ද්වීතීය කථාව 4:16-30
ද්වීතීය කථාව 4:16-30 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මොන යම් හැඩයක ප්‍රතිරූපයක් හෝ පිළිමයක් සාදා ගැනීමෙන් ඔබ දූෂ්‍ය නො වන පිණිසයි; පුරුෂයකුගේ හෝ ස්ත්‍රියකගේ හෝ හැඩරුවෙහි සමානත්වයෙන් හෝ පොළොවේ යම් සතකුගේ නැතහොත් අහසේ පියාසරන පක්ෂියකුගේ සමානත්වයෙන් හෝ පොළොවේ බඩ ගා ඇදෙන උරගයකුගේ නැතහොත් පහළ ජලයේ සිටින මත්ස්‍යයකුගේ සමානත්වයෙන් හෝ රූපකායක් නො සාදා ගන්නා පිණිස ය. අහස දෙස ඉහළ බැලූ කල, හිරු, සඳු, තරු යන අහස් වස්තු පෙළ දැක, ඒවාට නමස්කාර කරන්නට සහ සේවය කරන්නට නො පෙලඹෙන්න; ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඒවා නියම කර ඇත්තේ, අහසින් යට සිටින සියලු ජාතීන් උදෙසා ය. එසේ වුව ද ඔබ, අද දවසේ සිටින පරිදි, ස්වකීය උරුම ජනතාව වන පිණිස ස්වාමින්වහන්සේ තෝරා ගෙන, යකඩ ගිනි උදුනක් වැනි ඊජිප්තුවෙන් පිටතට ගෙනා සේක. ඔබ නිසා ස්වාමින්වහන්සේ මා සමඟ උරණ වූ සේක්, මා යොර්දානෙන් එතෙරට යන්නේවත්, ඔබගේ උරුමය වශයෙන් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන ඒ සාරවත් දේශයට මා ඇතුළු වන්නේවත් නැතැයි දිවුරා ශපථ කළ සේක. මම මේ දේශයෙහි ම මියෙන්නෙමි. මම යොර්දානෙන් එතෙරට නො යන්නෙමි. එනමුදු ඔබ එයින් එතෙර වන්නටත්, ඒ සාරවත් දේශය හිමි කර ගන්නටත් සූදානමිනි. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ කළ ගිවිසුම, අමතක නො කරන්නට පරෙස්සම් වන්න. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට තහනම් කළ පරිදි කිසි ම දෙයක හැඩහුරුකමින් දේව පිළිම ඔබට සාදා නො ගන්න. මන්ද ස්වාමින්වහන්සේ වන ඔබේ දෙවියන්වහන්සේ දවාලන ගින්නකි; ඊර්ෂ්‍යා සහගත දෙවියන්වහන්සේ ය. නුඹලා දරුවන් ද දරුවන්ගේ දරුවන් ද ලැබ, දිගු කලක් දේශයෙහි වාසය කළ පසු, කිසියම් ආකාරයක පිළිම රූප සාදා ගැනීමෙන් දූෂ්‍ය වී, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකමක් කරමින්, උන්වහන්සේගේ කෝපය ඇවුළුවහොත්, අත්කර ගැනීමට යොර්දානෙන් එතෙරට ඔබ යන දේශයෙන් ඔබ වහා වැනසී යන පිණිස, ඔබට එරෙහිව සාක්ෂි දෙන්නට මේ අද දවසේ අහසටත්, පොළොවටත් මම හඬ ගසමි. එවිට ඔබ වැඩි කල් එහි වෙසෙන්නේ නැත; මුළුමනින් ම විනාශ ව යනු ඇත. ස්වාමින්වහන්සේ ජාතීන් අතරේ ඔබ විසුරුවා හරිනු ඇත. ස්වාමින්වහන්සේ විසින් එසේ ඔබ පලවා හරින ලද ජාතීන් අතර ජීවත් ව ඉතිරි ව සිටිනු ඇත්තේ ඔබෙන් ස්වල්ප දෙනකු පමණි. එහිදී ඔබ මිනිස් අතින් සෑදූ දෙවිවරුනට, එනම් දකින්නට, අසන්නට, වළඳන්නට හෝ ගඳ-සුවඳ විඳින්නට බැරි, දැවයෙන් හෝ ගලින් හෝ තැනූ දෙවි දේවතාවුනට නමස්කාර කරනු ඇත. එහෙත් එහිදී ඔබ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සොයා ගියහොත්, ඔබේ මුළු හදවතින් ද ඔබේ මුළු ජීවයෙන් ද සැබවින් ම උන්වහන්සේ සෙව්වහොත්, ඔබට උන්වහන්සේ සම්භ වනු ඇත. ඔබ විපතට පත් ව, ඒ හැම දේ ඔබට සිදු වූ පසු, කලක් ගත වී ඔබ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත ආපසු අවුත්, උන්වහන්සේට කීකරු ව සිටිනු ඇත.
