එස්තර් 1:1-4
එස්තර් 1:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අහෂ්වේරොෂ් රජුගේ දවස්හි, එනම් ඉන්දියාවේ සිට කූෂ් දේශය දක්වා පැතිරුණු ප්‍රාන්ත එකසිය විසිහතක් පාලනය කළ අහෂ්වේරොෂ් රාජ සමයේ අහෂ්වේරොෂ් රජු, බළකොටු නුවර වූ ෂූෂන්හි තම සිංහාසනයේ හිඳ, රජකම් කරමින්, ඔහුගේ පාලන සමයේ තෙවන වසරේ ඔහු තමාගේ සියලු අධිපතීන්ට හා නිලධාරීන්ට ප්‍රිය සාදයක් පැවැත්වී ය. පර්සියාවේ හා මේදියාවේ හමුදා නායකයෝ ද වංශාධිපතීහු ද ප්‍රාදේශීය ආණ්ඩුකාරවරු ද ඔහු ඉදිරියේ වූහ. බොහෝ දවසක්, පුරා එකසිය අසූ දවසක් ඔහු තම රාජකීය තේජසේ ධන සම්පත්තියත්, තම රාජශ්‍රීයේ අලංකාරය හා විභූතියත් ප්‍රදර්ශන කළේ ය.
එස්තර් 1:1-4 Sinhala Revised Old Version (SROV)
තවද ඉන්දියාව පටන් කූෂ් දක්වා රටවල් එකසිය විසිහතක් කෙරෙහි රජකම්කළ අහෂ්වේරොෂ්ගේ දවස්වලදී මෙසේ සිද්ධවිය. අහෂ්වේරොෂ් රජුගේ රජකම්කිරීමේ තුන්වෙනි අවුරුද්දේ ඔහු ෂූෂන් බලකොටුවේ තිබුණ තමාගේ රාජ්‍යයේ සිංහාසනයෙහි වැඩහුන් දවස්වලදී, තමාගේ සියලු අධිපතීන්ද සේවකයන්ද වන පාර්සියාවේ සහ මේදියාවේ සේනාධිපතීන්ටද රටවල උත්තමයන්ටද අධිපතීන්ටද තමා ඉදිරියෙහි මංගල්‍ය කෑමක් දුන්නේය. එකල්හි ඔහු තමාගේ රාජ්‍යයේ උතුම් වස්තුද තමාගේ මහිමශ්‍රීයේ අනර්ඝතාවද බොහෝ දවස් එනම් දවස් එකසිය අසූවක් පෙන්නුවේය.
එස්තර් 1:1-4 Sinhala New Revised Version (NRSV)
ඉන්දියාවේ පටන් එතියෝපියාව දක්වා රටවල් එකසිය විසිහතක රජකම් කළ අහෂ්වේරොෂ්ගේ දවස්වල දී සිදු වූ සිදුවීම් මෙහි විස්තර කර ඇත. ඒ කාලයේ දී ඔහු සූසා නම් අගනුවර සිංහාසනාරූඪ ව සිටියේ ය. අහෂ්වේරොෂ් රජුගේ රාජ්‍ය සමයේ තුන් වන අවුරුද්දේ දී ඔහු තමාගේ සියලු අධිපතීන්ට ද විධායකයින්ට ද මංගල භෝජනයකින් සංග්‍රහ කෙළේ ය. පර්සියාවේ හා මේදියාවේ හමුදාවල අධිපතීහු ද ප්‍රාදේශීය ආණ්ඩුකාරයෝ හා ප්‍රභූවරයෝ ද ඒ අවස්ථාවේ දී පැමිණ සිටියහ. එකල්හි ඔහු තමාගේ රාජ්‍යයේ යස ඉසුර ද තමාගේ මහිමශ්‍රීයේ තේජස හා අලංකාරය ද බොහෝ දවස් එනම්, දවස් එකසිය අසූවක් මුළුල්ලේ ප්‍රදර්ශනය කෙළේ ය.
එස්තර් 1:1-4 New International Version (NIV)
This is what happened during the time of Xerxes, the Xerxes who ruled over 127 provinces stretching from India to Cush: At that time King Xerxes reigned from his royal throne in the citadel of Susa, and in the third year of his reign he gave a banquet for all his nobles and officials. The military leaders of Persia and Media, the princes, and the nobles of the provinces were present. For a full 180 days he displayed the vast wealth of his kingdom and the splendor and glory of his majesty.