දානියෙල් 2:12-16
දානියෙල් 2:12-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එයින් රජු කෝපයෙන් කොතරම් සැහැසි වී ද යත්, බබිලෝනියේ සියලු ප්‍රාඥයින් විනාශ කර දමන ලෙස නියෝග කළේ ය. එබැවින් ප්‍රාඥයින් මරා දමන ලෙසට ආඥාවක් නිකුත් කෙරිණි. දානියෙල් හා ඔහුගේ මිතුරන් මරා දමනු පිණිස, ඔවුන් සොයන්නට ද මිනිසුන් පිටත් කෙරිණ. රජුගේ ආරක්ෂක ප්‍රධානී, අරියොක් බබිලෝනියේ ප්‍රාඥයින් මරන පිණිස පිටත් ව ගිය කල, දානියෙල් ප්‍රඥාවත් ව හා උපායශීලී ව ඔහුට කතා කළේ ය. රජුගේ ප්‍රධාන නිලධාරී වන අරියොක් ඇමතූ ඔහු, “රජතුමා මෙතරම් දැඩි ආඥාවක් නිකුත් කළේ මන්දැ?” යි ඇසී ය. එවිට අරියොක්, දානියෙල්ට කාරණය විස්තර කළේ ය. එකල දානියෙල් රජු වෙත ගොස්, සිහිනේ අර්ථය රජුට පහදා දෙන පිණිස කල් ඉල්ලුවේ ය.
දානියෙල් 2:12-16 Sinhala Revised Old Version (SROV)
එබැවින් රජ කිපී ඉතා උදහස්වී, බබිලෝනියේ සියලු ශාස්ත්‍රවන්තයන් නැතිකරදමන්ට අණකෙළේය. මෙසේ ශාස්ත්‍රවන්තයන් මරන ලෙස නියෝග නිකුත්විය; එහෙයින් ඔව්හු දානියෙල් සහ ඔහුගේ සමාගම්කාරයන් මරන්ට සෙවුවෝය. එකල දානියෙල් බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් මරන පිණිස පිටත්ව ආ රජුගේ මුරකාරයන්ගේ ප්‍රධානියාවූ අරියොක්ට නුවණින්ද සිහියෙන්ද උත්තරදුන්නේය; ඔහු රජුගේ ඇමතියාවූ අරියොක්ට කථාකොට: මෙතරම් තද නියෝගයක් රජු වෙතින් පැමුණුණේ මක්නිසාදැයි ඇසුවේය. එකල අරියොක් ඒ කාරණය දානියෙල්ට දැන්විය. දානියෙල් ඇතුළට ගොස්, අර්ථය රජුට පෙන්වාදෙන පිණිස තමාට කල්දෙන හැටියට රජුගෙන් ඉල්ලුවේය.
දානියෙල් 2:12-16 Sinhala New Revised Version (NRSV)
එවිට රජතුමා අතිශයෙන් කෝපාවිෂ්ඨ වී බබිලෝනියේ සියලු ශාස්ත්‍රවන්තයන් මරාදමන්න නියම කෙළේ. ශාස්ත්‍රවන්තයන් මරන ලෙස නියෝගයක් ද නිකුත් කරන ලදී. ඒ නියමයේ පරිදි ඔව්හු දානියෙල් සහ ඔහුගේ සහායකයන් ද මරන්නට සෙවුවෝ ය. බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් මරන පිණිස පිටත් ව ගිය අරියොක් නම් රජුගේ වධකයාගේ ප්‍රධානියාට දානියෙල් ස්ථානෝචිත සිහි නුවණින් කතා කර, “මෙතරම් තද නියෝගයක් රජතුමා පනවා ඇත්තේ මන්දැ”යි ඇසී ය. අරියොක් ඒ කාරණය දානියෙල්ට විස්තර කර දුන්නේ ය. එවිට දානියෙල් රජු වෙත ගොස්, ස්වප්නයේ තේරුම පහදා දෙන පිණිස තමාට කල් දෙන හැටියට ඉල්ලුවේ ය.
දානියෙල් 2:12-16 New International Version (NIV)
This made the king so angry and furious that he ordered the execution of all the wise men of Babylon. So the decree was issued to put the wise men to death, and men were sent to look for Daniel and his friends to put them to death. When Arioch, the commander of the king’s guard, had gone out to put to death the wise men of Babylon, Daniel spoke to him with wisdom and tact. He asked the king’s officer, “Why did the king issue such a harsh decree?” Arioch then explained the matter to Daniel. At this, Daniel went in to the king and asked for time, so that he might interpret the dream for him.