ධර්මදේශකයා 5:10-20

ධර්මදේශකයා 5:10-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මුදලට ආලය කරන්නා කිසි දා මුදලින් සෑහීමට නො පැමිණේ; වස්තු සම්පත්වලට ආලය වන්නා කිසි දා තම ආදායමින් සෑහීමට නො පැමිණේ. මෙය ද නිරර්ථක ය. බඩු භාණ්ඩ වැඩි වන කල, ඒවා පරිහරණ කරන්නෝ ද වැඩි වෙති. ඒවා බලා, තම ඇස පිනවා ගැනීමට වඩා වැඩි ප්‍රයෝජනයක් ඒවායේ හිමිකරුවාට වේ ද? කම්කරුවා ආහාර අඩුවෙන් ගත්තත්, වැඩියෙන් ගත්තත් ඔහුගේ නින්ද මිහිරි ය; එහෙත් ධනවතාගේ ධනස්කන්ධය ඔහුට නිදාගන්නට ඉඩ නො දෙයි. හිරු යට මහා නපුරක් මා දැක ඇත: වස්තුව ගොඩ ගසා ගැනීමෙන් ඒවායේ අයිතිකරුවාට හානි පැමිණීම, නැතහොත් ඒ වස්තුව, යම් අභාග්‍යකින් නැති-භංග වී, තමා විසින් බිහි කළ පුත්‍රයාට කිසිවක් ඉතිරි නො වීම ය. ඔහු තම මවගේ කුසයෙන් නික්ම එන්නේ නිරුවතිනි; ඔහු පිටත් ව යන්නේ ඔහු ආ ලෙසින් ම ය; තමන් වෙහෙස ව හරිහම්බ කර ගත් කිසිවක් ඔහු තම අතින් ගෙන, රැගෙන යන්නේ නැත. මෙය ද බරපතළ නපුරකි: මනුෂ්‍යයා එන්නේ කෙලෙස ද, ඔහු යන්නේ ද එලෙසින් ම ය, සුළඟ උදෙසා වෙහෙසීමෙන් ඔහුට අත්වන ප්‍රයෝජනය කුමක් ද? ඔහුගේ ජීවිතයේ සියලු දවස් දැඩි සාංකාවෙන් ද රෝගයෙන් හා කෝපයෙන් ද යුතු ව ඔහු අන්ධකාරයෙහි වළඳන්නේ ය. දෙවියන්වහන්සේ කෙනකුට දෙන ඔහුගේ ජීවිතයේ සියලු දවස්හි දී කා බී සෑහී, හිරු යටදී වෙහෙසී ඔහු කරන වැඩ කටයුතුවලින් සෑහීමට පත්වීම හොඳ ය, සුදුසු ය යන්න මම අවබෝධ කර ගතිමි. ඔහුගේ පංගු කොටස එයයි. තවද දෙවියන්වහන්සේ යම් කෙනකුට ධනය හා සම්පත් ද ඒවා භුක්ති විඳීමේ හැකියාව ද තම පංගු කොටස පිළිගෙන, තම වැඩ කටයුතු ගැන ප්‍රීතිවීම ද ලබා දෙන්නේ නම්, එය දෙවියන්වහන්සේගේ දීමනාවකි. දෙවියන්වහන්සේ ම ඔහුගේ හදවත ප්‍රමෝදයෙන් පුරවා ඇති බැවින්, තම ජීවිත දවස් ගැන වඩා කල්පනා කිරීමට ඔහුට සිදු නො වේ.

ධර්මදේශකයා 5:10-20 Sinhala Revised Old Version (SROV)

