ආමොස් 5:18-27 - Compare All Versions
ආමොස් 5:18-27 SROV (Sinhala Revised Old Version)
ස්වාමීන්වහන්සේගේ දවසට ආශාවන්නෙනි, නුඹලාට දුක්වේ! ස්වාමීන්වහන්සේගේ දවස නුඹලාට ඕනෑකරන්නේ මක්නිසාද? එය ආලෝකය නොව අන්ධකාරයය. එය සිංහයෙකු ඉදිරියෙන් මනුෂ්‍යයෙක් පලායද්දී වලසෙකුට අසුවෙන්නාක්මෙන්ය; නොහොත් ගෙට ඇතුල්වී තමාගේ අත භිත්තියේ තබන විට සර්පයෙක් ඔහුට දෂ්ටකරන්නාක්මෙන්ය. ස්වාමීන්වහන්සේගේ දවස එළිය නොව අඳුර නොවන්නේද? දීප්තියක් නැතිව ඉතා කළුවරව නොතිබෙන්නේද? නුඹලාගේ මංගල්‍යවලට ද්වේෂකර ඒවා සුළුකොට සිතමි, නුඹලාගේ මංගල්‍ය රැස්වීම්වලටද මම ප්‍රසන්න නොවෙමි. නුඹලා දවන පූජාද නුඹලාගේ ආහාර පූජාද මට ඔප්පුකරන නුමුත් ඒවා පිළිනොගන්නෙමි. නුඹලාගේ තර සතුන්ගෙන් ඔප්පුකරන ශාන්ති පූජාවන්ද නොසලකන්නෙමි. නුඹේ ගීතිකා ඝෝෂාව මා වෙතින් අහක්කරගන්න; නුඹේ වීණා නාදයත් නාසන්නෙමි. නුමුත් යුක්තිය ජලය මෙන්ද ධර්මිෂ්ඨකම බලවත් දියපාරක් මෙන්ද ගලායාවා. එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලා යාගද ආහාර පූජාද කාන්තාරයේදී සතළිස් අවුරුද්දක් මට ඔප්පු කළහුද? එසේය, නුඹලාගේ රජුගේ මණ්ඩපයත් නුඹලා සාදාගත්තාවූ නුඹලාගේ දේවරූපවූ කීයුන් වන නුඹලාගේ දෙවියන්ගේ තාරකාවත් නුඹලා ගෙනගියහුය. ඒ නිසා දමස්කයෙන් එපිටට වහල්කමට නුඹලා යවන්නෙමියි සේනාවල දෙවියන්වහන්සේ නම්වූ ස්වාමීන්වහන්සේ කියනසේක.
ආමොස් 5:18-27 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ස්වාමින්වහන්සේගේ දවස ගැන දැඩි ආශාවෙන් සිටින අයට දුක් වේ! ඔබ ස්වාමින්වහන්සේගේ දවස බලා සිටින්නේ ඇයි? එය අන්ධකාරය ය. ආලෝකය නො වේ. ඒ දවස, සිංහයකුගෙන් බේරෙන්නට දුවන මිනිසාට වලසකු හමුවන්නා වැනි ය. තම නිවසට පිවිසෙන මිනිසා ගෙදර බිත්තියට අත තැබූ කල, සර්පයකු දෂ්ට කරන්නා වැනි ය. ස්වාමින්වහන්සේගේ දවස අන්ධකාරය ම නො වන්නේ ද? එය ආලෝකය නො වේ. එක් බිඳකුදු දීප්තියක් නැති කළුවර ම ය. “නුඹලාගේ ආගමික මංගල්‍යවලට මම ද්වේෂ කරමි; ඒවා නීච කොට සලකමි. නුඹලාගේ එක් රැස්වීම් මට රුස්සන්නේ නැත. ඔබ මට දවන යාග පූජා ගෙනෙතත්, ධාන්‍ය පූජා ගෙනෙතත්, මම ඒවා නො පිළිගන්නෙමි. ශාන්ති පූජා සඳහා තර කළ සතුන් ගෙනෙතත්, මම ඒ දෙසවත් නො බලමි. ඔබේ ගීත කරච්චලය නවත්වන්න. ඔබේ වීණා සංගීතයට මම සවන් නො දෙන්නෙමි. එහෙත් යුක්තිය ගංගාවක් සේ ද දමිටුකම සදා නො සිඳෙන දිය දහරක් සේ ද ගලා යේවා! “පුරා හතළිස් වසරක් පාළුකරයේදී නුඹලා මා වෙත යාග හා පූජා ගෙන ආවා ද, එම්බා ඉශ්‍රායෙල් වංශිකයිනි? නුඹලා, නුඹලාගේ රජුන්ගේ ධාතුකරඬු ද නුඹලා උදෙසා නුඹලා ම තනා ගත් නුඹලාගේ දේව පිළිමත්, නුඹලාගේ දෙවියන්ගේ තාරකාවත් ඔසවා ගත්තහු ය. එබැවින්, මම දමස්කය පුරයෙනුත් එපිටට නුඹලා රටින් පිට මං කර දමන්නෙමි” යි සේනාංකවල දෙවියන්වහන්සේ යන නාමය ඇති ස්වාමින්වහන්සේ පවසන සේක.
