේ බිම පිට තිබුණේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඒ දැක කිමෙක්දැයි නොදැන: මේ මොනවාදැයි එකිනෙකාට කීවෝය. එවිට මෝසෙස්: මේ වනාහි කෑම පිණිස ස්වාමීන්වහන්සේ නුඹලාට දුන් රොටිය. ස්වාමීන්වහන්සේ අණකර තිබෙන දේ මේය–නුඹලා එකිනෙකා තම තමා කන ප්‍රකාරයට එයින් රැස්කරගන්න; නුඹලාගේ ගණනේ හැටියට එකිනෙකා තම තමාගේ කූඩාරමේ සිටින්නන්ට එක්කෙනාට ඕමෙරයක් බැගින් ගන්නැයි කීය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ එසේ කොට සමහරෙක් වැඩියෙන්ද සමහරෙක් අඩුවෙන්ද රැස්කරගත්තෝය. ඔවුන් ඕමෙර යන මිම්මකින් ඒ මැන්න කල බොහෝ රැස්කළ තැනැත්තාට වැඩිව නොතිබුණේය, ටික රැස්කළ තැනැත්තාට අඩුව නොතිබුණේය; එකිනෙකා තම තමා කන ප්‍රමාණයට එකතුකෙළේය. මෝසෙස්: කිසිකෙනෙක් පසුවදා උදය දක්වා එයින් ඉතුරු නොකෙරේවයි කීය.

නික්මයාම 16:13-19 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය