ද්වීතීය කථාව 34:1-9

ද්වීතීය කථාව 34:1-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඉන්පසු මෝසෙස්, යෙරිකෝවෙන් මෙගොඩ මෝවබ් තැන්නේ සිට, නෙබෝ කන්දේ පිස්ගා කඳු මුඳුනට නැංගේ ය. එහිදී ස්වාමින්වහන්සේ ඔහුට මුළු දේශය ම පෙන් වූ සේක. ගිලියාද් සිට දාන් දක්වා, නෆ්තලී මුළු පෙදෙස ද එප්‍රායිම් හා මනස්සේ පළාත ද බටහිර මුහුද තෙක් විහිදි මුළු යූදා දේශය ද නෙගෙබ් ද ඉඳි ගස් නුවර වන යෙරිකෝවේ මිටියාවත ද සොවර් දක්වා ද පෙන් වූ සේක. ඉන්පසු ඔහු ඇමතූ ස්වාමින්වහන්සේ, “ ‘ඔබෙන් පැවත එන්නන්ට මෙය දෙන්නෙමැ’ යි කියා ආබ්‍රහම්ට ද ඊසාක්ට ද යාකොබ්ට ද මා දිවුරා පොරොන්දු වූ දේශය මෙයයි. ඔබේ ම ඇස්වලින් ඔබට එය දකින්නට සැලැස්වීමි. එහෙත්, ඔබ එහි එතෙර ව යන්නේ නැතැ” යි පැවසූ සේක. ස්වාමින්වහන්සේ පවසා තිබූ පරිදි ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස්, මෝවබ්හි එම ස්ථානයේදී මියැදිණි. මෝවබ් දේශයේ බෙත්-පෙයෝර් ඉදිරිපිට වූ මිටියාවතෙහි උන්වහන්සේ ඔහු භූමදාන කළ සේක. එහෙත් ඔහුගේ සොහොන කොතැනකදැයි මේ දක්වාත් කිසිවකු නො දනී. මෝසෙස් මියෙන විට එකසිය විසි වසක් වියැති ව සිටියේ නමුදු ඔහුගේ ඇස් පෙනීම දුබල නො විණ; ඔහුගේ සවි ශක්තිය හීන නො විණ. හඬා-වැලපෙන කාලය වන තිස් දවසක් ඉක්මෙන තෙක්, ඉශ්‍රායෙල්වරු මෝවබ් තැන්නෙහි දී මෝසෙස් උදෙසා ශෝක වූහ. නූන්ගේ පුත් යෝෂුවා මත මෝසෙස් අත් තබා තිබූ බැවින්, යෝෂුවා ප්‍රඥාවේ ආත්මයෙන් පූර්ණ විය. එබැවින් යෝෂුවාට සවන් දුන් ඉශ්‍රායෙල්වරු ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කර තිබූ පරිදි ක්‍රියා කළහ.

ද්වීතීය කථාව 34:1-9 Sinhala Revised Old Version (SROV)

ඉක්බිති මෝසෙස් මෝවබ් සමභූමිවල සිට යෙරිකෝව ඉදිරිපිට නෙබෝ කන්දේ තිබෙන පිස්ගා මුදුනට නැගුණේය. ස්වාමීන්වහන්සේ ඔහුට දාන් දක්වා තිබෙන මුළු ගිලියද් දේශයද, මුළු නප්තලීයද එප්‍රායිම් සහ මනස්සේ දේශයද අපරදිගවූ මුහුද දක්වා තිබෙන මුළු යූදා රටද, දකුණු දිශාවද ශොවර් දක්වා තිබෙන ඉඳිගස් නුවරවූ යෙරිකෝ මිටියාවතේ සමභූමියද දැක්වූ සේක. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: නුඹේ වංශයට දෙන්නෙමියි කියා ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දිවුළ දේශය මේය. ඒක නුඹේ ඇස්වලින් දකින්ට සැලැස්වීමි. එහෙත් නුඹ එහි නොයන්නෙහියයි කීසේක. මෙසේ ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස මෝවබ් දේශයේ ඒ ස්ථානයේදී නැසුණේය. උන්වහන්සේ ඔහු මෝවබ් දේශයේ බෙත්-පෙයෝර් ඉදිරිපිට තිබෙන මිටියාවතේ තැන්පත්කළසේක; නුමුත් කිසි මනුෂ්‍යයෙක් අද දක්වා ඔහුගේ සොහොන්පළ නොදනියි. මෝසෙස් මැරෙන කල අවුරුදු එකසිය විස්සක් වයස්ව සිටියේය. ඔහුගේ ඇස් අඳුරු නොවීය, ඔහුගේ ස්වාභාවික ශක්තියද අඩු නොවීය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝවබ් සමභූමිවලදී මෝසෙස් ගැන තිස් දවසක් වැලපුණෝය. මෙසේ මෝසෙස් ගැන අඬා වැලපීමේ දවස් ඉකුත්විය. මෝසෙස් තමාගේ අත් නූන්ගේ පුත්‍රවූ යෝෂුවා පිට තැබූ බැවින් ඔහු ප්‍රඥාවේ ආත්මයෙන් පූර්ණ වුණේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝද ඔහුට කීකරුවී ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණ කළ ලෙස කළෝය.

