එස්තර් 9:17-19

එස්තර් 9:17-19 SCV

එය සිදු වූයේ අදාර් මස දහතුන් වන දා ය. දාහතර වන දින ඔවුහු විවේක ගනිමින්, ඒ දවස, ප්‍රීති උත්සව දවසක් කර ගත්හ. කෙසේ වෙතත් ෂූෂන්හි යුදෙව්වරු දහතුන් වනදාත්, දහහතර වනදාත් එක් රොක් වූවෝ, පහළොස් වන දා විවේක ගනිමින්, ඒ දවස ප්‍රීති උත්සව දවසක් කර ගත්හ. ගම්මානවල වෙසෙන ගැමි යුදෙව් ජනයා අදාර් මස දස සතර වන දින එකිනෙකාට තෑගි දෙන, ප්‍රීති උත්සව පවත්වන දවසක් ලෙස පවත්වන්නේ ඒ නිසා ය.