ද්වීතීය කථාව 34:1-9
ද්වීතීය කථාව 34:1-9 SROV
ඉක්බිති මෝසෙස් මෝවබ් සමභූමිවල සිට යෙරිකෝව ඉදිරිපිට නෙබෝ කන්දේ තිබෙන පිස්ගා මුදුනට නැගුණේය. ස්වාමීන්වහන්සේ ඔහුට දාන් දක්වා තිබෙන මුළු ගිලියද් දේශයද, මුළු නප්තලීයද එප්‍රායිම් සහ මනස්සේ දේශයද අපරදිගවූ මුහුද දක්වා තිබෙන මුළු යූදා රටද, දකුණු දිශාවද ශොවර් දක්වා තිබෙන ඉඳිගස් නුවරවූ යෙරිකෝ මිටියාවතේ සමභූමියද දැක්වූ සේක. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: නුඹේ වංශයට දෙන්නෙමියි කියා ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දිවුළ දේශය මේය. ඒක නුඹේ ඇස්වලින් දකින්ට සැලැස්වීමි. එහෙත් නුඹ එහි නොයන්නෙහියයි කීසේක. මෙසේ ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස මෝවබ් දේශයේ ඒ ස්ථානයේදී නැසුණේය. උන්වහන්සේ ඔහු මෝවබ් දේශයේ බෙත්-පෙයෝර් ඉදිරිපිට තිබෙන මිටියාවතේ තැන්පත්කළසේක; නුමුත් කිසි මනුෂ්‍යයෙක් අද දක්වා ඔහුගේ සොහොන්පළ නොදනියි. මෝසෙස් මැරෙන කල අවුරුදු එකසිය විස්සක් වයස්ව සිටියේය. ඔහුගේ ඇස් අඳුරු නොවීය, ඔහුගේ ස්වාභාවික ශක්තියද අඩු නොවීය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝවබ් සමභූමිවලදී මෝසෙස් ගැන තිස් දවසක් වැලපුණෝය. මෙසේ මෝසෙස් ගැන අඬා වැලපීමේ දවස් ඉකුත්විය. මෝසෙස් තමාගේ අත් නූන්ගේ පුත්‍රවූ යෝෂුවා පිට තැබූ බැවින් ඔහු ප්‍රඥාවේ ආත්මයෙන් පූර්ණ වුණේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝද ඔහුට කීකරුවී ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණ කළ ලෙස කළෝය.