ද්වීතීය කථාව 4:16-30 Sinhala Revised Old Version (SROV)
එබැවින් නුඹලාම දූෂ්‍යකරගන, පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියෙකුගේ ආකාරයවත්, පොළොවේ කිසි මෘගයෙකුගේ ආකාරයවත්, ආකාශයෙහි පියාසරකරන පියාපත් ඇති කිසි පක්ෂියෙකුගේ ආකාරයවත්, භූමිය පිට බඩගා යන කිසි සතෙකුගේ ආකාරයවත්, පොළොව යට ජලයෙහි ඉන්න කිසි මත්ස්‍යයෙකුගේ ආකාරයවත් යන මේ කොයි රූපාකාරයකට නුමුත් සමානවූ කැපූ රූපයක් සාදානොගන්න හැටියටද, නුඹේ ඇස් අහස දෙසට ඔසවා ඉර සඳ තාරකා යන සියලු අහස් සේනාව දකින කල මුළු අහසින් යට සිටින සියලු ජාතීන්ට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කොටස්කර දී තිබෙන ඒ දේවලට නමස්කාරකිරීමටත් සේවය කිරීමටත් ඇදී නොයන හැටියටද හොඳට ප්‍රවේසම් වන්න. එහෙත් අද තිබෙන්නාක්මෙන් නුඹලා තමන්වහන්සේට උරුම සෙනඟක් වන පිණිස ස්වාමීන්වහන්සේ නුඹලා රැගෙන යකඩ උදුනක් වැනිවූ මිසරයෙන් නුඹලා පිටතට ගෙනාසේක. තවද ස්වාමීන්වහන්සේ නුඹලා නිසා මා කෙරෙහි උදහස්ව, මට යොර්දානෙන් එතරට යන්ටත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් පිණිස නුඹට දෙන ඒ යහපත් දේශයට ඇතුල්වෙන්ටත් නොලැබෙන්නේය කියා දිවුළසේක. මෙසේ මා මේ දේශයෙහි මැරෙන්ට ඕනෑය, මා යොර්දානෙන් එගොඩට නොයා යුතුය. එහෙත් නුඹලා එගොඩට ගොස් ඒ යහපත් දේශය හිමි කරගන්නවා ඇත. නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ කළාවූ උන්වහන්සේගේ ගිවිසුම මතක නැතිකොට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට තහනම්කර තිබෙන කිසිවකට සමානවූ රූපයක් සාදා නොගන්ට බලාගන්න. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විනාශකරන ගින්නක් වන, ස්වකීය ගෞරවය රක්ෂා කරන්නාවූ දෙවිකෙනෙක්ය. නුඹට දරුවන්ද දරුවන්ගේ දරුවන්ද ඉපද, නුඹලා දේශයෙහි බොහෝ කලක් සිටි කල්හි, නුඹලා දූෂ්‍යකම්කරමින්, කොයි දෙයකට නුමුත් සමානවූ රූපයක් සාදාගන, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදහස්වන හැටියට උන්වහන්සේ ඉදිරියේ නපුරුව තිබෙන දෙය කළොත්, නුඹලා හිමිකරගන්ට යොර්දානෙන් එතරට යන දේශය මතු පිටින් නුඹලා ඉක්මනට සහමුලින් විනාශවෙන බවට අද දවසේ නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටද පොළොවටද හඬගසමි; එහි නුඹලාගේ දවස් වැඩිනොවී, නුඹලා සහමුලින්ම විනාශ වන්නහුය. ස්වාමීන්වහන්සේ මනුෂ්‍ය වර්ගයන් අතරෙහි නුඹලා විසුරුවනවා ඇත, ස්වාමීන්වහන්සේ විසින් නුඹලා පමුණුවන ජාතීන් අතරෙහි නුඹලා ගණනින් ස්වල්පව සිටින්නහුය. එහිදී නුඹලා ඇස් පෙනෙන්නේවත් කන් ඇසෙන්නේවත් කෑම කන්නේවත් ගඳ සුවඳ දැනෙන්නේවත් නැත්තාවූ ලී සහ ගල්වලින් මනුෂ්‍යයන්ගේ අතින් සෑදුවාවූ දෙවිවරුන්ට මෙහෙකරනවා ඇත. එහෙත් එතන සිට නුඹලා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයමින් නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද සොයන්නහු නම් උන්වහන්සේ නුඹට සම්බවනසේක. නුඹ පීඩා විඳින කලද මේ සියලු දේ නුඹට පැමිණි කලද අන්තිම දවස්වලදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරී උන්වහන්සේගේ හඬට ඇහුම්කන්දුන්නොත්
