එස්තර් 9:13-19
එස්තර් 9:13-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එස්තර් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන් කැමති නම්, අද දවසේ රාජාඥාව හෙට දවසේත් ක්‍රියාත්මක කරන්නට ෂූෂන්හි යුදෙව්වරුන්ට අවසර දෙනු මැනවි. තවද හාමාන්ගේ පුතුන් දස දෙනාගේ සිරුරු එල්ලුම් ගස්වල එල්ලා තබනු ලැබේවා” යි කීවා ය. එබැවින්, එසේ කරන ලෙස රජු නියෝග කළේ ය. ෂූෂන්හි ආඥාවක් නිකුත් කරන ලදී. හාමාන්ගේ පුතුන් දස දෙනාගේ සිරුරු ද එල්ලා තබන ලදී. ෂූෂන්හි යුදෙව්වරු රංචු ගැසී, අදාර් මස දාහතර වන දින ෂූෂන්හි තුන්සිය දෙනෙක් මරා දැමූහ. එහෙත් ඔවුන් කොල්ලකෑමට අත පෙව්වේ නැත. මේ අතර රජුගේ ප්‍රාන්තවල සෙසු යුදෙව්වරු ද තමන්ගේ ආරක්ෂාව සඳහා එක් රොක් වී ඔවුන්ගේ සතුරන්ගෙන් නිදහස් වූහ. ඔවුහු සතුරන් හැත්තෑපන්දහස් දෙනෙක් මරා දැමූහ; එහෙත් කොල්ලයට අත පෙව්වේ නැත. එය සිදු වූයේ අදාර් මස දහතුන් වන දා ය. දාහතර වන දින ඔවුහු විවේක ගනිමින්, ඒ දවස, ප්‍රීති උත්සව දවසක් කර ගත්හ. කෙසේ වෙතත් ෂූෂන්හි යුදෙව්වරු දහතුන් වනදාත්, දහහතර වනදාත් එක් රොක් වූවෝ, පහළොස් වන දා විවේක ගනිමින්, ඒ දවස ප්‍රීති උත්සව දවසක් කර ගත්හ. ගම්මානවල වෙසෙන ගැමි යුදෙව් ජනයා අදාර් මස දස සතර වන දින එකිනෙකාට තෑගි දෙන, ප්‍රීති උත්සව පවත්වන දවසක් ලෙස පවත්වන්නේ ඒ නිසා ය.
එස්තර් 9:13-19 Sinhala Revised Old Version (SROV)
එවිට එස්තර් කථාකොට: රජ්ජුරුවන් ප්‍රසන්න නම් ෂූෂන්හි සිටින යුදෙව්වරුන්ට අද දවසේ නියෝගයේ හැටියට හෙටත් කරන්ට අවසර ලැබේවා, හාමාන්ගේ පුත්‍රයන් දසදෙනාද එල්ලුම්ගහේ එල්ලා තබත්වයි කීවාය. රජ එසේ කරන්ට අණකෙළේය. එවිට ෂූෂන්හි නියෝගයක් දෙන්ට යෙදුණේය; ඔව්හු හාමාන්ගේ පුත්‍රයන් දසදෙනා එල්ලා තැබුවෝය. ෂූෂන්හි සිටි යුදෙව්වරුද අදාර් මස දහහතරවෙනි දවසෙත් රැස්වී ෂූෂන්හි මනුෂ්‍යයන් තුන්සියයක් මරාදැමුවෝය; නුමුත් කොල්ලයට ඔව්හු අත නොපෙවුවෝය. රජුගේ රටවල සිටි අනික් යුදෙව්වරුද රැස්ව, තමුන්ගේ ජීවිතාරක්ෂාව සඳහා විරුද්ධව සිට, තමුන්ගේ සතුරන්ගෙන් නිදහස්වී, තමුන්ගේ වෛරකාරයන්ගෙන් හැත්තෑ පන්දහසක් මරාදැමුවෝය; නුමුත් කොල්ලයට අත නොපෙවුවෝය. අදාර් මස දහතුන්වෙනිදා ඔව්හු එසේ කර දහහතරවෙනිදා නිවාඩුගෙන, ඒ දවස ප්‍රීතිමත්වූ මංගල්‍ය දවසක් කරගත්තෝය. ෂූෂන්හි සිටිය යුදෙව්වරු වනාහි ඒ මාසයේ දහතුන්වෙනිදාත් දහහතරවෙනිදාත් රැස්වී, පහළොස්වෙනිදා නිවාඩුගෙන, ඒ දවස ප්‍රීතිමත්වූ මංගල්‍ය දවසක් කරගත්තෝය. ඒ නිසා පවුරු නැති නුවරවල වාසයකරන පිටිසර යුදෙව්වරු අදාර් මාසයේ දහහතරවෙනි දවස ප්‍රීතිමත්වූ, සන්තෝෂ සහිතවූ, එකිනෙකාට තෑගි කොටස් අරින්නාවූ මංගල්‍ය දවසක් කරගනිති.