රිදීයට ඇලුම්වෙන්නා රිදීයෙන්වත් සම්පත්වලට ඇලුම්වෙන්නා ලාභයෙන්වත් තෘප්තියට නොපැමිණෙයි. මේකත් නිෂ්ඵලකමක්ය. දේපළ වැඩිවන විට ඒවා භුක්තිවිඳින්නෝද වැඩිවෙති. ඒවා අයිතිකාරයාට තමාගේ ඇස්වලින් ඒවා බැලීම මිස එයින් ඇති ප්‍රයෝජනය මොකද? වැඩකරන්නා ටිකක් කෑවත් හුඟක් කෑවත් ඔහුගේ නින්ද මිහිරිය. නුමුත් පොහොසතාගේ අධික තෘප්තිය නිසා ඔහුට නිදාගන්ට බැරිය. ඉර යට මා දුටු මහත් වරදක් තිබේ, එනම් අයිතිකාරයා විසින් තමාට අන්තරාය වන ලෙස වස්තුව තබාගැනීමය. ඒ වස්තු යම් නපුරු සිද්ධියකදී නැතිවෙයි; මෙසේ ඔහුට දාව පුත්‍රයෙක් සිටියත් ඔහු අතේ කිසිත් නැත. ඔහු තමාගේ මවුගේ කුසෙන් නික්ම ආ ලෙසම නිර්වස්ත්‍රව නැවත යන්නේය, තමාගේ අතින් ගෙනගිය හැකි කිසිවකුත් තමාගේ වැඩෙන් ඔහු ගෙනයන්නේ නැත. මේකත් මහත් වරදක්ය: සියලු ආකාරයෙන්, ඔහු ආ ලෙසම ඔහු යන්නේය. සුළඟ ගැන වෙහෙසවෙන්නාවූ ඔහුට ඇති ප්‍රයෝජනය මොකද? ඔහුගේ සියලු දවස්වල ඔහු අන්ධකාරයෙහි කෑම කන්නේය, ඔහුට තද දුකද වේදනාවද කෝපයද තිබේ. බලව, මා දුටු කාරණයක් නම් දෙවියන්වහන්සේ යමෙකුට දෙන්නාවූ ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල කා බී, ඔහු ඉර යට ගන්නාවූ තමාගේ සියලු වෙහෙසවලින් සැපය භුක්තිවිඳීම හොඳව සුදුසුව තිබෙන බවය. මක්නිසාද ඒක ඔහුගේ කොටසය. තවද දෙවියන්වහන්සේ යම් මනුෂ්‍යයෙකුට වස්තුද සම්පත්ද දී, ඒවා භුක්තිවිඳින්ටත් තමාගේ කොටස රැගෙන තමාගේ වැඩෙන් ප්‍රීතිවෙන්ටත් බලය දී තිබේද? එය දෙවියන්වහන්සේගේ දීමනාවක්ය. මක්නිසාද ඔහුගේ සිතේ ප්‍රීතිය තැබීමෙන් දෙවියන්වහන්සේ ඔහුට උත්තරදෙන බැවින් ඔහු තමාගේ ජීවිතයේ දවස් වඩා සිහිකරන්නේ නැත.

ධර්මදේශකයා 5:10-20 Sinhala New Revised Version (NRSV)

ධනසම්පතට ඇලුම් වන්නා ධනසම්පතින් වත්, වස්තුවට ඇලුම් වන්නා වස්තුවෙන් වත් තෘප්තියට නොපැමිණෙයි. මෙය ද නිසරු දෙයකි. වස්තුව වැඩි වන්න, වැඩි වන්න එයින් නඩත්තු කළ යුතු අය ද වැඩි වෙති. ධනවතාට ඇති එක ම ප්‍රයෝජනය නම්, තමා ධනවතෙකු බව දැකීම ය. කම්කරුවා ටිකක් කෑවත්, හුඟක් කෑවත් ඔහුට සුව සේ සැතපිය හැකි ය; එහෙත්, පොහොසතාට තමාගේ වස්තු සම්භාරය නිසා නින්දක් නැත. මේ මිනිස් ලොවෙහි මහා අසාධාරණ දෙයක් ඇත. එනම්, දුෂ්කර කාලයක දී ප්‍රයෝජනයට ගැනීමට මිනිසෙකු රැස්කර තබන වස්තුව යම් අභාග්‍යයකින් නැති වී, ඔහුගේ දූදරුවන්ට කිසිවක් නැති වී යාම ය. ඔහු මවු කුසෙන් මෙලොවට නික්ම ආ ලෙස ම කිසිත් නැති ව ලොවින් තුරන් වන්නේ ය. තමාගේ අතින් උපයාගත් කිසිවක් ඔහු ගෙනයන්නේ නැත. මෙය ද අයුක්තියකි; ඔහු ආ ලෙස ම ඔහු යන්නේ ය. සුළං රොදක් ඇල්ලීමට ඔහු ගන්න වෙහෙසින් ඔහුට ඇති ප්‍රයෝජනය කවරේ ද? ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට අන්ධකාරය හා දුක ඇත. දැඩි සිත් වේදනාව හා කෝපය ඇත. මට අවබෝධ වූ එක දෙයක් තිබේ. එනම්, දෙවියන් වහන්සේ මිනිසෙකුට දෙන ජීවිතයේ සියලු දවස්වල මිහි පිට ඔහුගේ සියලු වැඩකටයුතුවලින් උපයාගත් දෙයින් ඔහු සෑහීමට පැමිණ, කා බී විනෝද වීම ය. ඔහුගේ ඉරණම එය වේ. තවද, දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙකුට සැප සම්පත් දී, ඒවා භුක්ති විඳින්නටත්, තමාගේ කොටස රැගෙන එයින් ප්‍රීතිවන්නටත් සලසා තිබේ නම්, ඔහු ඒ ගැන කෘතඥා විය යුතු ය. එය දෙවියන් වහන්සේගෙන් එන දීමනාවකි. මන්ද, දෙවියන් වහන්සේ ඔහුට ප්‍රීතිය දී ඇති බැවින්, කෙටි ජීවිතයක් ගැන ඔහුට කරදරයක් නැත.