ද්වීතීය කථාව 4:16-30 Sinhala New Revised Version (NRSV)
එබැවින් ඔබ පවට නොවැටෙන පිණිස කිසි ම නෙළූ පිළිමයක් වත්, ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ සමාන කිසි ම රූපයක් වත්, මිහි පිට සිටින සතෙකුට හෝ අහස් කුස පියාඹන පක්ෂියෙකුට හෝ සමාන රූපයක් වත්, පොළොවේ බඩගා යන උරගයෙකුට හෝ ජලයෙහි හැසිරෙන මත්ස්‍යයෙකුට හෝ සමාන රූපයක් වත් නොසෑදිය යුතු ය. ඔබ අහස දෙස හිස ඔසවා, එහි ඇති ඉර, හඳ, තාරකා සහ සියලු ආකාශ වස්තු දකින විට ඒවාට වන්දනා නමස්කාර කිරීමට ඇදී නොයන්න. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඒවා දී ඇත්තේ මිහි පිට සෙසු සියලු ජාතීන් සඳහා ය. එහෙත්, ඔබ ගැන කිව යුතු දේ නම්, යකඩ ගිනි උදුනක් වැනි මිසරයෙන් සමිඳාණන් වහන්සේ ඔබ පිටතට ගෙනාවේ, ඔබ හැම අද දින සිටින්නාක් මෙන් උන් වහන්සේගේ ම උරුමය වූ සෙනඟක් වනු පිණිස ය. “තවද, උන් වහන්සේ ඔබ නිසා මා සමඟ කිපී ජොර්දාන් ගඟෙන් මට එතෙර වීමටත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන්නට යන සරුසාර දේශයට මට ඇතුළු වීමටත් ඉඩ නොදෙන බවට දිවුළ සේක. මට ජොර්දාන් ගඟෙන් එතෙර වන්නට ඉඩ නොලැබෙන්නේ ය, මෙරට මැරෙන්නට මට සිදු වේ. එහෙත්, ඔබ නම් ගඟෙන් එතෙර වී ඒ සරුසාර රට අයිති කරගන්නහු ය. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ කරගත් ගිවිසුම අමතක නොකරන ලෙසටත්, උන් වහන්සේ ඔබට තහනම් කළ නෙළූ පිළිමයක් හෝ වෙන කිසිවකට සමාන රූපයක් හෝ නොසාදන ලෙසටත් ප්‍රවේසම් වන්න. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ගින්නකි, ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි. “ඔබ දරුවන් ද දරුවන්ගේ දරුවන් ද ලබා, බොහෝ කාලයක් එම රටෙහි විසූ පසු, නෙළූ පිළිම හෝ යම්කිසි රූපයක් හෝ සාදා පවට වැටෙමින් ඔබ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නපුර කොට උන් වහන්සේ කුපිත කළහොත් මම එදින ඔබට විරුද්ධ ව සාක්ෂියක් වශයෙන් අහසත්, පොළොවත් කැඳවා ඔබ අයිති කරගන්නට යන ජොර්දාන් ගඟෙන් එතෙර රටින් ඔබ හැම සහමුලින් ම වනසාලන හැටියට දිවුරා කියමි. එම රටෙහි ඔබ වැඩි කල් ජීවත් නොවනු ඇත. ඔබ සහමුලින් ම වැනසෙනු ඇත. සමිඳාණන් වහන්සේ සෙසු ජාතීන් අතරෙහි ඔබ හැම විසුරුවා දමන සේක. උන් වහන්සේ ඔබ ගෙන යන විජාතීන් අතරෙහි ඔබ ගණනින් ඉතා ස්වල්ප දෙනෙකු වශයෙන් ඉතිරි වන්නාහු ය. එහි දී ඔබ හැම ලීයෙන් සහ ගලින් නෙළූ මිනිස් අත්කම්වල ප්‍රතිඵල වන, කිසිත් නොදකින, නොවළඳන, ගඳ සුවඳ නොදැනෙන, දෙවි දේවතාවන්ට වැඳුම්පිදුම් කරන්නහු ය. එහෙත්, එහි දී ඔබේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද ඔබ දෙවි සමිඳාණන් වහන්සේ සොයා ගියොත් උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත. දුක් කරදර ඔබට පැමිණෙන විට, අවසානයේ දී වත් ඔබ, දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී, උන් වහන්සේගේ හඬට අවනත වන්නහු නම්
