නික්මයාම 16:1-11

නික්මයාම 16:1-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මුළු ඉශ්‍රායෙල් ජන සමූහයා ඒලිම් වෙතින් පිටත් ව, ඔවුන් ඊජිප්තු දේශයෙන් නික්මුණු පසු දෙවන මස පහළොස් වන දවසේ, සීන් කාන්තාරයට පැමිණියහ. එය පිහිටියේ ඒලිම් හා සීනයි අතර ය. ඉශ්‍රායෙල් මුළු ජන සමූහයා කාන්තාරයේදී මෝසෙස්ට හා ආරොන්ට එරෙහිව මැසිවිලි නගන්නට වන්හ. ඉශ්‍රායෙල්වරු ඔවුනට දොස් පවරමින්, “ඊජිප්තුවේදී ස්වාමින්වහන්සේ අතින් අප මැරුණා නම් හොඳයි! එහිදී අප මස් බඳුන් වටේට හිඳ, අප ආශා කළ කෑම, බඩ-කට පුරා කෑවා. එහෙත් දැන් මේ මුළු සමූහයා සාගින්නෙන් මරා දමන්නට නුඹලා මේ කාන්තාරයට අප ගෙනැවිල්ලා” යි කීහ. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කොට, “මෙන්න! මම නුඹලාට අහසින් ආහාර වැසි වස්සන්නෙමි. ජනයා ඒ ඒ දවසේ පිටතට ගොස්, ඒ දවසට ප්‍රමාණවත් තරම එකතු කර ගත යුතු ය. මේ අයුරින් මම ඔවුන් පරීක්ෂා කර, ඔවුන් මගේ උපදෙස් පිළිපදිනවාදැයි බලමි. හය වන දවසේ ඔවුන් ගෙනෙන දැයින් අහර පිළියෙල කර ගත යුතු ය. එය අනෙක් දවස්වල ඔවුන් එකතු කරන ප්‍රමාණය මෙන් දෙගුණයක් යැ” යි පැවසූ සේක. එබැවින් මෝසෙස් හා ආරොන් සියලු ඉශ්‍රායෙල්වරුන් අමතමින්, “ඊජිප්තු දේශයෙන් පිටතට නුඹලා ගෙන එන ලද්දේ, ස්වාමින්වහන්සේ ම වග සවස නුඹලා දැනගනු ඇත. උදයේ නුඹලා ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය දකිනු ඇත. මන්ද ස්වාමින්වහන්සේට එරෙහි වූ නුඹලාගේ මැසිවිලි උන්වහන්සේට ඇසී ඇත. අපට එරෙහිව මැසිවිලි නගන්නට අප කවුරු දැ?” යි පැවසූහ. තවද මෝසෙස්, “සවස ඔබට කෑමට උන්වහන්සේ මස් සපයා දෙන විටත්, උදයේ ඔබට ඇති තරම් ආහාර සපයා දෙන විටත්, ඒ ස්වාමින්වහන්සේ ම වග නුඹලා දැනගනු ඇත. මන්ද ස්වාමින්වහන්සේට එරෙහිව නුඹලාගේ මැසිවිලි උන්වහන්සේට ඇසී ඇත. අප කවුරු ද? නුඹලා මැසිවිලි නගන්නේ අපට එරෙහිව නො ව, ස්වාමින්වහන්සේට එරෙහිව යැ” යි පැවසී ය. ඉන්පසු මෝසෙස්, ආරොන් අමතමින්, “මුළු ඉශ්‍රායෙල් ජන සමූහයාට කතා කොට, ‘ස්වාමින්වහන්සේ හමුවට එන්න; ඔබේ මැසිවිල්ල උන්වහන්සේ ඇසූ සේක කියා කියන්නැ’ යි” පැවසී ය. ආරොන් මුළු ඉශ්‍රායෙල් ජන සමූහයාට කතා කරද්දී, ඔවුහු කාන්තාරය දෙස බැලූහ. එවිට මෙන්න! ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය වලාකුළෙහි පෙනෙන්නට වන්නේ ය. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්

නික්මයාම 16:1-11 Sinhala Revised Old Version (SROV)

