නික්මයාම 16:1-11

නික්මයාම 16:1-11 SROV

පසුව ඔව්හු ඒලිම්හි සිට ගමන් ගත්තෝය, තවද ඔවුන් මිසර දේශයෙන් නික්ම ගියායින් පසු දෙවෙනි මාසයේ පසළොස්වෙනි දිනදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ඒලිම් සහ සීනයි අතරෙහිවූ සීන් නම් වනාන්තරයට පැමුණුණහ. ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව වනාන්තරයෙහිදී මෝසෙස් සහ ආරොන්ට විරුද්ධව කොඳුළෝය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔවුන්ට කථාකොට: මිසර දේශයෙහිදී මස් භාජන ළඟ හිඳ සෑහෙන පමණ කෑම කෑ විට ස්වාමීන්වහන්සේගේ අතින් අපි නැසුණෙමුනම් යහපත; මක්නිසාද මේ මුළු සමූහයා ක්ෂුධාවෙන් මරවන පිණිස නුඹලා අප මේ වනාන්තරයට ගෙනාවෝයයි කීවෝය. එවිට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: බලව, ඔව්හු මාගේ ව්‍යවස්ථාව ලෙස හැසිරෙන්නෝද නැද්දැයි පරීක්ෂාකරන පිණිස ස්වර්ගයෙන් නුඹලා උදෙසා ආහාර වස්වන්නෙමි; සෙනඟ පිටත ගොස් දවසකට සෑහෙන ප්‍රමාණය දවස්පතා රැස්කරගනිත්වා. තවද සවෙනි දවසේදී ඔවුන් ගෙනෙන දේ සූදානම්කරත්වා, එය ඔවුන් දවස්පතා රැස්කරගන්නා ප්‍රමාණය ලෙස දෙගුණයක් වන්නේයයි කීසේක. මෝසෙස්ද ආරොන්ද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: නුඹලා මිසර දේශයෙන් ගෙනාවේ ස්වාමීන්වහන්සේ බව සවස දැනගන්නහුය. උදය ස්වාමීන්වහන්සේගේ තේජස දකින්නහුය; මක්නිසාද ස්වාමීන්වහන්සේට විරුද්ධව නුඹලාගේ කෙඳිරීම් උන්වහන්සේට ඇසෙයි. නුඹලා අපට විරුද්ධව කොඳුරන්ට අපි කවුරුදැයි කීවෝය. මෝසෙස්: මෙසේ වන්නේ ස්වාමීන්වහන්සේ සවස නුඹලාට කන පිණිස මාංසද උදය සෑහෙන තරම් ආහාරද දෙන විටය; මක්නිසාද නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව කොඳුරන නුඹලාගේ කෙඳිරීම් උන්වහන්සේට ඇසේ. අපි කවුරුද? නුඹලාගේ කෙඳිරීම් අපට විරුද්ධව නොව ස්වාමීන්වහන්සේට විරුද්ධවයයි කීවේය. තවද මෝසෙස් ආරොන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ නුඹලාගේ කෙඳිරීම් ඇසූ හෙයින් උන්වහන්සේ ඉදිරියට ළංවෙන්නැයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කියන්නැයි කීය. ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කථාකළ කල්හි ඔව්හු වනාන්තරය දෙස බැලුවෝය, බලව, ස්වාමීන්වහන්සේගේ තේජස වලාකුළෙහි පෙනුණේය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට

නික්මයාම 16:1-11 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය