ක්‍රියා 8:6-13 - Compare All Versions
ක්‍රියා 8:6-13 SCV (සිංහල කාලීන පරිවර්තනය)
පිලිප් කී දෑ ඇසූ, ඔහු කළ හාස්කම් දුටු සමූහයා, ඔහු පැවසූ දෑට එකාවන් ව අවධානය යොමු කළහ. මර හඬ නගමින්, අශුද්ධාත්ම ඔවුන් ආවේශ ව සිටි බොහෝ දෙනකුගෙන් දුරුව ගියහ. අංසබාග රෝගීහු ද කොරු ද බොහෝ දෙනෙක් සුව කරන ලදහ. එබැවින් ඒ නගරයේ මහා ප්‍රීතියක් හට ගැනිණි. කලක් මන්තර විජ්ජා මගින් මුළු සමාරි ජනයා විස්මපත් කළ සීමොන් නම් මිනිසෙක් මේ නගරයේ විසී ය. තමා මහ උත්තමයෙකැයි ඔහු තමන් ගැන ම පුරසාරම් දෙඩී ය. ඒ නගරයේ විසූ උස් පහත් සැවොම ඔහුට ගරු සැලකිලි දක්වමින්, “ ‘ප්‍රභූ’ නම් දෙවියන්ගේ බලය මොහු යැ” යි පැවසූහ. ඔවුන්, ඔහුට ගරු සැලකිලි දැක්වූයේ බොහෝ කලක් ම මන්තර විජ්ජා මගින් ඔහු ජනයා පුදුමයට පත් කළ බැවිනි. එහෙත් පිලිප් දෙවියන්වහන්සේගේ රාජ්‍යය හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ගැන ශුභාරංචිය දේශනා කළ විට, ඔවුහු ඔහු විශ්වාස කළහ; ගැහැණු හා පිරිමි දෙගොල්ල ම බව්තීස්ම කරන ලදහ. සීමොන් ද විශ්වාස කර, බව්තීස්ම කරනු ලැබී ය. පිලිප් යන යන තැන ඔහු පසු පස ගිය හෙතෙම, පිලිප් දැක් වූ බලවත් ලකුණු හා හාස්කම් දකිමින් විස්මපත් වූයේ ය.
ක්‍රියා 8:6-13 SROV (Sinhala Revised Old Version)
සමූහයෝ ඇහුම්කන්දී, පිලිප් කළ ආශ්චර්යයන් දුටු කල, ඔහු කී කරුණු එක්සිත්ව සැලකුවෝය. කුමක්හෙයින්ද අශුද්ධාත්මයන් වැහී සිටි බොහෝ දෙනෙකුගෙන් ඒ ආත්මයෝ මහත් හඬින් මොරගසමින් අහක්වගියෝය. බොහෝ අංශභාග රෝගීහුද කොරුද සුවකරනු ලැබුවෝය. ඒ නුවර මහත් ප්‍රීතියක් වූයේය. නුමුත් ඒ නුවර ප්‍රථමයෙන් මායා අභ්‍යාසකළාවූ, තමා උත්තමයෙකැයි ප්‍රකාශකරමින් සමාරිය වැසියන් විස්මිත කළාවූ සීමොන් නම් මනුෂ්‍යයෙක් සිටියේය. මේ තෙමේ ශ්‍රේෂ්ඨයයි කියන දෙවියන්ගේ බලයයයි කියමින්, කුඩා අය පටන් ලොකු අය දක්වා හැමදෙනා ඔහුට ඇහුම්කන්දුන්නෝය. ඔවුන් විසින් ඔහු එසේ සලකනලද්දේ ඔහුගේ මායාවලින් බොහෝ කලක පටන් ඔවුන් විස්මිතකළ නිසාය. නුමුත් ඔව්හු දෙවියන්වහන්සේගේ රාජ්‍යයද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයද ගැන ශුභාරංචි දේශනාකළාවූ පිලිප් විශ්වාසකොට, පුරුෂයෝද ස්ත්‍රීහුද බව්තීස්මකරනු ලැබුවෝය. එකල සීමොන්ද විශ්වාසකොට, බව්තීස්ම කරනු ලැබ, පිලිප් සමඟ නිතර සිට, ඔහු කළ හාස්කම්ද මහත් ආශ්චර්යයන්ද දැක විස්මිතවූයේය.
ක්‍රියා 8:6-13 NRSV (Sinhala New Revised Version)
පිලිප් කී දේ ඇසූ, ඔහු කළ අරුමපුදුම දේ දුටු, ජන සමූහයෝ ඔහුට එක සිතින් සවන් දුන්හ. අශුද්ධාත්මයන් වැහී සිටි බොහෝ දෙනෙකුගෙන් ඒ ආත්මයෝ මහ හඬින් මොරගසමින් දුරු වී ගියහ. බොහෝ අංශභාග රෝගීහු ද කොරු ද සුව කරනු ලැබූ හ. ඒ නුවර මහත් ප්‍රීතියක් ඇති විය. එකල ඒ නුවර ඊට කලින් අනවින කරමින් සිටි, තමා මහා උත්තමයෙකැ යි පුරසාරම් දෙඩූ, සමාරීය ජනතාව මවිත කළ, සීමොන් නම් එක්තරා මිනිසෙක් සිටියේ ය. පරාක්‍රමයාණෝ යයි නම් ලත් දෙවියන්ගේ බලය මොහු යයි කියමින්, ලොකු කුඩා හැම දෙනා ම ඔහුට සාවධාන ව සවන් දුන්හ. ඔවුන් ඔහුට එසේ සවන් දුන්නේ ඔහුගේ අනවිනවලින් කාලයක් තිස්සේ ඔහු ඔවුන් මවිත කළ නිසා ය. එහෙත් පිලිප් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ද ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමය ද ගැන සුබ අස්න දේශනා කළ විට, ඔව්හු ඔහු විශ්වාස කළහ. ස්ත්‍රීහු ද පුරුෂයෝ ද බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. එපමණක් නොව සීමොන් ද විශ්වාස කොට, බව්තීස්ම-ස්නාපනය කරනු ලැබ, පිලිප් සමඟ නිරතුරු සිටිමින්, ඔහු කළ අරුමපුදුම දේ ද ප්‍රබල ක්‍රියා ද දැක මවිත විය.
ක්‍රියා 8:6-13 SNRV (Sinhala New Revised Version 2018)

ක්‍රියා 8:6-13 NIV (New International Version)
When the crowds heard Philip and saw the signs he performed, they all paid close attention to what he said. For with shrieks, impure spirits came out of many, and many who were paralyzed or lame were healed. So there was great joy in that city. Now for some time a man named Simon had practiced sorcery in the city and amazed all the people of Samaria. He boasted that he was someone great, and all the people, both high and low, gave him their attention and exclaimed, “This man is rightly called the Great Power of God.” They followed him because he had amazed them for a long time with his sorcery. But when they believed Philip as he proclaimed the good news of the kingdom of God and the name of Jesus Christ, they were baptized, both men and women. Simon himself believed and was baptized. And he followed Philip everywhere, astonished by the great signs and miracles he saw.