උදය වන තෙක් ඉන් කිසිවක් තබා නො ගත යුතු ය. උදය දක්වාත් කිසිවක් ඉතිරි වේ නම්, ඒවා ගින්නෙහි දවාලිය යුතු ය. ඔබ ඒවා අනුභව කළ යුත්තේ ඔබේ ඉඟපටි බැඳ, ඔබේ පාවහන් පය ලා, ඔබේ සැරයටිය අතේ ඇති ව, ලහි ලහියේ ය. එය ස්වාමින්වහන්සේගේ පාස්කුව ය. “එම රැයේදී ම මම ඊජිප්තුව ඔස්සේ ගමන් ගන්නෙමි. මම, මිනිසුන්ගේ වේවා, සතුන්ගේ වේවා, ඊජිප්තු දේශයේ හැම කුලුඳුලකුට ම පහර දෙන්නෙමි. තවද ඊජිප්තු දේශයේ සියලු දෙවි දේවතාවුනට එරෙහිව මම විනිශ්චය ක්‍රියා කරවන්නෙමි. ස්වාමින්වහන්සේ මම ය. ඔබ සිටින නිවෙස්හි ගෑ ලේ, ඔබ උදෙසා ලකුණක් වන්නේ ය. ඒ ලේ දකින කල, මම ඔබ පසු කර යන්නෙමි. මා ඊජිප්තු දේශයට පහර දෙන කල, කිසිදු විනාශකාරී පීඩාවක් නුඹලා වෙත ළං නො වනු ඇත. “මේ දවස, ඔබට සැමරුම් දවසක් වන්නේ ය. එය ස්වාමින්වහන්සේට මංගල්‍යයක් ලෙස පවත්වන්න. පරපුරින් පරපුරට නිත්‍ය නියෝගයක් වශයෙන් මංගල්‍ය දවසක් ලෙස ඔබ එය පැවැත් විය යුතු ය.
නික්මයාම 12 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නික්මයාම 12:10-14
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