පසුව ඔව්හු ඒලිම්හි සිට ගමන් ගත්තෝය, තවද ඔවුන් මිසර දේශයෙන් නික්ම ගියායින් පසු දෙවෙනි මාසයේ පසළොස්වෙනි දිනදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ඒලිම් සහ සීනයි අතරෙහිවූ සීන් නම් වනාන්තරයට පැමුණුණහ. ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව වනාන්තරයෙහිදී මෝසෙස් සහ ආරොන්ට විරුද්ධව කොඳුළෝය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔවුන්ට කථාකොට: මිසර දේශයෙහිදී මස් භාජන ළඟ හිඳ සෑහෙන පමණ කෑම කෑ විට ස්වාමීන්වහන්සේගේ අතින් අපි නැසුණෙමුනම් යහපත; මක්නිසාද මේ මුළු සමූහයා ක්ෂුධාවෙන් මරවන පිණිස නුඹලා අප මේ වනාන්තරයට ගෙනාවෝයයි කීවෝය. එවිට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: බලව, ඔව්හු මාගේ ව්‍යවස්ථාව ලෙස හැසිරෙන්නෝද නැද්දැයි පරීක්ෂාකරන පිණිස ස්වර්ගයෙන් නුඹලා උදෙසා ආහාර වස්වන්නෙමි; සෙනඟ පිටත ගොස් දවසකට සෑහෙන ප්‍රමාණය දවස්පතා රැස්කරගනිත්වා. තවද සවෙනි දවසේදී ඔවුන් ගෙනෙන දේ සූදානම්කරත්වා, එය ඔවුන් දවස්පතා රැස්කරගන්නා ප්‍රමාණය ලෙස දෙගුණයක් වන්නේයයි කීසේක. මෝසෙස්ද ආරොන්ද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: නුඹලා මිසර දේශයෙන් ගෙනාවේ ස්වාමීන්වහන්සේ බව සවස දැනගන්නහුය. උදය ස්වාමීන්වහන්සේගේ තේජස දකින්නහුය; මක්නිසාද ස්වාමීන්වහන්සේට විරුද්ධව නුඹලාගේ කෙඳිරීම් උන්වහන්සේට ඇසෙයි. නුඹලා අපට විරුද්ධව කොඳුරන්ට අපි කවුරුදැයි කීවෝය. මෝසෙස්: මෙසේ වන්නේ ස්වාමීන්වහන්සේ සවස නුඹලාට කන පිණිස මාංසද උදය සෑහෙන තරම් ආහාරද දෙන විටය; මක්නිසාද නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව කොඳුරන නුඹලාගේ කෙඳිරීම් උන්වහන්සේට ඇසේ. අපි කවුරුද? නුඹලාගේ කෙඳිරීම් අපට විරුද්ධව නොව ස්වාමීන්වහන්සේට විරුද්ධවයයි කීවේය. තවද මෝසෙස් ආරොන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ නුඹලාගේ කෙඳිරීම් ඇසූ හෙයින් උන්වහන්සේ ඉදිරියට ළංවෙන්නැයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කියන්නැයි කීය. ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කථාකළ කල්හි ඔව්හු වනාන්තරය දෙස බැලුවෝය, බලව, ස්වාමීන්වහන්සේගේ තේජස වලාකුළෙහි පෙනුණේය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට

නික්මයාම 16:1-11 Sinhala New Revised Version (NRSV)

