නික්මයාම 12:10-14
නික්මයාම 12:10-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උදය වන තෙක් ඉන් කිසිවක් තබා නො ගත යුතු ය. උදය දක්වාත් කිසිවක් ඉතිරි වේ නම්, ඒවා ගින්නෙහි දවාලිය යුතු ය. ඔබ ඒවා අනුභව කළ යුත්තේ ඔබේ ඉඟපටි බැඳ, ඔබේ පාවහන් පය ලා, ඔබේ සැරයටිය අතේ ඇති ව, ලහි ලහියේ ය. එය ස්වාමින්වහන්සේගේ පාස්කුව ය. “එම රැයේදී ම මම ඊජිප්තුව ඔස්සේ ගමන් ගන්නෙමි. මම, මිනිසුන්ගේ වේවා, සතුන්ගේ වේවා, ඊජිප්තු දේශයේ හැම කුලුඳුලකුට ම පහර දෙන්නෙමි. තවද ඊජිප්තු දේශයේ සියලු දෙවි දේවතාවුනට එරෙහිව මම විනිශ්චය ක්‍රියා කරවන්නෙමි. ස්වාමින්වහන්සේ මම ය. ඔබ සිටින නිවෙස්හි ගෑ ලේ, ඔබ උදෙසා ලකුණක් වන්නේ ය. ඒ ලේ දකින කල, මම ඔබ පසු කර යන්නෙමි. මා ඊජිප්තු දේශයට පහර දෙන කල, කිසිදු විනාශකාරී පීඩාවක් නුඹලා වෙත ළං නො වනු ඇත. “මේ දවස, ඔබට සැමරුම් දවසක් වන්නේ ය. එය ස්වාමින්වහන්සේට මංගල්‍යයක් ලෙස පවත්වන්න. පරපුරින් පරපුරට නිත්‍ය නියෝගයක් වශයෙන් මංගල්‍ය දවසක් ලෙස ඔබ එය පැවැත් විය යුතු ය.
නික්මයාම 12:10-14 Sinhala Revised Old Version (SROV)
උදය දක්වා එයින් කිසිවක් ඉතුරු නොකරන්න; උදය දක්වා එයින් ඉතුරුවන ඒවා ගින්නෙන් දවන්න. නුඹලා ඒවා කෑ යුතු මෙසේය: නුඹලාගේ ඉඟටි බැඳ වහන් පය ලා සැරයටි අතින් ගෙන ඉක්මනින් කෑ යුතුය. ඒක ස්වාමීන්වහන්සේගේ පාස්කුවය. මක්නිසාද ඒ රාත්‍රියේදී මිසර දේශය මැදින් යන්නෙමි, මිසර දේශයෙහි මනුෂ්‍යයන්ගේද සිව්පාවුන්ගේද සියලු කුලුඳුලන්ට පහරදෙන්නෙමි; මිසරයේ සියලු දෙවිවරුන්ට විරුද්ධව විනිශ්චයයන් ඉෂ්ටකරන්නෙමි. මම ස්වාමීන්වහන්සේ ය. ඒ ලේ නුඹලා සිටින ගෙවල්වල නුඹලා උදෙසා ලකුණක් පිණිස වන්නේය. මම ඒ ලේ දැක නුඹලා පසුකර යන්නෙමි, මා විසින් මිසර දේශයට පහරදෙන කල නුඹලා විනාශකිරීමට පීඩාවක් නුඹලා පිට නොවන්නේය. මේ දවස නුඹලාට සිහිවීම් උත්සවයක් පිණිස වන්නේය, නුඹලා එය ස්වාමීන්වහන්සේට මංගල්‍ය දවසක් කොට පවත්වන්න. එය නුඹලාගේ සියලු පරම්පරාවල නියෝගයකින් මංගල්‍යයක් කොට සෑමකල්හිම පවත්වන්න.
නික්මයාම 12:10-14 Sinhala New Revised Version (NRSV)
උදය කාලය දක්වා ඉන් කිසිවක් ඉතිරි නොකළ යුතු ය. උදය කාලය දක්වා යමක් ඉතිරි වී නම්, එය ගින්නෙන් පුළුස්සාදැමිය යුතු ය. “තවද, නුඹ එය අනුභව කළ යුත්තේ මෙසේ ය: ඉඟපටිය බැඳ, පාවහන් ලා, සැරයටිය ගෙන, එය ලහි ලහියේ අනුභව කළ යුතු ය. මන්ද, එය සමිඳාණන් වහන්සේ වන මා හට පවත්වන පාස්කුව බැවිනි. එදින රාත්‍රියේ මම මිසර දේශය මැදින් ගොස්, එහි මිනිසුන්ගේ හා මෘගයන්ගේ කුලුඳුලන්ට පහර දෙමි. තවද, මිසරයේ දෙවිදේවතාවුන් සියල්ලන්ට දඬුවම් පමුණුවමි. මම සමිඳාණන් වහන්සේ ය. නුඹලා සිටින ගෙවල් මත තවරා ඇති ලේ නුඹලා ඒවායේ සිටින බවට ලකුණක් වන්නේ ය. මම ලේ දකින විට නුඹලා පසු කර යන්නෙමි. මිසර දේශයට මා පහර දෙන විට, ඒ මාරක දඬුවම නුඹලා වෙත නොපැමිණෙනු ඇත. මේ දවස නුඹලාට අනුස්මරණ දිනයක් ලෙස ද සමිඳාණන් වහන්සේ වන මා හට මංගලෝත්සව දිනයක් ලෙස ද පැවැත්විය යුතු ය. තවද, මතු සියලු පරම්පරාවල ම එය සදහට ම මංගල දිනයක් සේ පැවැත්වීමට නියෝගයක් පැනවිය යුතු ය.”
නික්මයාම 12:10-14 Sinhala New Revised Version 2018 (SNRV)

නික්මයාම 12:10-14 New International Version (NIV)
Do not leave any of it till morning; if some is left till morning, you must burn it. This is how you are to eat it: with your cloak tucked into your belt, your sandals on your feet and your staff in your hand. Eat it in haste; it is the LORD’s Passover. “On that same night I will pass through Egypt and strike down every firstborn of both people and animals, and I will bring judgment on all the gods of Egypt. I am the LORD. The blood will be a sign for you on the houses where you are, and when I see the blood, I will pass over you. No destructive plague will touch you when I strike Egypt. “This is a day you are to commemorate; for the generations to come you shall celebrate it as a festival to the LORD—a lasting ordinance.