ද්වීතීය කථාව 28:2-13

ද්වීතීය කථාව 28:2-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ හඬට ඔබ කීකරු වන්නේ නම්, මේ සියලු ආශිර්වාද ඔබ කරා පැමිණ, ඔබ සමඟ පැවත සිටිනු ඇත. නගරයේදී ඔබ ආශිර්වාද ලබන්නේ ය; ගමේදීත් ඔබ ආශිර්වාද ලබන්නේ ය. ඔබේ ගර්භයේ පලය ද ඔබේ භූමියේ අස්වැන්න ද ඔබේ ගව සම්පතේ පලය ද සත්ව රංචුවල වැඩිවීම ද එළු බැටළු රැළේ පැටවුන් ද ආශිර්වාද ලබන්නේ ය. ඔබේ බඩු මල්ල ද ඔබ පිටි අනන බඳුන ද ආශිර්වාද ලබන්නේ ය. ඇතුළට එන විට ඔබ ආශිර්වාද ලබන්නේ ය; පිටතට යන විට ද ඔබ ආශිර්වාද ලබන්නේ ය. ඔබට එරෙහිව නැගී සිටින සතුරන් ඔබ ඉදිරියෙහි පරාජය වීමට ස්වාමින්වහන්සේ සලස්වන සේක. ඔවුන් එක් දිසාවකින් ඔබ වෙත පැමිණ, හත් දිසාවකින් ඔබ වෙතින් පලා යනු ඇත. ඔබේ අටු-කොටුවලට ද ඔබ අත තබන හැම දේට ම ද ස්වාමින්වහන්සේ ආශිර්වාදයක් එවන සේක. උන්වහන්සේ ඔබට දෙන දේශයේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥා ඔබ පිළිපදිමින්, උන්වහන්සේගේ මාර්ගවල ගමන් ගන්නේ නම්, ස්වාමින්වහන්සේ ඔබට දිවුරා පොරොන්දු වූ පරිදි, ස්වකීය ශුද්ධ ජනතාව කොට ඔබ පිහිටු වන සේක. එවිට ස්වාමින්වහන්සේගේ නාමයෙන් ඔබ අමතනු ලබන වග දකින මිහි පිට වෙසෙන සියලු ජනතාවෝ ඔබට භය වන්නෝ ය. ඔබට දෙන්නෙමැයි ස්වාමින්වහන්සේ ඔබේ පියවරුන්ට දිවුළ දේශයේදී ඔබේ ගර්භයේ පලයටත්, ඔබගේ සත්ව රංචුවල පැටවුනටත්, ඔබේ භූමියේ පලදාවටත් ස්වාමින්වහන්සේ ඔබට විපුල සඵලත්වයක් දානය කරන සේක. නිසි කලට ඔබේ දේශයට වැසි එවන පිණිසත්, ඔබේ අත්වල හැම වැඩකට ම ආශිර්වාද කරන පිණිසත්, ස්වාමින්වහන්සේ තම ඉසුරුමත් ගබඩාව වන අහස විවර කරන සේක. බොහෝ ජාතීනට ඔබ ණයට දෙන නමුත්, කිසිවකුගෙන් ඔබ ණය ගන්නේ නැත. ස්වාමින්වහන්සේ ඔබ වලිගය නො ව, හිස බවට පත් කරන සේක. ඔබ නිරතුරු ව ඉහළින් සිටිනු ඇත. කිසි දින පහළට නො යනු ඇත. එසේ වන්නේ අද මා ඔබට අණ කරන ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥාවනට අවධානය යොමා, ඕනෑකමින් ඒවා පිළිපදින්නේ නම් හා

ද්වීතීය කථාව 28:2-13 Sinhala Revised Old Version (SROV)

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹ කන්දෙන්නෙහි නම් මේ සියලු ආශීර්වාද නුඹ කරා පැමිණ නුඹ සමඟ වන්නේය. නුඹ නුවරෙහි ආශීර්වාදලද්දෙක් වන්නෙහිය, කෙතෙහිත් ආශීර්වාදලද්දෙක් වන්නෙහිය. නුඹේ ගර්භයේ ඵලයටද නුඹේ භූමියේ ඵලයටද නුඹේ සිවුපාවුන්ගේ ඵලයටද නුඹේ ගවයන්ගේ බෝවීමටද නුඹේ එළු බැටළු පැටවුන්ටද ආශීර්වාද ලැබෙන්නේය. නුඹේ පැසටද පිටි අනන ඔරුවටද ආශීර්වාද ලැබෙන්නේය. නුඹ ඇතුළට එන කල්හිද පිටතට යන කල්හිද ආශීර්වාද ලද්දෙක් වන්නෙහිය. නුඹට විරුද්ධව නැගිටින්නාවූ නුඹේ සතුරන් ස්වාමීන්වහන්සේ නුඹ ඉදිරියෙහි පරාජය වෙන්ට සලස්වනසේක. ඔව්හු නුඹට විරුද්ධව එක මගකින් අවුත් සත් මගකින් නුඹ ඉදිරියෙන් පලායන්නෝය. නුඹේ ගබඩා කෙරෙහිද නුඹ අත තබන සියල්ලෙහිද ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදය එවා, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයේදී නුඹට ආශීර්වාදකරනසේක. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥා පවත්වා උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ නුඹට දිවුළලෙස උන්වහන්සේටම ශුද්ධ සෙනඟක් කොට නුඹ ස්ථිරකරනසේක. ස්වාමීන්වහන්සේගේ නාමය නුඹ කෙරෙහි තබා තිබෙන බව පොළොවේ සියලු මනුෂ්‍ය වර්ගයෝ දැක නුඹට භයවන්නෝය. ස්වාමීන්වහන්සේ නුඹට දෙන ලෙස නුඹේ පියවරුන්ට දිවුළ භූමිය මතුපිට නුඹේ ගර්භයේ ඵලයද නුඹේ සිවුපාවුන්ගේ ඵලයද භූමියේ ඵලයද යහපත පිණිස නුඹට වැඩිකර දෙනසේක. ස්වාමීන්වහන්සේ නිසි කාලයට නුඹේ දේශයට වර්ෂාව දෙන්ටද නුඹේ අත්වල සියලු වැඩට ආශීර්වාද කරන්ටද අහස නමැති තමන්ගේ උතුම් ගබඩාව නුඹට විවෘත කරනසේක. නුඹ බොහෝ ජාතීන්ට ණයට දෙන නුමුත් නුඹ ණයට නොගන්නෙහිය. මා අද නුඹලාට අණකරන සියලු වචනවලින් නුඹ දකුණටවත් වමටවත් හැරී අන් දෙවිවරුන්ට සේවය කරන්ට ඔවුන් පස්සේ නොගොස්