එස්තර් 9:13-19 Sinhala New Revised Version (NRSV)
එවිට එස්තර් කතා කොට, “රජතුමා කැමැති නම්, සූසාහි සිටින ජුදෙව්වරුන්ට අද දවසේ නියෝගය ලෙස හෙටත් කරන්නට අවසර ලැබේ වා! හාමාන්ගේ පුත්‍රයන් දස දෙනාගේ මළකඳන් එල්ලුම් ගහේ එල්ලා තබත්වා”යි කීවා ය. රජතුමා එසේ කරන්නට අණ කෙළේ ය. එවිට රාජ නියෝගය ප්‍රසිද්ධ කරන ලදී. ඔව්හු හාමාන්ගේ පුත්‍රයන් දස දෙනාගේ මළකඳන් එල්ලා තැබුවෝ ය. සූසාහි සිටි ජුදෙව්වරු ද අදාර් මස දහහතර වන දවසේත් රැස් වී සූසාහි මනුෂ්‍යයන් තුන්සියයක් මරාදැමුවෝ ය. එහෙත්, ඔව්හු කොල්ලයට අත නොපෙවුවෝ ය. රජුගේ ප්‍රදේශවල සිටි සෙසු ජුදෙව්වරු ස්වකීය ජීවිතාරක්ෂාව සඳහා ද සතුරන්ගෙන් නිදහස් වන පිණිස ද සංවිධාන වූ හ. ඔව්හු සිය සතුරන් හැත්තෑ පන්දහසක් මරාදැමුවෝ ය. එහෙත්, ඔව්හු කොල්ලයට අත නොපෙවුවෝ ය. අදාර් මස දහතුන් වන දා ඔව්හු එසේ කර, දහහතර වන දා නිවාඩු ගෙන, ඒ දවස ප්‍රීතිමත් මංගල්‍ය දවසක් කරගත්හ. එහෙත්, ඒ මාසයේ දහතුන් වන දාත්, දහහතර වන දාත් සංවිධාන ව සූසාහි විසූ ජුදෙව්වරු පහළොස් වන දා නිවාඩු ගෙන, ඒ දවස ප්‍රීතිමත් මංගල්‍ය දවසක් කරගත්තෝ ය. කුඩා නුවරවල වාසය කරන පිටිසර ජුදෙව්වරුන් අදාර් මාසයේ දහහතර වන දවස ප්‍රීතිමත්, ආනන්දජනක, එකිනෙකාට කෑම හා තෑගි යවන මංගල්‍ය දවසක් කරගෙන තිබෙන්නේ ඒ නිසා ය.
එස්තර් 9:13-19 New International Version (NIV)
“If it pleases the king,” Esther answered, “give the Jews in Susa permission to carry out this day’s edict tomorrow also, and let Haman’s ten sons be impaled on poles.” So the king commanded that this be done. An edict was issued in Susa, and they impaled the ten sons of Haman. The Jews in Susa came together on the fourteenth day of the month of Adar, and they put to death in Susa three hundred men, but they did not lay their hands on the plunder. Meanwhile, the remainder of the Jews who were in the king’s provinces also assembled to protect themselves and get relief from their enemies. They killed seventy-five thousand of them but did not lay their hands on the plunder. This happened on the thirteenth day of the month of Adar, and on the fourteenth they rested and made it a day of feasting and joy. The Jews in Susa, however, had assembled on the thirteenth and fourteenth, and then on the fifteenth they rested and made it a day of feasting and joy. That is why rural Jews—those living in villages—observe the fourteenth of the month of Adar as a day of joy and feasting, a day for giving presents to each other.