එස්තර් 9:17-19
එස්තර් 9:17-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එය සිදු වූයේ අදාර් මස දහතුන් වන දා ය. දාහතර වන දින ඔවුහු විවේක ගනිමින්, ඒ දවස, ප්‍රීති උත්සව දවසක් කර ගත්හ. කෙසේ වෙතත් ෂූෂන්හි යුදෙව්වරු දහතුන් වනදාත්, දහහතර වනදාත් එක් රොක් වූවෝ, පහළොස් වන දා විවේක ගනිමින්, ඒ දවස ප්‍රීති උත්සව දවසක් කර ගත්හ. ගම්මානවල වෙසෙන ගැමි යුදෙව් ජනයා අදාර් මස දස සතර වන දින එකිනෙකාට තෑගි දෙන, ප්‍රීති උත්සව පවත්වන දවසක් ලෙස පවත්වන්නේ ඒ නිසා ය.
එස්තර් 9:17-19 Sinhala Revised Old Version (SROV)
අදාර් මස දහතුන්වෙනිදා ඔව්හු එසේ කර දහහතරවෙනිදා නිවාඩුගෙන, ඒ දවස ප්‍රීතිමත්වූ මංගල්‍ය දවසක් කරගත්තෝය. ෂූෂන්හි සිටිය යුදෙව්වරු වනාහි ඒ මාසයේ දහතුන්වෙනිදාත් දහහතරවෙනිදාත් රැස්වී, පහළොස්වෙනිදා නිවාඩුගෙන, ඒ දවස ප්‍රීතිමත්වූ මංගල්‍ය දවසක් කරගත්තෝය. ඒ නිසා පවුරු නැති නුවරවල වාසයකරන පිටිසර යුදෙව්වරු අදාර් මාසයේ දහහතරවෙනි දවස ප්‍රීතිමත්වූ, සන්තෝෂ සහිතවූ, එකිනෙකාට තෑගි කොටස් අරින්නාවූ මංගල්‍ය දවසක් කරගනිති.
එස්තර් 9:17-19 Sinhala New Revised Version (NRSV)
අදාර් මස දහතුන් වන දා ඔව්හු එසේ කර, දහහතර වන දා නිවාඩු ගෙන, ඒ දවස ප්‍රීතිමත් මංගල්‍ය දවසක් කරගත්හ. එහෙත්, ඒ මාසයේ දහතුන් වන දාත්, දහහතර වන දාත් සංවිධාන ව සූසාහි විසූ ජුදෙව්වරු පහළොස් වන දා නිවාඩු ගෙන, ඒ දවස ප්‍රීතිමත් මංගල්‍ය දවසක් කරගත්තෝ ය. කුඩා නුවරවල වාසය කරන පිටිසර ජුදෙව්වරුන් අදාර් මාසයේ දහහතර වන දවස ප්‍රීතිමත්, ආනන්දජනක, එකිනෙකාට කෑම හා තෑගි යවන මංගල්‍ය දවසක් කරගෙන තිබෙන්නේ ඒ නිසා ය.
එස්තර් 9:17-19 New International Version (NIV)
This happened on the thirteenth day of the month of Adar, and on the fourteenth they rested and made it a day of feasting and joy. The Jews in Susa, however, had assembled on the thirteenth and fourteenth, and then on the fifteenth they rested and made it a day of feasting and joy. That is why rural Jews—those living in villages—observe the fourteenth of the month of Adar as a day of joy and feasting, a day for giving presents to each other.