දානියෙල් 2:1-3
දානියෙල් 2:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නෙබුකද්නෙසර්ගේ රාජ්ය සමයේ, දෙවන වසරේ නෙබුකද්නෙසර් සිහින දුටුවේ ය. ඔහුගේ සිත කැලඹිණි. ඔහුගේ නින්ද ඔහු හැර ගියේ ය. එබැවින් රජු, තමා දුටු සිහින කවරේදැයි තමාට කියා දෙන පිණිස, ඉන්ද්රජාලිකයින් ද මන්ත්රකරුවන් ද අනවිනකරුවන් හා කල්දිවරුන් ද කැඳවීමට නියෝග කළේ ය. එබැවින් ඔවුන් අවුත්, රජු අබියස සිටගත් කල, රජ ඔවුන් අමතමින්, “මට සිහිනයක් පෙනුණා. ඒ සිහිනය දැනගැනීමට මගේ ආත්මය කැලඹිලා” යි කීවේ ය.
දානියෙල් 2:1-3 Sinhala Revised Old Version (SROV)
නෙබුකද්නෙශර්ගේ රජකම් කිරීමේ දෙවෙනි අවුරුද්දේදී නෙබුකද්නෙශර් ස්වප්න දුටුවේය; එයින් ඔහුගේ ආත්මය කැලඹී, ඔහුගේ නින්ද ඔහුගෙන් පහව ගියේය. එවිට රජුගේ ස්වප්න රජුට දන්වන පිණිස මන්ත්රකාරයන්ටත් අනවිනකාරයන්ටත් මායාකාරයන්ටත් කල්දිවරුන්ටත් අඬගසන්ට රජ අණකෙළේය. ඔව්හු ඇවිත් රජු ඉදිරියෙහි සිටියෝය. රජද: මා ස්වප්නයක් දැක, ඒ ස්වප්නය දැනගන්ට මාගේ ආත්මය කැලඹී තිබේයයි ඔවුන්ට කීය.
දානියෙල් 2:1-3 Sinhala New Revised Version (NRSV)
නෙබුකද්නෙශර් රජකම් කරන දෙ වන අවුරුද්දේ දී ඔහු ස්වප්න දුටුවේ ය. එයින් ඔහුගේ සිත බොහෝ සේ කැළඹුණේ ය; නිදාගන්න වත් ඔහුට නොහැකි විය. එවිට රජු දුටු ස්වප්නය ඔහුට දන්වන පිණිස මන්ත්රකාරයන් ද අනවිනකාරයන් ද මායාකාරයන් ද කල්දිවරුන් ද කැඳවන්න රජතුමා අණ කෙළේ ය. ඔව්හු අවුත් රජතුමා ඉදිරියේ පෙනී සිටියෝ ය. රජතුමා ඔවුන් අමතා, “මම ස්වප්නයක් දිටිමි. ඒ ස්වප්නය කුමක් දැ යි දැනගැනීමට මාගේ සිත කැළඹී ඇතැ”යි ඔවුන්ට කී ය.
දානියෙල් 2:1-3 New International Version (NIV)
In the second year of his reign, Nebuchadnezzar had dreams; his mind was troubled and he could not sleep. So the king summoned the magicians, enchanters, sorcerers and astrologers to tell him what he had dreamed. When they came in and stood before the king, he said to them, “I have had a dream that troubles me and I want to know what it means.”