ද්වීතීය කථාව 28:2-13 Sinhala New Revised Version (NRSV)

උන් වහන්සේගේ හඬට කීකරු වන්නහු නම්, පහත දැක්වෙන ආශීර්වාද සියල්ල ඔබ පිට පැමිණ ඔබ සමඟ වන්නේ ය. “ඔබේ නගරයේ දී ඔබ ආශීර්වාද ලද්දෝ වන්නහු ය. ඔබේ කෙත්වතුවල දී ඔබ ආශීර්වාද ලද්දෝ වන්නහු ය. “ඔබේ දරුසම්පතට ද භවභෝගසම්පතට ද ගවයන්ගේ සහ එළු බැටළුවන්ගේ බෝ වීමට ද ආශීර්වාද ලැබෙන්නේ ය. “ඔබේ පැසට ද පිටි අනන බඳුනට ද ආශීර්වාද ලැබෙන්නේ ය. “ඔබ ඇතුළට එන විට ද පිටතට යන විට ද උන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක. “ඔබට විරුද්ධ ව නැඟිටින ඔබේ සතුරන්, ඔබ ඉදිරියෙහි පරාජය වීමට සමිඳාණන් වහන්සේ සලසන සේක. ඔව්හු ඔබට විරුද්ධ ව එක මඟකින් අවුත් හත් මඟකින් ඔබෙන් පලා යන්නෝ ය. “ඔබේ ගබඩාවලට ද ඔබේ සියලු වැඩකටයුතුවලට ද සමිඳාණන් වහන්සේ ආශීර්වාද කරන සේක. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයෙහි ඔබට ආශීර්වාද කරන සේක. “ඔබ උන් වහන්සේගේ ආඥා පිළිපැද දෙවි මඟ යන්නහු නම්, දෙවි සමිඳාණන් වහන්සේ දිවුළ ප්‍රකාර ඔබ උන් වහන්සේට කැප වූ සෙනඟක් කරගන්නා සේක. උන් වහන්සේගේ නාමය ඔබ දරන බව දුටු විට, මිහි පිට සියලු ජාතීහු ඔබට බිය වන්නෝ ය. සමිඳාණන් වහන්සේ ඔබට දෙනු පිණිස ඔබේ පියවරුන්ට දිවුළ දේශයේ දී උන් වහන්සේ ඔබට දරුසම්පත ද ගවසම්පත ද භවහෝගසම්පත ද බහුල ව දානය කරන සේක. උන් වහන්සේ තම ඉසුරු බර අහස් ගබඩා විවෘත කොට, නිසි කලට කෙත්වතුවලට වැසි වස්වන සේක. ඔබ කරන වැඩකටයුතු සියල්ලට ආශීර්වාද කරන සේක. ඔබ බොහෝ ජාතීන්ට ණයට දෙන්නහු ය; ණයට ඉල්ලා නොගන්නහු ය. මා අද දින ඔබට අණ කරන දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥාවලට කීකරු වී, ඔබ ඒවා පිළිපදින්නහු නම්, සමිඳාණන් වහන්සේ ඔබ අන්තිමයන් නොකොට, ප්‍රධානීන් කරන සේක; පහත් නොකොට උසස් කරන සේක.

ද්වීතීය කථාව 28:2-13 Sinhala New Revised Version 2018 (SNRV)

ද්වීතීය කථාව 28:2-13 New International Version (NIV)

All these blessings will come on you and accompany you if you obey the LORD your God: You will be blessed in the city and blessed in the country. The fruit of your womb will be blessed, and the crops of your land and the young of your livestock—the calves of your herds and the lambs of your flocks. Your basket and your kneading trough will be blessed. You will be blessed when you come in and blessed when you go out. The LORD will grant that the enemies who rise up against you will be defeated before you. They will come at you from one direction but flee from you in seven. The LORD will send a blessing on your barns and on everything you put your hand to. The LORD your God will bless you in the land he is giving you. The LORD will establish you as his holy people, as he promised you on oath, if you keep the commands of the LORD your God and walk in obedience to him. Then all the peoples on earth will see that you are called by the name of the LORD, and they will fear you. The LORD will grant you abundant prosperity—in the fruit of your womb, the young of your livestock and the crops of your ground—in the land he swore to your ancestors to give you. The LORD will open the heavens, the storehouse of his bounty, to send rain on your land in season and to bless all the work of your hands. You will lend to many nations but will borrow from none. The LORD will make you the head, not the tail. If you pay attention to the commands of the LORD your God that I give you this day and carefully follow them, you will always be at the top, never at the bottom.