ද්වීතීය කථාව 4:16-30 Sinhala New Revised Version 2018 (SNRV)

ද්වීතීය කථාව 4:16-30 New International Version (NIV)
so that you do not become corrupt and make for yourselves an idol, an image of any shape, whether formed like a man or a woman, or like any animal on earth or any bird that flies in the air, or like any creature that moves along the ground or any fish in the waters below. And when you look up to the sky and see the sun, the moon and the stars—all the heavenly array—do not be enticed into bowing down to them and worshiping things the LORD your God has apportioned to all the nations under heaven. But as for you, the LORD took you and brought you out of the iron-smelting furnace, out of Egypt, to be the people of his inheritance, as you now are. The LORD was angry with me because of you, and he solemnly swore that I would not cross the Jordan and enter the good land the LORD your God is giving you as your inheritance. I will die in this land; I will not cross the Jordan; but you are about to cross over and take possession of that good land. Be careful not to forget the covenant of the LORD your God that he made with you; do not make for yourselves an idol in the form of anything the LORD your God has forbidden. For the LORD your God is a consuming fire, a jealous God. After you have had children and grandchildren and have lived in the land a long time—if you then become corrupt and make any kind of idol, doing evil in the eyes of the LORD your God and arousing his anger, I call the heavens and the earth as witnesses against you this day that you will quickly perish from the land that you are crossing the Jordan to possess. You will not live there long but will certainly be destroyed. The LORD will scatter you among the peoples, and only a few of you will survive among the nations to which the LORD will drive you. There you will worship man-made gods of wood and stone, which cannot see or hear or eat or smell. But if from there you seek the LORD your God, you will find him if you seek him with all your heart and with all your soul. When you are in distress and all these things have happened to you, then in later days you will return to the LORD your God and obey him.