ද්වීතීය කථාව 23:14 - Compare All Versions

ද්වීතීය කථාව 23:14 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ ගළවා නුඹේ සතුරන් නුඹට පාවාදෙන පිණිස නුඹේ කඳවුර මධ්‍යයෙහි හැසිරෙනසේක; එබැවින් උන්වහන්සේ නුඹ කෙරෙහි යම් අපිරිසිදුකමක් දැක නුඹෙන් අහක්ව නොයන පිණිස නුඹේ කඳවුර පවිත්‍රව තිබිය යුතුය.

ද්වීතීය කථාව 23:14 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබ සුරකින්නටත්, ඔබේ සතුරන් ඔබ අතට හසුකර දෙන්නටත්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ කඳවුර තුළ සක්මන් කරන සේක. ඔබ මධ්‍යයේ කිසි අවිනීත භාවයක් දැක, උන්වහන්සේ ඔබ වෙතින් ඉවත හැරී නො යන පිණිස, ඔබේ කඳවුර ශුද්ධ ව තිබිය යුතු ය.

ද්වීතීය කථාව 23:14 NRSV (Sinhala New Revised Version)

ඔබ ගළවාගැනීමටත්, ඔබේ සතුරන් පරාජය කිරීමටත් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කඳවුර මැද වැඩ සිටින සේක. එබැවින් කඳවුර පවිත්‍ර ව තබාගත යුතු ය. එහි අපවිත්‍ර යමක් උන් වහන්සේ දුටුවොත් උන් වහන්සේ ඔබෙන් අහක් ව යන සේක.”

ද්වීතීය කථාව 23:14 SNRV (Sinhala New Revised Version 2018)

ඔබ ගළවාගැනීමටත්, ඔබේ සතුරන් පරාජය කිරීමටත් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කඳවුර මැද වැඩ සිටින සේක. එබැවින් කඳවුර පවිත්‍ර ව තබාගත යුතු ය. එහි අපවිත්‍ර යමක් උන් වහන්සේ දුටුවොත් උන් වහන්සේ ඔබෙන් අහක් ව යන සේක.”

ද්වීතීය කථාව 23:14 NIV (New International Version)

For the LORD your God moves about in your camp to protect you and to deliver your enemies to you. Your camp must be holy, so that he will not see among you anything indecent and turn away from you.