ද්වීතීය කථාව 34:1-9 Sinhala New Revised Version (NRSV)

ඉක්බිති මෝසෙස් මෝවබ් නම් මිටියාවතින්, නෙබෝ නම් කඳුකරයට ගොස්, ජෙරිකෝ නගරයට ඉදිරියෙන් පිහිටි පිස්ගා කඳු මුදුනට නැංගේ ය. එහි දී සමිඳාණන් වහන්සේ ඔහුට දාන් නගරය දක්වා විහිදුණු මුළු ගිලියද් දේශය ද නප්තලීගේ මුළු දේශය ද එප්‍රායිම්ගේ සහ මනස්සේගේ දේශයෙන් ද මධ්‍යධරණි මුහුද දක්වා පිහිටි ජුදාගේ මුළු දේශය ද දකුණු දිග ද ඉඳි ගස් නගරය යන අර්ථය ඇති ජෙරිකෝව පිහිටි මිටියාවතේ සිට ශෝවර් දක්වා තිබෙන තැනිතලාව ද පෙන්වූ සේක. ඉන්පසු සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “ ‘නුඹේ ගෝත්‍රයට දෙන්නෙමි’යි කියා ආබ්‍රහම් ද ඊසාක් සහ ජාකොබ්ට ද දිවුළ දේශය මේ ය. දේශය නුඹේ දෙනෙතින් දකින්නට සැලැස්වීමි. එහෙත්, නුඹ ඊට ඇතුළු නො වන්නෙහි ය”යි වදාළ සේක. මෙසේ සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස්, උන් වහන්සේ වදාළ පරිදි මෝවබ් දේශයේ දී මියගියේ ය. උන් වහන්සේ බෙත්-පෙයො‍්ර් නම් නගරයට ඉදිරියෙන් වූ මෝවබ් දේශයෙහි තැනිතලාවක ඔහු භූමදාන කළ සේක. කිසිවෙක් අද දක්වා ඔහුගේ සොහොන් පළ නොදනිති. මෝසෙස් මියයන විට ඔහුට වයස අවුරුදු එකසිය විස්සකි. ඔහුගේ ඇස් පෙනීම හොඳට තිබිණි. ශරීර ශක්තිය ද අඩු නො වී ය. ඉශ්රායෙල් ජනතාව මෝවබ් මිටියාවතේ මෝසෙස් ගැන දවස් තිහක් හඬා වැලපුණෝ ය. හඬා වැලපෙන කාලය ද අවමංගල්‍යයේ වත්පිළිවෙත් කාලය ද නිම විය. මෝසෙස්, නූන්ගේ පුත් ජෝෂුවා පිට තම අත් තැබූ බැවින්, ඔහු ප්‍රඥානුභාවයෙන් පූර්ණ වූයේ ය. ඉශ්රායෙල් ජනතාව ද ඔහුට කීකරු වී සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ ලෙස කළෝ ය.

ද්වීතීය කථාව 34:1-9 Sinhala New Revised Version 2018 (SNRV)