මුළු ඉශ්රායෙල් ජනතාව ඒලීම් නම් ස්ථානයෙන් ගමන් ඇරඹුවහු ය. ඔව්හු මිසර දේශයෙන් පිටත් වූ පසු දෙ වන මාසයේ පසළොස් වන දින ඒලීම් සහ සීනයි අතරෙහි වූ සීන් නම් පාළුකරයට පැමිණියෝ ය. ඉශ්රායෙල් ජනයා මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව පාළුකරයේ දී මැසිවිලි කියන්නට වූ හ. ඔව්හු ඔවුන්ට කතා කොට, “මිසර දේශයේ දී සමිඳාණන් වහන්සේගේ අතින් අපි මැරුණෙමු නම් කෙතරම් යහපත් ද? එහි දී අපට, මස් පිරුණු බඳුන් ළඟ වාඩි වී, ඇති තරම් කෑම කන්න පුළුවන්කම තිබිණි. එහෙත්, ඔබ මේ මුළු ජනතාව සාගින්නෙන් මරාදැමීමට මේ පාළුකරයට ගෙනාවහු ය”යි කී හ. එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “මම නුඹලාට අහසින් ආහාර වස්වමි. දිනපතා මිනිසුන් නික්ම ගොස් එදිනට අවශ්‍ය කොටස එකතු කරගත යුතු ය. මෙසේ ඔව්හු මාගේ නීතිය පිළිපදින්නෝ ද නැද්ද කියා මට ඔවුන් පරීක්ෂා කළ හැක. එහෙත්, හය වන දවසේ දී, ඔවුන් දිනපතා එකතු කර ගන්නාක් මෙන් දෙගුණයක් ගෙන, එය පිළියෙළ කළ යුතු ය”යි වදාළ සේක. මෝසෙස් හා ආරොන් මුළු ඉශ්රායෙල් ජනයාට කතා කොට, “ඔබ හැම මිසර දේශයෙන් පිටත ගෙනාවේ සමිඳාණන් වහන්සේ බව අද සවස ඔබ දැනගන්නහු ය. උදය කාලයේ දී ඔබ සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දකින්නහු ය. මන්ද, ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කී මැසිවිලි උන් වහන්සේ ඇසූ සේක. ඔබ මැසිවිලි කීවේ අපට විරුද්ධ ව නොවේ, අපි එතරම් වැදගත් නොවෙමු”යි කී හ. මෝසෙස් යළිත් කතා කරමින්, “සමිඳාණන් වහන්සේ ඔබට සවස් කාලයේ කෑමට මාංස ද, උදය කාලයේ ඇති තරම් රොටි ද දෙන සේක. එසේ වන්නේ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කී මැසිවිලි උන් වහන්සේ අසා ඇති බැවිනි. සැබෑවට ම අපි කවුරු ද? ඔබ මැසිවිලි කීවේ අපට විරුද්ධ ව නොව සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ය”යි කී ය. ඉක්බිති මෝසෙස් ආරොන්ට කතා කොට, “මුළු ඉශ්රායෙල් ජනතාව අමතා, ‘සමිඳාණන් වහන්සේ වෙත පැමිණෙන්න; උන් වහන්සේ නුඹලාගේ මැසිවිලි ඇසූ සේක’ කියා කියන්නැ”යි පැවසී ය. ආරොන් මුළු ඉශ්රායෙල් ජනතාව අමතා කතා කරන විට, ඔව්හු පාළුකරය දෙස බැලූ හ. පුදුමයකි, වලාකුළක් මෙන් සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දිස්විණි. සමිඳාණන් වහන්සේ ද මෝසෙස්ට කතා කොට

නික්මයාම 16:1-11 Sinhala New Revised Version 2018 (SNRV)

නික්මයාම 16:1-11 New International Version (NIV)

The whole Israelite community set out from Elim and came to the Desert of Sin, which is between Elim and Sinai, on the fifteenth day of the second month after they had come out of Egypt. In the desert the whole community grumbled against Moses and Aaron. The Israelites said to them, “If only we had died by the LORD’s hand in Egypt! There we sat around pots of meat and ate all the food we wanted, but you have brought us out into this desert to starve this entire assembly to death.” Then the LORD said to Moses, “I will rain down bread from heaven for you. The people are to go out each day and gather enough for that day. In this way I will test them and see whether they will follow my instructions. On the sixth day they are to prepare what they bring in, and that is to be twice as much as they gather on the other days.” So Moses and Aaron said to all the Israelites, “In the evening you will know that it was the LORD who brought you out of Egypt, and in the morning you will see the glory of the LORD, because he has heard your grumbling against him. Who are we, that you should grumble against us?” Moses also said, “You will know that it was the LORD when he gives you meat to eat in the evening and all the bread you want in the morning, because he has heard your grumbling against him. Who are we? You are not grumbling against us, but against the LORD.” Then Moses told Aaron, “Say to the entire Israelite community, ‘Come before the LORD, for he has heard your grumbling.’ ” While Aaron was speaking to the whole Israelite community, they looked toward the desert, and there was the glory of the LORD appearing in the cloud. The LORD said to Moses