දානියෙල් 2:19-23
දානියෙල් 2:19-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එදින රැයේ දර්ශනයකින් ඒ අබිරහස දානියෙල්ට එළිදරවු කෙරිණ. එවිට දානියෙල් ස්වර්ගයේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්, මෙසේ කීවේ ය: “දෙවියන්වහන්සේගේ නාමයට සදහට ම, සදාතනික ව ප්‍රශංසා වේවා. ප්‍රඥාවත්, බලයත් උන්වහන්සේගේ ය. උන්වහන්සේ කාල හා වකවානු වෙනස් කරන සේක. උන්වහන්සේ රජුන් පත් කරන සේක; රජුන් පහ කර දමන සේක. උන්වහන්සේ පඬිවරුනට ප්‍රඥාවත්, නැණවතුනට දැනගැන්මත් දෙන සේක. උන්වහන්සේ ගැඹුරු හා සැඟවුණු දෑ හෙළි කරන සේක්, අඳුරේ ඇති දෑ දන්නා සේක. ආලෝකය, උන්වහන්සේ සමඟ වාසය කරයි. මගේ පියවරුන්ගේ දෙවියන්වහන්ස, මම ඔබට ස්තූතියත්, ප්‍රශංසාවත් දෙන්නෙමි. ප්‍රඥාවත්, බලයත් ඔබ මට දුන් සේක. අප ඔබගෙන් ඉල්ලූ දේ ඔබ මට දැනගන්නට සැලසූ සේක. රජුගේ සිහිනය ඔබ අපට දැනගන්නට සැලසූ සේක.”
දානියෙල් 2:19-23 Sinhala Revised Old Version (SROV)
එවිට රාත්‍රියේ දර්ශනයකින් ඒ රහස දානියෙල්ට එළිදරව්විය. දානියෙල් ස්වර්ගයේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කෙළේය. දානියෙල් කථාකොට: දෙවියන්වහන්සේගේ නාමයට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාවේවා; මක්නිසාද ප්‍රඥාවත් බලයත් අයිති උන්වහන්සේටය. කාලවල්ද ප්‍රස්තාවල්ද වෙනස්කරන්නෙත් රජවරුන් පහකරන්නෙත් රජවරුන් පත්කරන්නෙත් ප්‍රඥාවන්තයන්ට ප්‍රඥාවද නුවණ ඇත්තන්ට දැනුමද දෙන්නෙත් උන්වහන්සේය. ගැඹුරුවූ රහස්වූ කාරණා එළිදරව්කරන්නෙත් අන්ධකාරයෙහි තිබෙන දේවල් දන්නෙත් උන්වහන්සේය, ආලෝකයද උන්වහන්සේ සමඟ වාසයකරන්නේය. මාගේ පියවරුන්ගේ දෙවියන්වහන්ස, ඔබ මට ප්‍රඥාවත් බලයත්දී, අප ඔබගෙන් විචාළ කාරණය දැන් මට දන්වාදුන් බැවින් ඔබට ස්තුතිකරමි, ප්‍රශංසාකරමි. මක්නිසාද ඔබවහන්සේ රජුගේ කාරණය අපට දැන්වූසේකැයි කීවේය.
දානියෙල් 2:19-23 Sinhala New Revised Version (NRSV)
එදා රාත්‍රියේ දර්ශනයකින් ඒ අබිරහස දානියෙල්ට එළිදරව් විය. දානියෙල් ස්වර්ගයේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් මෙසේ කීවේ ය: “දෙවිඳුන්ගේ නාමයට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා වේ වා! මන්ද, ප්‍රඥාවත්, බලයත් එතුමන් සතු ය. කාලයන් ද අවස්ථාවන් ද වෙනස් කරන්නේත්, රජවරුන් පහ කරන්නේත්, පත් කරන්නේත්, පැණවතුන්ට දැනුම හා නැණවතුන්ට නුවණ දෙන්නේත් එතුමාණෝ ය. ගැඹුරු වූ අබිරහස් වූ දේ එළි කරන්නේත්, අඳුරේ ඇති දේ දන්නේත් එතුමාණෝ ය. ආලෝකය උන් වහන්සේ සිසාරා ඇත. මාගේ පියවරුන්ගේ දෙවිඳුනි, මා හට ඥාන ශක්තිය දුන් බැවින් ද අපේ යැදුමට සවන් දී රජුගේ පැනය ඔබ අපට පහදා දුන් බැවින් ද ඔබට මම තුති පැසසුම් කරමි.”
දානියෙල් 2:19-23 New International Version (NIV)
During the night the mystery was revealed to Daniel in a vision. Then Daniel praised the God of heaven and said: “Praise be to the name of God for ever and ever; wisdom and power are his. He changes times and seasons; he deposes kings and raises up others. He gives wisdom to the wise and knowledge to the discerning. He reveals deep and hidden things; he knows what lies in darkness, and light dwells with him. I thank and praise you, God of my ancestors: You have given me wisdom and power, you have made known to me what we asked of you, you have made known to us the dream of the king.”