ආමොස් 5:18-27 NRSV (Sinhala New Revised Version)
සමිඳාණන් වහන්සේගේ පැමිණීමේ දවස ආසාවෙන් බලා සිටින ඔබට වන්නට යන විපතක මහත! ඒ දවසේ ඔබට කිසි යහපතක් වෙයි ද? එය ආලෝකයේ දවසක් නොව, අන්ධකාරයේ දවසක් වන්නේ ය. ඒ දවසේ දී සිදු වන්නේ, සිංහයෙකුගෙන් බේරී දුවන මිනිසෙකු වලසෙකුට අසුවීම වැනි දෙයකි. නැතහොත්, මිනිසෙකු තම නිවෙසට පැමිණ බිත්තියේ අත තැබූ විට සර්පයෙකු දෂ්ට කිරීම වැනි දෙයකි. සමිඳාණන් වහන්සේගේ පැමිණීමේ දවසේ දී ඇතිවන්නේ, අන්ධකාරය මිස ආලෝකය නොවේ. එය දීප්තියක් නැති තිත්ත කළුවර දවසක් වන්නේ ය. “නුඹලාගේ මංගල්‍යවලට මම ද්වේෂ කරමි. ඒවා මට රුස්සන්නේ නැත. නුඹලා දවන යාග පූජා ද ආහාර පූජා ද මට ඔප්පු කරන නමුත්, මම ඒවා නොපිළිගනිමි. සහභාගිකමේ පූජා වශයෙන් මට ඔප්පු කරන පිණිස නුඹලා තර කළ සතුන් මම නොපිළිගනිමි. නුඹලාගේ ගීත ඝෝෂාව නතර කරන්න; නුඹලාගේ වීණා නාදයට මම සවන් නොදෙමි. යුක්තිය ගලා බහින දිය දහරක් මෙන් ද ධර්මිෂ්ඨකම නොසිඳී ගලන ගඟක් මෙන් ද පැවතිය යුතු ය. “ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා සතළිස් අවුරුද්දක් මුළුල්ලේ පාළුකරයේ සිටිය මට පුද පූජා ඔප්පු කළහු ද? නැත. එහෙත් නුඹලා, දැන් නුඹලා උදෙසා ම තනාගත් ‘සක්කුත්’ සහ ‘කයිවාන්’ යන ග්‍රහ දේව රූප කර තබාගෙන යන්නහු ය; එබැවින් මම දමස්කයෙන් එපිට රටක වහල්කමට නුඹලා ගෙනයන්නෙමි”යි සියලු බලැති දෙවියන් යන නම ඇති සමිඳාණන් වහන්සේ වදාරන සේක.
ආමොස් 5:18-27 SNRV (Sinhala New Revised Version 2018)

ආමොස් 5:18-27 NIV (New International Version)
Woe to you who long for the day of the LORD! Why do you long for the day of the LORD? That day will be darkness, not light. It will be as though a man fled from a lion only to meet a bear, as though he entered his house and rested his hand on the wall only to have a snake bite him. Will not the day of the LORD be darkness, not light— pitch-dark, without a ray of brightness? “I hate, I despise your religious festivals; your assemblies are a stench to me. Even though you bring me burnt offerings and grain offerings, I will not accept them. Though you bring choice fellowship offerings, I will have no regard for them. Away with the noise of your songs! I will not listen to the music of your harps. But let justice roll on like a river, righteousness like a never-failing stream! “Did you bring me sacrifices and offerings forty years in the wilderness, people of Israel? You have lifted up the shrine of your king, the pedestal of your idols, the star of your god— which you made for yourselves. Therefore I will send you into exile beyond Damascus,” says the LORD, whose name is God Almighty.