එස්තර් 1:19-22
එස්තර් 1:19-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“එබැවින් රජු මනාප වේ නම්, එතුමන් වෙතින් රාජ නියෝගයක් නිකුත් වෙත්වා. වෂ්තීට යළි කිසි දිනෙක අහෂ්වේරොෂ් රජු හමුවට පිවිසිය නො හැකි ය යන ඒ නියෝගය වෙනස් කළ නො හැකි සේ, එය පර්සියා හා මේදියා නීතියෙහි ලේඛනගත කෙරෙත්වා. තවද ඇගේ රාජකීය පදවිය, ඇයට වඩා සුදුසු තැනැත්තියකට රජු විසින් දෙනු ලැබේවා. මෙසේ මේ රාජ නියෝගය රජුගේ මේ මහා විශාල රාජධානිය පුරා ප්‍රකාශයට පත් කළ කල්හි, සියලු ම භාර්යාවන් උසස්, පහත් දෙගොල්ල ම තම සැමියනට ගෞරව කරනු ඇතැ” යි කීවේ ය. මෙම උපදෙස රජුට හා අධිපතීන්ට ප්‍රසන්න වූයෙන්, රජු මෙමූකාන්ගේ යෝජනාව පරිදි කටයුතු කළේ ය. ඔහු රාජකීය සියලු ප්‍රාන්ත වෙත සන්දේශ යවමින්, හැම පිරිමියෙක් ම ඔහුගේ ගෘහවාසීනට ගෘහපති විය යුතු යැයි ඒ ඒ ජනයාගේ මව් බසින් නිවේදන කරවමින්, එක් එක් ප්‍රාන්තයට ඒ ඒ ප්‍රාන්තයට පොදු අකුරින් හා එක් එක් ජනතාවට ඔවුන්ගේ ම භාෂාවෙන් දන්වා යැවී ය.
එස්තර් 1:19-22 Sinhala Revised Old Version (SROV)
රජ්ජුරුවන් සතුටු නම් වස්තී තවත් අහෂ්වේරොෂ් රජු ඉදිරියට නොඑන ලෙස රජ්ජුරුවන්ගෙන් රාජ ආඥාවක් පතළ වෙන්ටත්, එය වෙනස් නොවන පිණිස පාර්සිවරුන්ගේද මේදවරුන්ගේද ව්‍යවස්ථා අතරෙහි ලියා තබන්ටත් යෙදේවා; ඇගේ බිසෝකමද ඈට වඩා හොඳ තැනැත්තියකට රජ්ජුරුවන් විසින් දෙනු ලැබේවා. රජු විශාලවූ ස්වකීය රාජ්‍යය මුළුල්ලෙහි පනවන නියෝගය ඇසූ කල්හි සියලුම භාර්යාවන් ලොකු කුඩාවූ තම තමුන්ගේ පුරුෂයන්ට ගෞරව දෙනවා ඇතැයි කීවෝය. ඒ කීමට රජද අධිපතීහුද ප්‍රසන්නවූහ; රජ මෙමූකාන්ගේ කීම ලෙස කරමින්, එක එක පුරුෂයා විසින් තම තමාගේ ගෙදර ආණ්ඩුකරන හැටියටද, තමාගේ සෙනඟගේ භාෂාවෙන් එය ප්‍රකාශකරන හැටියටද, එක එක රටේ අකුරුවලිනුත් එක එක සෙනඟගේ භාෂාවෙනුත් ලියුම් ලියා ඇරියේය.
එස්තර් 1:19-22 Sinhala New Revised Version (NRSV)
රජතුමෙනි, ඔබ සතුටු නම්, වස්තී තවත් අහෂ්වේරොෂ් රජු ඉදිරියට නොඑන ලෙස රජ්ජුරුවන්ගෙන් රාජ ආඥාවක් පතළ කළ මැනව. එය වෙනස් නොවන පිණිස පර්සිවරුන්ගේ ද මේදවරුන්ගේ ද නීති ග්‍රන්ථවල ලියා තබන්නට සැලැසුව මැනව. ඇගේ අගබිසෝකම ද ඈට වඩා සුදුසු තැනැත්තියකට රජ්ජුරුවන් විසින් දෙනු ලැබේ වා! විශාල වූ ස්වකීය රාජ්‍යය මුළුල්ලෙහි රජතුමා පණවන නියෝගය ඇසූ කල්හි සියලු ම භාර්යාවන් තම තමන්ගේ පුරුෂයෝ උසස් හෝ පහත් හෝ වෙත්වා, ඔවුන්ට ගෞරව දෙනු ඇතැ”යි කීවේ ය. ඒ කීමට රජ ද අධිපතීහු ද ප්‍රසන්න වූ හ. රජතුමා මෙමුකාන්ගේ කීම ලෙස කරමින්, හැම පුරුෂයෙකු ම තමාගේ ගෙදර ප්‍රධානියා විය යුතු ය කියා තමාගේ සෙනඟගේ භාෂාවෙන් ද එක එක රටේ අකුරුවලින් ද ඒ ඒ සෙනඟගේ භාෂාවෙන් ද ප්‍රකාශ කරන හැටියට ලියුම් ලියා යැවී ය.
එස්තර් 1:19-22 New International Version (NIV)
“Therefore, if it pleases the king, let him issue a royal decree and let it be written in the laws of Persia and Media, which cannot be repealed, that Vashti is never again to enter the presence of King Xerxes. Also let the king give her royal position to someone else who is better than she. Then when the king’s edict is proclaimed throughout all his vast realm, all the women will respect their husbands, from the least to the greatest.” The king and his nobles were pleased with this advice, so the king did as Memukan proposed. He sent dispatches to all parts of the kingdom, to each province in its own script and to each people in their own language, proclaiming that every man should be ruler over his own household, using his native tongue.