ධර්මදේශකයා 5:10-20 Sinhala New Revised Version 2018 (SNRV)

ධනසම්පතට ඇලුම් වන්නා ධනසම්පතින් වත්, වස්තුවට ඇලුම් වන්නා වස්තුවෙන් වත් තෘප්තියට නොපැමිණෙයි. මෙය ද නිසරු දෙයකි. වස්තුව වැඩි වන්න, වැඩි වන්න එයින් නඩත්තු කළ යුතු අය ද වැඩි වෙති. ධනවතාට ඇති එක ම ප්‍රයෝජනය නම්, තමා ධනවතෙකු බව දැකීම ය. කම්කරුවා ටිකක් කෑවත්, හුඟක් කෑවත් ඔහුට සුව සේ සැතපිය හැකි ය; එහෙත්, පොහොසතාට තමාගේ වස්තු සම්භාරය නිසා නින්දක් නැත. මේ මිනිස් ලොවෙහි මහා අසාධාරණ දෙයක් ඇත. එනම්, දුෂ්කර කාලයක දී ප්‍රයෝජනයට ගැනීමට මිනිසෙකු රැස්කර තබන වස්තුව යම් අභාග්‍යයකින් නැති වී, ඔහුගේ දූදරුවන්ට කිසිවක් නැති වී යාම ය. ඔහු මවු කුසෙන් මෙලොවට නික්ම ආ ලෙස ම කිසිත් නැති ව ලොවින් තුරන් වන්නේ ය. තමාගේ අතින් උපයාගත් කිසිවක් ඔහු ගෙනයන්නේ නැත. මෙය ද අයුක්තියකි; ඔහු ආ ලෙස ම ඔහු යන්නේ ය. සුළං රොදක් ඇල්ලීමට ඔහු ගන්න වෙහෙසින් ඔහුට ඇති ප්‍රයෝජනය කවරේ ද? ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට අන්ධකාරය හා දුක ඇත. දැඩි සිත් වේදනාව හා කෝපය ඇත. මට අවබෝධ වූ එක දෙයක් තිබේ. එනම්, දෙවියන් වහන්සේ මිනිසෙකුට දෙන ජීවිතයේ සියලු දවස්වල මිහි පිට ඔහුගේ සියලු වැඩකටයුතුවලින් උපයාගත් දෙයින් ඔහු සෑහීමට පැමිණ, කා බී විනෝද වීම ය. ඔහුගේ හිමි කොටස එය වේ. තවද, දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙකුට සැප සම්පත් දී, ඒවා භුක්ති විඳින්නටත්, තමාගේ කොටස රැගෙන එයින් ප්‍රීතිවන්නටත් සලසා තිබේ නම්, ඔහු ඒ ගැන කෘතඥ විය යුතු ය. එය දෙවියන් වහන්සේගෙන් එන දීමනාවකි. මන්ද, දෙවියන් වහන්සේ ඔහුට ප්‍රීතිය දී ඇති බැවින්, කෙටි ජීවිතයක් ගැන ඔහුට කරදරයක් නැත.

ධර්මදේශකයා 5:10-20 New International Version (NIV)

Whoever loves money never has enough; whoever loves wealth is never satisfied with their income. This too is meaningless. As goods increase, so do those who consume them. And what benefit are they to the owners except to feast their eyes on them? The sleep of a laborer is sweet, whether they eat little or much, but as for the rich, their abundance permits them no sleep. I have seen a grievous evil under the sun: wealth hoarded to the harm of its owners, or wealth lost through some misfortune, so that when they have children there is nothing left for them to inherit. Everyone comes naked from their mother’s womb, and as everyone comes, so they depart. They take nothing from their toil that they can carry in their hands. This too is a grievous evil: As everyone comes, so they depart, and what do they gain, since they toil for the wind? All their days they eat in darkness, with great frustration, affliction and anger. This is what I have observed to be good: that it is appropriate for a person to eat, to drink and to find satisfaction in their toilsome labor under the sun during the few days of life God has given them—for this is their lot. Moreover, when God gives someone wealth and possessions, and the ability to enjoy them, to accept their lot and be happy in their toil—this is a gift of God. They seldom reflect on the days of their life, because God keeps them occupied with gladness of heart.